මේ දූෂිත රජය පෙරළා දැමූ දාට පංගු පේරුවක් නැතිව සියලු දෙනාට ද, ‘අපේ පැත්තේ නොසිටියත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට ද සාධාරණය ඉටුවෙතියි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා බණ්ඩාරගම දී පැවැසීය. ‘අකුරැස්සේ දී හා තංගල්ලේ දී රජයේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් අතවරයට ලක්වූවනට ද හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පියා ඝාතනය කළ වුණට දඬුවම් පමුණුවා හිරුණිකාට ද සාධාරණය මේ රජයෙන් ඉටුවන්නේ නැහැ. එය ඉටුවන්නේ මේ රජය පරාජය කළදාටයි‘. යනුවෙන් ද පොන්සේකා කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුනිකාට විතරක් නෙවෙයි ජෙනරාල් තුමනි, ලංකාවාසී හැමෝටම සාධාරණය ඉටු කරන්න (දී)
හා හා ෂෝක් කතාව .ඔහොම යන්..(ස)
මෙතුමා දැන් සංවරවෙලා..(ස)
හිරුණිකාත් පස්සෙ දෑත් ශක්තිමත් කරයිද දන්නෙ නැහැ (නි)
සාධාරණයක් අවශ්‍ය නෑ .මොකද දැන් මුකුත් මතක නෑනේ එයාටත්.(ස)
සන්තෝසයි
එකට තමයි නිතිය ඉටුකරනවා කියන්නේ (දී)
ඔබ තුමාගේ කෙලින් මිනිහෙක් (දී)
අපිට නම් මොකද
ඒක අපි දන්නවා ජෙනරාල් තුමනි (දී)
අසාධාරණය වෙනුවෙන් සාධාරණය (දී)
දැන් හිරුණිකා හරිම ප්‍රසිද්ධයිනේ (නි)
ඒත් ඒක තවම හිරුණිකාට තේරිලා නැහැ (නි)
අපි බලා ඉන්නවා
එක හොදයි
ජෙනරාල් තුමාට ජයවේවා (දී)
ඇත්ත. දැන් ඒ ළමයගේ කලවයසත් හරි (නි)
එසේ නොකලොත් ලොකු අසාධාරනයක් වෙනවා
අපි දන්නවා මහත්තයෝ, කොහෙද ඉතින් එකට ඉඩක් (දී)
ඊටකලින් කරන්න කොච්චර දේවල් තියෙනවද සර්? (නි)
හීනෙන්ද මේ කියවන්නේ.(ස)
එස්.එප්ට ජයවේවා!(නදී)
ලංකාවේ සැවොම බලා ඉන්නවා
එය එසේම විය යුතුයි
ඇමක්ද ? (ස)
සද්දේ නැතුව පාඩුවේ නොයිද ඔන්න ආයෙත් පටන්ගත්තා..(ස)
සර් , දැන් එයාටත් මුකුත්ම මතක නෑ....(ස)
යථාර්ථයක් වේවිද ? (ස)
ඔබතුමා හරි
යුක්තිය උදෙසා කෑමොරදීමයි..... (ස)
මමත් මේ හිතාගෙන හිටියේ සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ කොහොමද කියලා..(ස)
අනේ මෙහෙම රටක්
හිරුණිකා තමන් කවුද කියා මේ වන විට පෙන්වා ඉවර බැවින් ඇය වටා වටවී සිටි අය බැණ බැණ ගෙවල් බලා යමින් සිටිති. මා දරන අදහස නම් ඔබතුමා ක්‍රියාකාරී දේශපාලනයට ඒමට පෙර ඔබේ කැබිනට එකට සුදුසු අවම විසිදෙනෙක්වත් ජනතාවට නම් කරන ලෙසය. මෙය කිරීමට ගිය තැන ඔබතුමාට මෙහි බැරෑරුම් බව පෙනෙනු ඇත. (නි)
හීනෙන්ද ?? (ස)
එසේ වෙනවානම් හොදයි
මමනම් මෙයාට කිසිම අනුකම්පාවක් කරන්නෑ..(ස)
හිරුණිකා, කෝකටත් පරිස්සමින්. හැබැයි ඉතින් එයා මේ දකින හීන කවදාවත් හැබැවෙන ඒවා නම් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ. පවු කියලත් හිතෙනවා. (නි)
දැන් කොහොමද ඔය සාධාරණය ඉටුකරන්නේ? (නි)
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි (නි)
සරත් මහත්තයා ගැන හොදට දන්නෙ හමුදාවේ හිටපු අයයි (නි)
බලන්න මොන තරම් හොදද
අදහස හොද වුණත්, කවදා ඉටුවේවිදෝ කියන එකයි ප්‍රශ්නේ. (නි)
මාලුවා නහින්නේ කට හින්දා කියලා කියමනක් තියෙනවනේ (නි)
අන්න අපේ ජෙනරල්තුමා හරි (නි)
බෑනාටත් සාධාරණය ඉෂ්ට කරනවද? (නි)
දැන් සාධාරණයක් අවශ්‍ය වෙන එකක් නැහැ. දැන් එයාටත් අමතක වෙලා වගෙයි (නි)