මෙවර අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේදී සිදුවිය හැකි අක‍්‍රමිකතා වැලැක්වීමේ පියවරක් ලෙස අවශ්‍ය වුවහොත් ක‍්‍රීඩකයන්ගේ ජාතික හැදුනුම්පත් ඉදිරිපත් කළයුතු බවට සියලූම පාසල්වලට දැනුම්දී ඇති බව පාසල් රග්බි සංගමයේ වයස 20 න් පහළ තරගාවලි ලේකම් ගාමිණි සරත්චන්ද්‍ර මහතා පැවසීය.
තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව කළ විමසුමකදී තරගාවලි ලේකම්වරයා මෙසේ ද පැවසීය.
‘‘පසුගිය කාලයේ සිදුවූ දේවල් අවම කර ගැනීමේ අරමුණින් අපි සියලූම කණ්ඩායම් බාර ගුරුවරුන්ට දන්වා තිබෙනවා අවශ්‍ය වුවහොත් සියලූම ක‍්‍රීඩකයන්ගේ ජාතික හැදුනුම්පත් සුදානම් කර තබාගත යුතු බවට, පැමිණිල්ලක් ලැබුණොත් සංගමයේ හැදුනුම්පතට අමතරව ජාතික හැදුනුම්පත ද පරීක්‍ෂා කරනවා’’
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග ආරම්භ කරමින් කොළඹ රාජකීය විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර තරගය රාජකීය විදුහල් රග්බි පිටියේදී ද, ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර තරගය සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී ද, අනිද්දා (15) පැවැත්වේ.
පළමු කොටස
‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන පාසල්:
ඉසිපතන, ත‍්‍රිත්ව, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ රාජකීය, මහනුවර කිංග්ස්වුඞ්, මරදාන ශාන්ත ජෝශප්, ගල්කිස්ස විද්‍යා, කටුගස්තොට ශාන්ත අන්තෝනි, මහනුවර ධර්මරාජ සහ වෙස්ලි
‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන පාසල්:
කොළඹ ඞී. එස්. සේනානායක, ගල්කිස්ස සාන්ත තෝමස්, තර්ස්ටන්, කොළඹ මහානාම, මහනුවර ශාන්ත සිල්වෙස්ටර්, කොළඹ නාලන්දා, බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර, ලූමිබිණි, වේල්ස් කුමර සහ කොළඹ ආනන්ද
‘සී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන පාසල්:
කොළඹ කේරී, ශාන්ත බෙනඩික්, පානදුර රාජකීය, නුගේගොඩ ශාන්ත ජෝන්, කුරුණෑගල මලියදේව, කුරුණෑගල ශාන්ත ආනා, මාතලේ ශාන්ත තෝමස්, පන්නිපිටිය ධර්මපාල, පිළියන්දල මැදි මහ විදුහල, ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි
(ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරට ක‍්‍රීඩා කිරීම වැළැක්වීමට ජාතික හැදුනුම්පත අනිවාර්යයි ?
රෙක්ස් Thursday, 14 March 2013 09:01 AM
ලංකාවේ හොරට ගහන ලේඛන වලින් හැදුනුම්පතට හිමිවන්නේ ප්‍රධාන තැනක්. (නි)
සහන Thursday, 14 March 2013 10:50 AM
ජයවේවා ...ජයවේවා ... (දී)
කවීන් Thursday, 14 March 2013 04:26 AM
හොර වැඩ නවත්වන එක හොදයි (දී)