බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිත රාජකීය විවාහ මංගල උත්සවයට දේශපාලනික නායකයින් කිසිවකුට ආරාධනය නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය අගමැතිනියට හෝ ඇමෙරිකා ජනාධිපතිවරයාට ආරාධනා නොකෙරෙනු ඇතැයි පැවසේ.
එසේම හැරී කුමරුගේ මිතුරකු වන ඇමරිකාවේ හිටපු ජනපති ඔබාමා හා මිචෙල් යුවලටද ආරාධනා නොකිරීමට තීරණය වී ඇත.
හැරී කුමරු බ්රිකාන්යයේ රජකම හිමිවීමේ පිළිවෙළ අනුව පස්වැනි ස්ථානයේ සිටීම හේතුවෙන් පල්ලිය විසින් මෙසේ තීරණය කර ඇති බව පැවසේ.
මැයි 19 වැනි දා පැවැත්වීමට නියමිත විවාහ මංගල්‍යය උත්සවයට ආරාධනා කරන ලැයිස්තුවේ 1200 ක පමණ පිරිසක් සිටින අතර 2007 වර්ෂයේ මැන්චෙස්ටර් ඇරේනා ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 හැවිරිදි දැරියක ද ආරාධනා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් බීන්ට අරාධනා කළත් දේශපාලකයින්ට ආරාධනා නැතිලු. අපේ බීන්ලා ඇඳුනුත් මැහැව්වාලු මගුලට යන්න. ඒත් ට්‍රම්ප්, පුටින් අහකදාන්න එපා.
අනේ සාක්කියට අත්සන් කරන්නවත් අපේ ලොක්කන්ට එන්න කියන්න. මෙහේ ලොකු කට්ටිය නැතුව මගුලක් ඇත්තෙම නැහැ නේ.