ගම්පොළ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බොරු දොස්තරකෙනකුට දෙවසරක සිර දඬුවමක් නියම කළ ගම්පොළ මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා එය පස්වසරකට අත්හිටැවීය. රුපියල් එක්දාස් පන්සීයක දඩයක්ද පැමිණිලිකාරියට රුපියල් දස දහසක වන්දියක් ගෙවන ලෙසද ඔහුට නියම විය. ගම්පොළ පෞද්ගලික රෝහලක කම්කරුවකු වන පරම සිවම් සෞවුන්ද්‍රරාජන් නම් ඔහු එතැනින් අස්වී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් අරඹා එහි දොස්තර ලෙස කටයුතු කළැයි උසාවියේදී කියැවිණි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර දොස්තර හිරේ
සේනානායක Wednesday, 19 September 2012 01:15 PM
දඩ ගාස්තුවනම් බොහොම වැඩියිනේ..(ස)
චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 07:19 PM
හොර දොස්තරවරුනි, එක්වෙවු. අපේ අයිතිය වෙනුවෙන් සටන් කරමු. (නි)
වරුණ Wednesday, 19 September 2012 01:21 PM
මේ දොස්තර හොඳ හිතද දන්නේ නෑ...(ස)
චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 07:13 PM
තවත් ගම්පොළ කතාවක්. (නි)
අමිල කටුනායක Wednesday, 19 September 2012 07:19 PM
මෙයා පශු වෛද්‍යවරයෙක්ද දන්නේ නැහැ. (නි)
දයා, සෞදියේ සිට Wednesday, 19 September 2012 01:39 PM
තව මොන මොනවා කරලද දන්නේ නෑ...(ස)
ප්‍රවීන් Wednesday, 19 September 2012 01:58 PM
සමහරවිට මේ හොර දොස්තරලට පුළුවන් ඇති ලෙඩ්ඩු සනීප කරන්න හරි දොස්තරලට වඩා....(ස)
සාදර සෙනෙවිරත්න Thursday, 20 September 2012 10:47 AM
අනුෂ බෙහෙත් ගන්නෙත් එහෙන් නේද ? (නි)
ආනන්ද පිටබැද්දර Wednesday, 19 September 2012 03:32 PM
මොල ගෙඩි නැතිව කොහොමද දොස්තර වෙන්නේ.... අසරණ රෝගියොයි මින් අනේ බැට කන්නේ .(ස)
යොහාන් Wednesday, 19 September 2012 04:14 PM
බලාගෙන අනිත් අය වර්ජනය කරයි.. (ස)
දිල්ෂාන් Wednesday, 19 September 2012 05:29 PM
අනේ පවු. මම එයා ගැන දන්නවා. එයා අනෙක් දොස්තරලාට වැඩිය හොදට ඉක්මණින් ලෙඩ හොද කරනවා. එයා කවදාවත් ස්ට්‍රයික් කරන්නෙත් නැහැ. (නි)