IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිරු පාපැදි සවාරිය ජූලි 05 - 06 දිනවලදී

‘හිරු’ රේඩියෝ නාලිකාවේ 15 වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන සිව්වැනි ‘හිරු පාපැදි සවාරිය’ ජූලි මස 05 සහ 06 දිනවල පැවැත්වේ. ශ‍්‍රී ලංකා පාපැදි අතුරු පාලක කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමස්ත දුර ප‍්‍රමාණය කිලෝමීටර් 297.9 කි.

පාපැදි තරගකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියට කී‍්‍රඩකයන් 150 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.

තරගයේ පළමු අදියර ජූලි මස 05 වැනිදා කොළඹ ගාලූමුවදොර පිටියෙන් ආරම්භ වී කොල්ලූපිටිය, දෙහිවල, මොරටුව, පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, රත්නපුර, පැල්මඩුල්ල  හරහා බලංගොඩට පැමිණ බලංගොඩ ප‍්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිටින් අවසන් කෙරේ.

දෙවන අදියර ජූලි 06 වැනිදා බලංගොඩ ප‍්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිටින් ආරම්භ වී පැල්මඩුල්ල, රත්නපුර, ඇහැළියගොඩ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, යක්කල, නිට්ටඹුව, අත්තනගල්ල හරහා පැමිණ කිරි`දිවැල ලංකා සතොස ඉදිරිපිටින් අවසන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිස් ක‍්‍රීඩා සමාජය, වින්ග් වීල් ක‍්‍රීඩා සමාජය, දෙහිවල-ගල්කිස්ස නගර සභා ක‍්‍රීඩා සමාජය, මොරටුව සාම ක‍්‍රීඩා සමාජය ඇතුඵ ප‍්‍රබල ක‍්‍රීඩා සමාජ රැසක් මේ වන විටත් තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර තිබේ.

සී. පී. මීමනගේ, බී. ජේ. සුමනසේකර, ජීවන් ජයසිංහ, ඬේන් නුගේරා, සුධීර නිලංග, ජනක හේමන්ත කුමාර, බුද්ධික වර්ණකුලසූර්ය, සුවාරිස් පේ‍්‍රමචන්ද්‍ර, වසන්ත හරිස්චන්ද්‍ර, සුජිත් සිල්වා වැනි ප‍්‍රබල පාපැදිකරුවන් සහභාගිවීම හේතුවෙන් තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

මෙම තරගය කණ්ඩායම් තරගයක් ලෙසින් පැවැත්විය යුතුය යන්න තාක්‍ෂණික නිලධාරීන්ගේ නිර්දේශය වුවත් තරගාවලියට ඉදිරිපත් වන කණ්ඩායම් සංඛ්‍යාව සහ කණ්ඩායමකට ඇතුළත් විය යුතු කී‍්‍රඩක සංඛ්‍යාව සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවද වාර්තා වේ.

සමස්ථ තරගයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන වලට මෙන්ම ‘ස්ප‍්‍රින්ට්’ හෙවත් කෙටි දුරක් වේගයෙන් පැදයාමට සමත් කී‍්‍රඩකයාටත්,  කදු නැගීමේ ශූරයාට සහ 23 න් පහළ දක්ෂතම පාපැදි ක‍්‍රීඩකයාටත් මුදල් ත්‍යාග පිරිනැමේ. ජයග‍්‍රාහකයන් වෙනුවෙන් ලක්ෂ 10 කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් ත්‍යාග වශයෙන් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී.

 

(*)

 

 



අදහස් (0)

හිරු පාපැදි සවාරිය ජූලි 05 - 06 දිනවලදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site