පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගෙන ගොස් මග දමා ගියැයි කියන හය දෙනා ප්‍රශ්න කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් බදාදා (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඩිෆෙන්ඩරය ද පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුණිකා මේ ගැන මොකද කියන්නේ? (නි)
අපි මෝඩයෝ කියලා හිතන්න එපා. මෙයාලත් මෙහෙම කරනවා නම් අනිත් අය ගැන කවර කතාද? (නි)
අනේ ඇත්තට අපිට දකින්න ලැබෙන දේවල්! (නි)
මොහාන්, පාට කණ්ණාඩි ඉවත්කර ඇත්ත ඇතිසැටියෙන් දකින්න (නි)
තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ පැහැරගත්තේ නැහැ, මමම පැහැර ගැනුනා කියලා (නි)
මැති ඇමතිවරුන්ගේ වාහන අත්අඩංගුවට ගැනීම මම නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මේකෙන් වෙන්නේ පාලකයින්ට ජනතාවගේ ප්‍රසාදය නැතිවෙන එක. (නි)
මේක කාගේ වැඩක්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
එයාලට ඉතින් ඩිෆෙන්ඩර්. ඒත් අපිට? (නි)
ලෙස්ලි ඉන්නේ මේ ලෝකේ නෙමෙයිද? (නි)
තුන්වැනි ලෝකයේ දුෂණ නැතිකරන්න බුදුන්,ජේසුස් මහම්මඩ් ආයෙත් පහල වෙන්න වෙයි..යහපාලනය කියන්නේ පාලනය තන්ත්‍රය යහපත් වීමයි පාලකයින් පත් කලේ දුෂණ කුරිරු කම් වලින් පිරුන මහජනයා .දුෂණ අඩුකරන්න යහපත් නිලධාරීන්ට පුළුවන්. සුබ දැක්මක් පෙන බව මට කියන්න පුළුවන් (කෞ)
මේක තමයි අපි බලාපොරොත්තු වෙච්ච යහපාලනය.තරාතිරම කුමක් වුවත් නිතිය ක්‍රියාත්මක විය යුතුයි.මේක තමයි ඕනේ කල වෙනස. (කෞ)
ඉස්සර කෑගැහුවා සුදු වෑන් කියලා දැන් කියන්න වෙන්නේ සුදු ඩිෆෙන්ඩර් කියලද දන්නේ නෑ.(හේ)
සෝලංගට දුන්නද (බ)
මගේ රට දැන් හරි පාරට වැටිලා තියෙන්නේ. කට්ටියකට කාලා ඉන්න බෑ. මතකනේ ඒ කාලේ සුදු වෑන් (බ)
අපරාදයක් කිරීමට උදවු කිරීමත්, කුමන්ත්‍රන කිරීමත්,එයට පහසුකම් සැපයීමත් වැරද්දක් නේද, (කෞ)
මේ ආණ්ඩුවේ ඉන්න අකෙක් දෙන්නෙක් පිස්සු කෙලින්න පුළුවන්. ඒ අයට දඩුවම් දෙනවා ඒක තමා යහපාලනය. හැමෝටම ඒක නීතියක්. ඉස්සර එහෙම නැහැ . ගුරුවරු දණගැස්සුව මතකනේ. මෙතන සමහරුන් ඒව මතක නැහැ මහින්දට කඩේ යනවා. (බ)
නිරාන්, තමන්ගේ අදහස කියන්නට පෙර වෙනත් අයගේ අදහසුත් පොඩ්ඩක් කියවන්න. ඊට ඉස්සර යහපාලන දේශපාලකයෝ කියපු දේවලුත් මතකයේ තියාගෙන අදහස් දැක්වුවොත් හොඳයි. ඉස්සර සුදු වෑන් සංස්කෘතිය වෙනස් කළයුතු නිසානේ ජනතාව යහපාලනය බලයට ගෙනාවේ. සාධාරණය වෙනුවෙන් යහපාලනය තුළ පරසක්වල ගහපු හිරුණිකාලා අතින්ම මෙහෙම දේවල් සිදුවීම තුළින් කියවෙන්නේ බලය ලැබුනහම ඔක්කොම එකයි කියන එක නේද? (නි)
ඔහොම යන්න. ඉතා ඉක්මනින් සිදුවිය යුත්ත සිදුවේවි (නි)
අද සාමාන්‍ය කෙනෙකුට පහර දුන්නත්, ප්‍රභල මන්ත්‍රී කෙනෙක්ගෙ වාහනයක්, පිරිසක් වුණත් නීතිය ඉදිරියට ගෙනෙනවා. එදා මහ දවල් උස්සපු, මරපු මිනිස්සු ගැන අද කිඹුල් කදුළු හෙළන අය මොකද කිවුවෙ? මොකුත් නැහැ. මේක තමා යහපාලනය... (නි)
හිරුනිකා නෙමෙයි රටේ මහරජා,මහරැජින වුනත් වරදක් කරලා තියෙනවනම් දැඩි දඩුවම් දෙන්නම වෙනවා.ඒකයි "යහපාලනය" කියන එකේ සබැ තේරුම. (කෞ)
