මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 65 දෙනෙක් ඉන්දුනීසියාවට යළි හරවා යැවීමට ඕස්ට්‍රේලියාවේ බලධාරින් කටයුතු කර ඇතැයි මහ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
ශ්‍රී ලාංකිකයින් 54 දෙනෙක් , බංග්ලාදේශ ජාතිකයන් දස දෙනෙකු සහ මියෙන්මාර ජාතිකයෙකු ඒ අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දන්ගේ රටවල අදාළ භාෂාව නොදන්නා අයට කිසි ප්‍රශ්නයක් නැහැ.මොන පහත් තත්වයට දාලා කතාකළත් මුහුණ දිහා බලා සිනාමුසු මුහුණින් ඉන්නවා. (නි)
ඔය ඕස්ට්‍රේලියා යන සහ ගිය බොහෝ දෙනෙක් , සමහරු දොස්තර ඉංජිනේරු කියා ලංකාවට පැවසුවට , ෆේස් බුක් වල දැම්මට , සමහරු එහෙදි බස් කොන්දොස්තර හෝ රියදුරු හෝ සාමානය රැකියා , ඔවුන් පවසන බොරු නිසා තමා මේ ජිවිත පරදුවට තබා බහු දින ධිවර යාත්‍රා වලින් එහෙ යන්න වළිකන්නේ (බ)
හොර පාරෙන් ඕස්ට්‍රේලියාවට එන්නේ දේශපාලන රැකවරණය පතාද, නැත්නම් රැකියාවක් අපේක්ෂාවෙන්ද? වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය අනුව එවැනි රැකවරණයක් පතා නම් ' සොරි ' තමයි. රැකියාවක් වශයෙන් අඩුම තරමින් හරකුන්, බැටළුවන් බලාගන්නවා, ඇපල්, මිදී, පලතුරු කඩනවා වැනි දේ කරන්නටත් ඒවාට ගැළපෙන පිළිගත් ඉංග්‍රීසි මට්ටමකුත්, ශාරීරික යෝග්‍යතාවයකුත්, රැකියා සඳහා වීසා බලපත්‍රයකුත්, නිශ්චිත රැකියාවක් සඳහා යම් ආයතනයකින් එම රජයේ අණපනත් අනුව කරනු ලබන ඇරයුමත්, වලංගු ගමන් බලපත්‍රයකුත් තිබිය යුතුයි. මේවා නොතිබුනොත් පැපුවා නිව්ගිනියාවේ කඳවුරක තමයි ලගින්න වෙන්නේ. තව කියන්න හුඟක් දේවල් තියෙනවා මෙවැනි අය දැනුවත් කිරීමට. (නි)
මේ දේවල් වලට අදහස් කියන්න ගිහින් අපි අනෙකුත් ලාංකිකයන් මෙහෙ ඇවිත් ගොඩ යනවාට ඉරිසියාව යයි චෝදනා ආවා. (බ)
නිහාල්,නිකම් අපේ රටේ අය බාල්දු කරලා කතා කරන්න එපා.අපේ ඉංග්‍රීසි නොදන්නා අයත් කැඩිච්ච ඉංග්‍රීසියෙන් කොහොමහරි සන්නිවේදනය කර වැඩ කරනවා. ව්‍යාකරණ වැරදි වෙන්න පුළුවන්. අපේ රටට මුදල් උපයන්න යන ශ්‍රමිකයන්ට ඔහොම උපහාසයෙන් කතා කරන්න එපා.මම මීට පෙරත් ලියලා තියෙනවා. එක්තරා විදේශිකයෙක් ලියා තියෙනවා අනුන්ගේ භාෂාවක් වැරදියට කතාකරන තම ජාතිකයන්ට හිනාවෙන එකම ජාතිය සිංහලයන් කියලා (නි)
පරාක්‍රම, මට ඕනෑ නවසීලන්තේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එන්න. ඔයාට බැරිද මාව කොහොමහරි ඔය රටට ගන්න? (නි)
ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ ඥාති අයියා කෙනෙක් කිව්වා මෙහෙම බෝට්ටුවෙන් ඇවිල්ලා සමාජයට මුදාහරින මිනිසුන්ගෙන් ගරාගන්න වෙනම කට්ටියක් ඉන්නවාලු. ඔය ඇපල් මිදී වතු වලට වැඩ කරන්න කියලා හැමදාම උදේට එකතු කරගෙන ඒ මිනිස්සු වැඩට එක්කගෙන ගිහින් ලැබෙන වැටුපෙන් භාගයක් තමන්ගේ අතට ගන්න ලංකාවේ තැරැව්කාරයන් එහෙ ඉන්නවාලු. (නි)
කිවුවට අහන්නේ නැහැනේ? (නි)
චන්ද්‍ර වීරසිංහ , ඇඩිලේඩ් නම් එන්න එපා. මෙහෙ රස්සාවල් සොයාගන්න බොහොම අමාරුයි. (නි)
අපේ ලාංකිකයන්ගේ ඉංග්‍රීසි හැකියාව ඉංග්‍රීසි මවුබස නොවන බොහොමයක් රටවලට වැඩිය ඉහළයි. මෙහි සිටින බොහොමයක් ඉන්දියානු බංගලාදේශ කට්ටියට ආර් අකුර නැතුව වචනයක් කියවන්න බැහැ. ඒ නිසා අපේ අයගේ ඉංග්‍රීසි හැකියාව අවතක්සේරු කරන්න එපා. (නි)
ඔය බෝට්ටු වලින් එන කට්ටිය පැපුවා නිව්ගිනියා ඉඳලා ටෙලස්කෝප් එකකින් තමයි ඕස්ට්‍රේලියා බලන්නේ. (නි)
මොනවට යනවද මන්දා කියන දෙයක් අහන්නේ නැතුව? (නි)
දැන් ශ්‍රී ලංකාවට බාර ගන්නේ අපේ 54 දෙනා පමණක්ද? නැතිනම් 65 දෙනාවමද? 65 පස් දෙනාවම බාර ගැනීමට බලකරන දෙසපාලකයන් මෙහි සිටීමට ඉඩ ඇත. (ර)
මම අහලා තියෙන විදිහට බෝට්ටුවට නඟින්න මුදල් දෙනවිට මුදල් ගන්න කෙනා ඕස්ට්‍රේලියාව ගැන සුරංගනා කතා කියලා තියෙනවා කියලා. ඒක තමයි ඒ මිනිස්සු රැවටෙන්නේ. (නි)
ඔය කියන විදියට මම හිතන්නේ ඔය රටේ දොස්තරලා ඉංජිනේරුවෝ වෙන වැඩ කරනවා. වෙන වැඩ කරන මිනිස්සු දොස්තර ඉංජිනේරුකම් කරනවා.මිනිසුන්ගෙන් ගන්න ඕනෑ නියම ප්‍රයෝජනය ගන්න නොදන්නා නිසා වෙන්න ඇති ඔය රටවල් ඔයතරම් දියුණුවෙලා තියෙන්නේ. (නි)
එන්න එපා. පුරවැසිබාවය හිමි සංක්‍රමණිකයන් පිටුවහල් කරන්න පුලුවන් නම් ඒකත් කරනවා.නීති අනුමත වුණාට පසුව වෙනස් කරන්න බැහැ. (නි)