(සිතුම් චතුරංග)
රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු කිලිනොච්චිය වට්ටකච්චි ප‍්‍රදේශයේ දී ඊයේ (16) සවස අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි.
ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කරන පිරිසක් පිළිබඳ ධර්මපුරම් පොලිසිය වෙත ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකරුවන් හා ඔවුන් සතුව තිබී මුද්‍රණය කරන ලද රුපියල් 500 මුදල් නෝට්ටුවක්, ලැප්ටොප් පරිගනකයක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකථන හා මුදල් නෝට්ටු මුද්‍රණය කළ උපකරණද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව, රාමනාදපුරම්, වට්ටකච්චි ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 22ත් 24 අතර වයසේ පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අච්චු ගහන එක වගේ නෙමේ, මාරු කෙරිල්ල තමයි අමාරු.