IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොර චක්‍රලේඛයට ගුරු පඩිත් හදලා

අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවලංගු කරන ලද චක්‍රලේඛයක් සහ උපෙදෙස් ලිපියක් කිසියම් පිරිසක් විසින්  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට සහ කලාප අධයාපන කාර්යාලයන්ට යවා ඇතැයි ද, එම ලේඛන තමන් විසින් නොයැවූ බව සහ අමාත්‍යංශයෙන් නිකුත් නොකළ ඒවා ලෙස සලකා කටයුතු කරන ලෙස ඉල්ලමින් අධ්‍යාපන ලේකම් ඝෝඨාභය ජයරත්න මහතා අදාළ ආයතන වලට ලිඛිතව දන්වා ඇතැයි එම අමාත්‍යංශ ආරංචිමාර්ග කියයි.

 නිකුත් කිරීම අත්හිටවූ   2010 වසරේ  2010/38 අංකයෙන් ගුරු ආයතන පිළිබඳ සකස් කළ චක්‍රලේඛයක් සහ අංක 2005/4 චක්‍රලේඛයේ පොදු උපදෙස් සංග්‍රහය 2 නමින් උපදෙස් ලිපියක් මෙලෙස පාළාත් සහ කලාප කාර්යාලවට යවා ඇත.

සියලු පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභා ලේකම්වරුන්ටත්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ටත්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ටත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ කලාප අධ්‍යාපන අධක්ෂවරුන්ට පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේ  ගුරු ආයතන කටයුතු අවුල් කිරීමේ සැලසුමක කොටසන්  එලෙස ලිපි යවා ඇති බවට අනාවරණය වෙමින් පවතින බවයි.

2010/38 යන්න අවලංගු කළ චක්‍රලේඛයක් ලෙසත්, 2005/4 චක්‍රලේඛයේ පොදු උපදෙස් 2 යන්න අධ්‍යාප අමාත්‍යංශයෙන් නිකුත් නොළ ලිපියක් ලෙසත් සලකා කටයුතු කරන්නැයි අධ්‍යාපන ලේකම්වරයා ඉල්ලා ඇත.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් යවන මුවාවෙන් එලෙස ලිපි යවා ඇත්නම් එය බරපතල වරදක් බවයි. එවැන්නක් සිදු කර ඇත්නම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මූලික විමර්ශනයක් සිදු කර, වහා ඒ ගැන සොයා බැලීමට රහස් පොලීසියට පැවරිය යුතු බවත්, මෙතෙක් එලෙස නොපැවරීම ගැටලුවක් බවත්, මේ නිසා අපහසුතාවට පත්වූ පිරිස් ඇතොත් ඔවුන්ට සහන සැලසිය යුතු බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඝෝඨාභය ජයරත්න මහතා පැවසුවේ ඒ ගැන සෙවීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. එය අවසන් වූ පසු තොරතුරු පැවසිය හැකි බව ද ඒ මහතා පැවසීය.



අදහස් (0)

හොර චක්‍රලේඛයට ගුරු පඩිත් හදලා

චන්දිමාල් Tuesday, 09 April 2013 09:57 PM

අනේ අධ්‍යාපනයට ගිය කල. (ස)

:       0       0

හරිශ්චන්ද Tuesday, 09 April 2013 09:53 PM

බය වෙන්න දෙයක් නෑ.............ඹකෙත් ඇත්තේ රු.150/=ක ව්තර වැඩි වීමක් වෙන්න ඇති..........ගුරුවරුන්ගේ තත්වය ඹීක තමයි............ (ස)

:       0       0

රත්න Tuesday, 09 April 2013 04:10 PM

ජනාධිපති කොමිසමක් දමමු? (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 09 April 2013 07:01 PM

මේ අමාත්‍යාන්ස වල ඉන්න ඔක්කොම ලේඛම්ලගෙ නම ඝෝඨාභය කියල දාල තියෙන්නෙ මොකද?(නදී)

:       0       0

රංජිත් Wednesday, 10 April 2013 08:00 AM

සී.අයි.ඩී. එකට කියපු නිසා දැන් කවුරු කවුරු අහුවේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 44 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site