දිල්ෂාන්ලට අතීතය මතක නැහැ. කඩේයන එක දැන්වත් නවත්වනවා නම් හොඳයි. වැරදි දේ වැරදි කියන්නත් හරි දේ හරි කියන්නත් පුරුදුවෙන්න. දුෂණ වෙනවා. ඒක නවත්වන්න අමාරුයි. නීතිය ක්‍රියාත්මක වන එක ගැන සතුටු වෙන්න (නි)
ඉස්සර සුදු වෑන් වලින් උස්සලා මරලාදාපු තරුණයන් ගැන කිසිම කෙනෙක් කතාකළේ නැහැ. ඒ මොකද කියන එක අපිටත් ප්‍රශ්නයක් (නි)
මිනීමරු ප්‍රභාකරන් බිහි කරපු මිනීමරු සංස්කෘතියත්,රාජපක්ෂ පරම්පරාව විසින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රටේ ඇති කල ඇතැම් වැරදි සංස්කෘතියත් දැන් වෙනස් වෙමින් පවතිනවා.ඒ ගැන හරිම සතුටුයි. (කෞ)
සුදු වැන් මිනීමරු සංස්කෘතිය නිසා මොන තරම් තරුණයන් පිරිසක් ජිවිත පුජ කරලා තිබෙනවද?උදාහරනයකට අන්තරේ තරුණයන් දෙන්න... (කෞ)
ඉස්සර හිටිය "ග්‍රීස් යක්කු","සුදු වැන්"..... දැන් නැහැ.දෙවියනේ කියල බියක් සැකයක් නැතිව ජිවත් වෙන්න පුළුවන්. (කෞ)
මේ දේශපාලඥයින්ට වඩා ඇගේ පතේ අමාරුවක් එයාලගේ ආරක්ෂකයින්ට තියනවා. පාරේ මිනිස්සු හප්පගෙන යන හැටියෙන්ම හිතා ගත්තැකිනේ. යන්නේ උඩින්, බිම වැටුනු දාට කෑලිත් නෑ.(කෞ)
යහපාලනයේ හංස ගීතය. (කෞ)
මන්ත්‍රීවරයෙක් මරපු මිනිහව බේරලා රට යවපු කාලය අපේ සමහරකට අමතක වෙලා. දැනට හොඳයි. නමුත් ඉදිරියට වෙන්නේ මොනවද කියලා අපි බලාගෙන ඉන්නවා. (කෞ)
යහ පාලනයත් ඔන්න පටන් අරන් ,,, (කෞ)
ඕක මාධ්‍යට ගොතාපු චිත්‍රපට කතාවක්. (කෞ)
මෙම සිද්දියේදී හිරුනිකාගේ කට්ටිය වරදක් කර ඇත .ඔවුන් දඩුවම් විදිය යුතුයි .නමුත් රටේ යහපාලනයක් ඇති බව හොදින් පැහැදිලි වෙනවා මේ අත්අඩංගුවට ගැනීම තුලින් .පසුගිය රජය කාලේ මෙහෙම නිතිය ක්‍රියාත්මක වුනේ නැති තැන් ඕනෑතරම් තිබෙනවා (කෞ)
තිලක් ඩුබායි කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද මන්දා? (නි)
දැක්කා නේද මේයාගේ බලය.(හේ)
බලය තියන කොට සියලු දෙනාම එකයි. (ස)
ලෙස්ලි ලෝව් කොහේ තියන යහපාලනයක්ද?තියනවනං මෙහෙම උස්සන් යනවද?අත්අඩංගුවට ගත්තේ මේක මාධ්‍ය මගින් ප්‍රචාරය උණු නිසා. (ස)
අස්සයන්ට අං ආවම ඔව්ව වෙනවා. (ස)
රටේ යහපාලනයක් ඇති බවට හොද සාක්ෂියක් මේක ඉස්සර මන්ත්‍රීලාගේ වාහන අත්අඩංගුවට ගත්තාද? (ස)
"මට මතක නැහැ, මම දන්නේ නැහැ" කියමන් දැන් හරි ජනප්‍රියයි නේද? (නි)
පව් නේද අපේ දේශපාලන පාක්ෂිකයෝ? (නි)
මේ සියල්ලම දේශපාලන නාටක ලෙසයි මම නම් දකින්නේ. (නි)
ප්‍රසන්න තවම හොඳ චිත්‍රපටියක් බලලා නැහැ වගේ (නි)
අවවාද කරලා හය දෙනාව නිදහස් කරලා, ඊට දින කීපයකට පසු වාහනය නිදහස් කරයිද දන්නෙ නැහැ. අපි සෙවිල්ලෙන් ඉන්නේ.... (නි)
දෙනෙත් පියා ගත්දිනයේ නුඹේ පියා..... හද ඇවිළෙනා ගිනි දැනුනද දුවේ එදා..... නුඹත් මෙලෙස අන් අයටත් රිදවනදා... වෛරය සන්සිඳෙන්නේ නැහැ සසර පුරා...... (නි)
අනේ මාවත් අරන් යන්නකෝ හිරුනි අක්කියෝ. (ස)
මොනවද මේ කරන වැඩ? අපිට නම් ලැජ්ජයි ඔබ ගැන (නි)
යහපාලනයේ රඟ දැනේවි ඉදිරියට (නි)
සමහරු කොහොමත් උඩ පනිනවා වැඩියි. ඉස්සරත් කීප තැනකටම ගිහින් කළදේවල් කාට කාටත් මතක ඇතිනේ. (නි)
කොළොන්නාවේ වැසියෙකු හැටියට, මේ ක්‍රියා ගැන මම දුක්වෙනවා (නි)