ව්‍යාජ මුදල් නෝට්ටුවලින් බේරෙන හැටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා උපදෙස් දෙයි. ඒ සඳහා මූලික කරුණු අටක් සැලකිල්ලට ගන්නැයි ඔහු කියයි. 1) නෝට්ටුවල දිය සලකුණ පිරික්සීම. 2) නෝට්ටුව ආලෝකයට ඇල්ලූ විට එහි වටිනාකම තිරස් අතට ඇද්දැයි බැලීම. 3) නෝට්ටුවේ හරස් පැති දෙකෙහි කුඩා ඉරි සහිත දාර දෙක අතට හසුවේදැයි පිරික්සීම. 4) කලු පැහැති බාරයක් වැනි පටියක් තිබේදැයි බැලීම. 5)හොර නෝට්ටුව බොහෝ විට සැබෑ නෝට්ටුවට වඩා ගණකම් විය හැකි වීම. 6) කොල දෙකක් අලවා තිබෙන්නට ද ඉඩ ඇත. 7) නෝට්ටු බණ්ඩලයක් මැද ව්‍යාජ නෝට්ටු තිබිය හැකි වීම. 8) කඩිමුඩියේ මුදල් නෝට්ටු මාරු කර ගැනීමට පැමිණෙන්නන් ගැන සැලකිලිමත් වීම. ව්‍යාජ බවට සැක කළ හැකි නෝට්ටු හමුවූ විට වහා පොලීසියට දැනුම් දෙන්න.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත් රෝහණ මහත්තයා කරන දේවලට අමතරව මෙහෙම දෙයක්වත් කරපු එක නම් ලොකු දෙයක්. (නි)
උපදෙස් පිළිබඳව විඩියෝ දර්ශනයක් පෙන්නුවානම් හොඳයි නේද ??????,(ස)
ප්‍රායෝගිකව පරීක්ෂා කර තේරුම් ගතිමි. ස්තූතියි. (නි)
මේක සම්පූර්ණයෙන්ම ඇග බේරා ගැනීමක්. ,(ස)
නෝට්ටුවක් අරන් පොලිසීයට හරි බැංකුවට හරි ගිහින් ඒක හොර නෝට්‍ටුවක් උනොත් අපි හිරේට යන්න ඕනා. අන්ධයන්ට තියෙන ක්‍රමේට නෝට්‍ටු මිටියක් පරීක්ෂා කරන්න බෑ.(නදී)
තේරුණේ නැහැ කියන දේවල් (ස)
අන්න හොදයි
මුදල් හදුනා ගැනීමට අන්ධයින්ට විශේෂ ළකුණක් ඇත. එය අන්ධයෙකුගෙන්ම හෝ බැංකු නිළධාරියෙකුගෙන් දැනගන්න. (නි)
මුදල් පරිහරණය අඩුකර, චෙක්පත් සහ බැංකු කාඩ් වලින් ගණූදෙණු කරන්න. (නි)
ජනතාව දැනුවත් කරන්න
බුදු අම්මෝ! මාසේ පඩිය අතට ගත්තහම පොලිසියට හරි බැංකුවට හරි යන්න වෙයි වගේ පරීක්ෂා කරගන්න. (නි)
බොහොම හොද වැඩක්
බොහොම හොද වැඩක්
අන්ධයාට කොකාගේ සුදු පෙන්නුවා වගේ..!(නු)
කියාදීම ගැන පොලිසියට බොහොම ස්තූතියි. (නි)
අයියෝ සල්ලි
ඉතාම වටිනා උපදෙස් මාලාවක්. ස්තූතියි. (නි)
ඔය නෝට්ටුවක් අතට ලැබුණහම ආලෝකයක් නැති වුණොත් අපි කොහොමද දැනගන්නේ? (නි)
මෙවැනි දෙයක් පැහැදිලි කිරීමේදී රුප සටහන් එක්ක පළ කළොත් ගොඩක් වටිනවා සහ තේරුම් ගැනීමට ඉතා පහසුයි. (නි)