ටී.කේ.ජී.කපිල 
 
 
කූට ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුව බලා යෑමට පැමිණි ශ්‍රී යාපනයේ තරුණයකු  කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
 
 මොහු යාපනය , පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි .
 
ඔහු ධීවර කාර්මිකයකු බව ආගමන විගමන ආරංචි මාර්ග කියයි.
 
මේ තරුණයා ගැන සැක සිතූ ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්  ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කර බලද්දී  සිංගප්පූරුවේ සිට එංගලන්තය බලා පිටත්ව යෑමට තවත් ගුවන් ටිකට් පතක් සඟවා ගෙන තිබී හමුවී තිබුණි .
 
තවදුරටත් මෙම ගමන් මල්ල පරීක්ෂා කර බලත් දී  ඒ තුළ තිබී ව්‍යාජ ලෙස සකස් කළ වාණිජ නාවිකයන් සඳහා නිකුත් කරන හැදුනුම්පත සහිත  පොතක් ද , මොහු නාවිකයකු බව හඟවන තවත් ව්‍යාජ සහතික පත්‍ර විශාල ප්‍රමාණයක් ද තිබී ඇති බව දැනගන්නට තිබේ.