නීති විරෝධී ලෙස නේපාලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් පස්දෙනෙකු ඉන්දීය‐නේපාල දේශ සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
දේශ සීමා රාජකාරියේ නිරත ඉන්දීය ආරක්ෂක අංශ විසින මෙම ලාංකිකයින් අත්අඩංගුවට ගෙන ඇත.මොවුන් කිනම් කරුණකට මෙලෙස සංක්‍රමණය විමට කටයුතු කළේද යන්න හෙළි වී නැත.
ඔවුන්ට අමතරව බංගලිදේශ, භූතාන සහ මියන්මාර ජාතිකයෝ පිරිසක් ද අත්අඩංගුවට පත්ව සිටිති.
මොවුන් සියලූ දෙනාම ව්‍යාජ ඉන්දීය ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කොට නේපාලයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමෝටම ඉන්දියන් පාස්පෝට් ලැබුණේ කොහොමද මේ අහිංසක මිනිස්සු රවටපු මහ එකාට එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි (බ)
අනිත් කට්ටිය කෙසේ වෙතත් අපේ මිනිස්සු නම් අධික බුද්ධාලම්බන ප්‍රීතියෙන්,ලුම්බිණිය බලන්න යන්ඩ ඇති?(නදී)
නේපාලයට වීසා නොමිලයේ ලබා දෙනවනේ ලාංකිකයන්ට. මොකටද හොරෙන් ගියේ. (අ)
හොරෙන් රිංගන්නම වටිනා රට! වැඩක් නැහැ කියලා.මැද පෙරදිග රටවල නේපාල ජාතිකයින් විඳින දුක් දැක්කහමයි අපේ රටට මොනතරම් හොඳද කියලා හිතෙන්නේ. (නි)