‘මම හොරගොල්ල වලව්වට ගියාම දැක්කා අලියකුයි ගෙම්බෙකුයි ඉන්නවා. මම ඇහුවා සයිමන් අයියාගෙන් අයියේ මොකද මේ ගෙම්බෙකුයි අලියකුයි ඉන්නේ කියා. සයිමන් අයියා කිව්වා මහත්තයෝ අලියටත් නීතිය එකයි, ගෙම්බටත් නීතිය එකයි කියලා. මේ නීතියෙන් කාටත් සාධාරණයක් වෙන්න ඕනෑ. අධිකරණ සේවා කොමිසමටත්, පොලිස් කොමිසමටත්, රාජ්‍ය සේවා කොමිසමටත් මේ නීතියෙන් සාධාරණයක් වෙන්න ඕනෑ.‘ යි වාර්මාර්ග ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා කීවේය.
‘මේ රටේ පුරවැරසියාට නිදහසේ ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනෑ. ඒ යුගය ඇති කරන්න තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිධුරයට ඇවිත් තියෙන්නේ. ඔහු මහා ලොකු වලව් පරම්පරාවල කෙනෙක් නොවෙයි. ඇතිමලේ කොලනියෙන් ආපු ගොවියෙකුගේ පුතෙක්. ඒ නිසා නිර්ධන ප්‍රාන්තික, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගයේ ප්‍රතිරූපයක් තියෙන ජනාධිපති කෙනෙක්. කඳ බඩ නැති වුණාට හොඳ ඔළුවක් තිබෙනවා. ඔළුවෙන් වැඩ කරන්න පුළුවන් හොඳ හික්මිච්ච, නිවිච්ච නායකයෙක්. අපේ යුතුකමක් තිබෙනවා ඒ නායකයාට සහාය දෙන්න.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සිංහලයෙක් වීම ලැජ්ජයි කියපු කෙනෙකුත් ඉදලා තියනවා. (නදී)
විශ්වසයිද එක ගෙම්බයි හිටියේ කියලා? (ර)
අලි පොත කෝ.? (ර)
එතකොට හොරගොල්ලේ වලව්වේ ඉන්නේ... (ර)
හලෝ හොද මොලයක් ඇති නිසා ද මේ රටේ 62 ලක්ෂයක ජනතාවක් පන්නලා දාපු අර හොර නඩය ආයි වතාවක් ලංකර ගෙන ආරක්ෂා කරන්න හදන්නේ. මේවා ජාතියේ අවාසනාව (බ)
අලියාගේ සහ ගෙම්බාගේ පියා කවුද කියල සිමොන් අයියගෙන් ඇහැව්වේ නැද්ද? (බ)
එතකොට අලියා කවුද ගෙම්බා කවුද? කොයි එක්කෙනාද දේශපාලනය කරන්නේ? (බ)
අනේ මෙහෙමත් මිනිසෙක්! (නි)
මේ ඇමතිගේ කතා අපි අහන්නේ නැහැ. මෙයා ගැන ඊළඟ ඡන්දෙන් අපි බලාගන්නම්කෝ! (නි)
දැන් මෙයාගේ අප්පච්චි වෙනස් වෙලාද? අනේ මෙහෙමත් ඇමතිවරු? (නි)
ගස් ගෙම්බෙක් ගෙම්බෝ ගැන කතා කරනවා. (අ)
මේ දවස්වල වේදිකා උඩ ගෙඹි රංචු පිටින් බෙරිහන් දෙනවා රෑට විතරක් නෙවි මහා දවාලෙත්, "ජක බක" ගානවා. ඉතින් හොරගොල්ලේ වලව්වේ එක ගෙම්බෙක් හිටියට කමක් නැහැ නේ... (ර)
මෙහෙමත් මිනිස්සු තමයි ඇමතිලා වෙලා ඉන්නේ. (ස)
ඔන්න බැලුවැකි ඔය රැවුල් ගෙම්බා හෙට පනින හැටි. (ස)
මෙයා කියන විධියට හොරගොල්ලේ වලවුවේ ඉදන් තමයි රට පාලනය කරන්නේ. (ම)
පුදුමයි, කටින්ද කථා කරන්නේ? (ස)
ඇමිබාවට නිශ්චිත හැඩයක් නැත. ඌ වටා පිටාව අනුව හැඩය වෙනස් කර ගනී.(නදී)
ඇයි එලදෙනකුත් ඉන්නවානේ වයසට ගිය ? (ම)