ඒකාබද්ධ විපක්ෂයේ පාගමන අද (31) නිට්ටඹුව හොරගොල්ල සමාධිය අසලින් යන නිසා හොරගොල්ල වලව්ව අසලට සහ සමාධිය අසලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

සමාධියට ඇතුළු වන ගේට්ටුව ඉදිරිපිට පොලිස් බැරියරයක් යොදා ඇත.

පොලිසියේ පනහක් පමණ ඒ අසල සිටිති.

හොරගොල්ල සමාධියට ගල් ගැසූ පුද්ගලයකු ද පාද යාත්‍රාවේ යන නිසා සමාධියට ආරක්ෂාව දෙන ලෙස හිටපු ජනපතිනියගේ පාර්ශ්වයෙන් පොලිසියෙන් ඉල්ලා තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවක් හොරගොල්ල සමාධියේ ඉදි කර තිබේ.

_MG_2456 _MG_2457 IMG_2538 IMG_2539 IMG_2540 IMG_2541

ඡායාරූප -  කෞශල්‍ය සමින්ද