
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිවිරෝධී අයුරින් ආනයනය කර ව්‍යාජ ලියාපදිංචි අංකයක් සවිකර පරිහරණය කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් සමග පුද්ගලයකු පිලියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
එම ජීප් රථයට කොළඹ ප්‍රසිද්ධ පුද්ගලික වැවිලි සමාගමකට අයත් ජීප් රථයක ලියාපදිංචිය අංකයක් සවි කරගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.
පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව මෙම රථය සමග එහි සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ජීප් රථයට අදාළව සැකසූ කූට ලේඛන කිහිපයක් ද භාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ගම්පහ ප්‍රදේශයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යන, මීට පෙර වාහන වංචාවකට පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 15ක පොරොන්දුව මත ලක්ෂ 10 ක අත්තිකාරම් මුදලක් ලබා ගෙන ලියාපදිංචි අංකයට අදාළව සියලුම ලේඛන සකස් කර දෙන පොරොන්දුවක් මත කටයුතු කර ඇති බවට අනාවරණය වූ බව වැටලීම සිදුකල පොලිස් නිළධාරියෙකු පැවසීය.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
773
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොර ජිප් රියක් බෝකුන්දරින් අල්ලයි
sam Wednesday, 25 January 2023 11:24 AM
මේක නම් බැලූ ගමන්ම කියන්න පුළුවන්නේ. වාහනය 2002 ට විතර පස්සේ ආපු එකක්. නොම්මරේ එක්දාස් නවසිය අසූ ගණන් වල වතු සුපරින්ටැන්ඩන් ලාගේ ඉසුසු ටෘපර් එකක එකක්.
fairoos Wednesday, 25 January 2023 12:56 PM
මේක රුපියල් කෝටියක් වටින වාහනයක්ද? එතකොට අපේ කාලකණ්ණි දේශපාලකයන් යන ඒවා කොච්චර වටිනවද?