IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොරගොල්ල වලව්වෙ අලියෙකුයි ගෙම්බෙකුයි ඉන්නවාලු

‘මම හොරගොල්ල වලව්වට ගියාම දැක්කා අලියකුයි ගෙම්බෙකුයි ඉන්නවා. මම ඇහුවා සයිමන් අයියාගෙන් අයියේ මොකද මේ ගෙම්බෙකුයි අලියකුයි ඉන්නේ කියා. සයිමන් අයියා කිව්වා මහත්තයෝ අලියටත් නීතිය එකයි, ගෙම්බටත් නීතිය එකයි කියලා. මේ නීතියෙන් කාටත් සාධාරණයක් වෙන්න ඕනෑ. අධිකරණ සේවා කොමිසමටත්, පොලිස් කොමිසමටත්, රාජ්‍ය සේවා කොමිසමටත් මේ නීතියෙන් සාධාරණයක් වෙන්න ඕනෑ.‘ යි වාර්මාර්ග ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා කීවේය.

‘මේ රටේ පුරවැරසියාට නිදහසේ ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනෑ. ඒ යුගය ඇති කරන්න තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිධුරයට ඇවිත් තියෙන්නේ. ඔහු මහා ලොකු වලව් පරම්පරාවල කෙනෙක් නොවෙයි. ඇතිමලේ කොලනියෙන් ආපු ගොවියෙකුගේ පුතෙක්. ඒ නිසා නිර්ධන ප්‍රාන්තික, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගයේ ප්‍රතිරූපයක් තියෙන ජනාධිපති කෙනෙක්. කඳ බඩ නැති වුණාට හොඳ ඔළුවක් තිබෙනවා. ඔළුවෙන් වැඩ කරන්න පුළුවන් හොඳ හික්මිච්ච, නිවිච්ච නායකයෙක්. අපේ යුතුකමක් තිබෙනවා ඒ නායකයාට සහාය දෙන්න.‘



අදහස් (0)

හොරගොල්ල වලව්වෙ අලියෙකුයි ගෙම්බෙකුයි ඉන්නවාලු

සජී Thursday, 18 June 2015 10:30 AM

මම සිංහලයෙක් වීම ලැජ්ජයි කියපු කෙනෙකුත් ඉදලා තියනවා. (නදී)

:       0       0

අනිල් Thursday, 18 June 2015 11:32 AM

විශ්වසයිද එක ගෙම්බයි හිටියේ කියලා? (ර)

:       0       0

තිස්ස Thursday, 18 June 2015 11:36 AM

අලි පොත කෝ.? (ර)

:       0       0

දිනේෂ් Thursday, 18 June 2015 11:35 AM

එතකොට හොරගොල්ලේ වලව්වේ ඉන්නේ... (ර)

:       0       0

යහම්පත් Thursday, 18 June 2015 11:49 AM

හලෝ හොද මොලයක් ඇති නිසා ද මේ රටේ 62 ලක්ෂයක ජනතාවක් පන්නලා දාපු අර හොර නඩය ආයි වතාවක් ලංකර ගෙන ආරක්ෂා කරන්න හදන්නේ. මේවා ජාතියේ අවාසනාව (බ)

:       0       0

වැකෝ Thursday, 18 June 2015 11:52 AM

අලියාගේ සහ ගෙම්බාගේ පියා කවුද කියල සිමොන් අයියගෙන් ඇහැව්වේ නැද්ද? (බ)

:       0       0

දසුන් Thursday, 18 June 2015 12:03 PM

එතකොට අලියා කවුද ගෙම්බා කවුද? කොයි එක්කෙනාද දේශපාලනය කරන්නේ? (බ)

:       0       0

ආරි Thursday, 18 June 2015 12:34 PM

අනේ මෙහෙමත් මිනිසෙක්! (නි)

:       0       0

ඩිල්ෂාන් Thursday, 18 June 2015 12:42 PM

මේ ඇමතිගේ කතා අපි අහන්නේ නැහැ. මෙයා ගැන ඊළඟ ඡන්දෙන් අපි බලාගන්නම්කෝ! (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 18 June 2015 02:39 PM

දැන් මෙයාගේ අප්පච්චි වෙනස් වෙලාද? අනේ මෙහෙමත් ඇමතිවරු? (නි)

:       0       0

අබේරත්න ටෝකියෝ Thursday, 18 June 2015 02:45 PM

ගස් ගෙම්බෙක් ගෙම්බෝ ගැන කතා කරනවා. (අ)

:       0       0

නන්දලාල් - ප්‍රංසය Thursday, 18 June 2015 05:18 PM

මේ දවස්වල වේදිකා උඩ ගෙඹි රංචු පිටින් බෙරිහන් දෙනවා රෑට විතරක් නෙවි මහා දවාලෙත්, "ජක බක" ගානවා. ඉතින් හොරගොල්ලේ වලව්වේ එක ගෙම්බෙක් හිටියට කමක් නැහැ නේ... (ර)

:       0       0

ලුම්බිණි Thursday, 18 June 2015 08:54 AM

මෙහෙමත් මිනිස්සු තමයි ඇමතිලා වෙලා ඉන්නේ. (ස)

:       0       0

සොයිසා Thursday, 18 June 2015 08:54 AM

ඔන්න බැලුවැකි ඔය රැවුල් ගෙම්බා හෙට පනින හැටි. (ස)

:       0       0

නිහාල් Thursday, 18 June 2015 09:02 AM

මෙයා කියන විධියට හොරගොල්ලේ වලවුවේ ඉදන් තමයි රට පාලනය කරන්නේ. (ම)

:       0       0

සේපාලි Thursday, 18 June 2015 09:37 AM

පුදුමයි, කටින්ද කථා කරන්නේ? (ස)

:       0       0

ලක්ප්‍රිය Thursday, 18 June 2015 09:58 AM

ඇමිබාවට නිශ්චිත හැඩයක් නැත. ඌ වටා පිටාව අනුව හැඩය වෙනස් කර ගනී.(නදී)

:       0       0

නිමල් Thursday, 18 June 2015 10:05 AM

ඇයි එලදෙනකුත් ඉන්නවානේ වයසට ගිය ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site