IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිරේ ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

වසර දෙකකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීයැයි කියන කැරැල්ල කිසිවකුගේ උවමනාවට ඇතිකරගත්තක් බව ද, කැරැල්ල සමතයකට පත් කළ පසු බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශයකට සම්බන්ධ පිරිසක් සිරකරුවන් රැසක් වෙඩි තබා මරා දැමූ බව ද, වත්මන් රජය යටතේ සාධාරණ විමර්ශනයක් පවත්වන්නේ නම් සාක්කි ඉදිරිපත් කළ හැකි බව ද නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

2012 නොවැම්බර 09 වැනි දා එම කැරැල්ල අතරතුර දී 28 දෙනකු මිය ගිය බව ආරක්ෂක අංශ ඒ දිනවල කීවේය.

සිද්ධිය වී දින කිහිපයක් ඇතුළත මේ ගැන සේවීමට කමිටුවක් පත් කළ බව එවකට පැවති රජයෙන් කීවද මෙතෙක් එම කොමිසමෙන් කළ දෙයක් ගැන දැනගන්නට නැතැයි ද නීතීඥ ප්‍රේමරත්න මහතා පැවසීය.

‘සාමාන්‍යයෙන් සිර මැදිරි පරීක්ෂා කරන්නේ සිරකරුවන් රඳවා සිටියදී. බන්ධනාගාරය   ආයුධ ගෙන යෑම තහනම්. නමුත් මේ සිද්ධිය වූ දිනයේ සිරකරුවන් වැඩවලට ගිය අවස්ථාවේ තමයි ආයුධ අතැතිව විශේෂ කාර්ය බළකාය ආවේ.

ඔවුන් ආවේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් නැතිව. සිරකරුවන් රැසක් එළියේ සිටිය දී සමහර වාට්ටුවල හිටපු සිරකරුවන්ට හිංසා කළා. ඒ ගැන එළියේ සිටි සිරකරුවන් කලබල වුණා.

මේ සිද්ධිය නිමාවට පත් වුණායින් පස්සේ බන්ධනාගාරයේ පාලනය බන්ධනාගාර නිලධාරීන්ට බාර දුන්නේ නෑ. රාත්‍රී 12ට විතර ආරක්ෂක අංශයකට සම්බන්ධ එක්තරා නිලධාරියකු පැමිණ කොළයක් බලමින් එහි ඇති නම් සෙව්වා. ඉන් පසු ඔවුන්ට වෙඩි තබා මරා දැම්මා.

මේ මරා දැමූවන් අතර ඉන්නවා කෝට්ටේ හිමිනමක් ඝාතනය කළැයි සැකපිට සිටි මංජු ශ්‍රී කියන පුද්ගලයා. ඔහු කඩුවක් සොයන්න තමයි එම විහාරස්ථානයට ගිහින් තිබුණේ. කටුගෙයි  කඩුවත් නැතිවුණා. කඩු කාටද ඕනෑ කර තිබුණේ කියන එක බොහෝ දෙනෙකු දන්නවා.

මේ සැකකරු ඊට දින කිහිපයකට පසු නඩු වාරයේ දී තමන් කඩුව සොයන්න ගියේ කාටද කියා විශේෂ ප්‍රකාශයක් කරන්න නියමිතව තිබුණා. අන්න ඒ නිසා ඔහු මරා දමන්නට ඇතැයි සැක කරනවා.

තවත් රැඳවියන් බොහෝ දෙනකු අඩුයි. ඔවුන්ට කුමක් සිදුවීද කියා තවම දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ඕනෑතරම් සාක්කි තිබෙනවා. සාධාරණ විමර්ශනයක් පවත්වන්නේ නම් ඒවා ඉදිරිපත් කළ හැකියි.‘

රාවය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ කසුන් පුස්සවෙල -

‘මා රාවය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරද්දී මේ සිද්ධිය දිගින් දිගටම වාර්තා කළා. සිරකරුවන් ලැයිස්තු ගත කර මරා දැමූ බව පළ කළා. ඒවා වැරදි නම් නිවැරදි කිරීමක් එවන්න ඕනෑ. අද වෙනතුරු පැහැදිලි කිරීමක්වත් එව්වේ නැත්තේ මේවා සත්‍ය තොරතුරු නිසයි.‘



අදහස් (0)

හිරේ ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

ඇසළ Tuesday, 20 January 2015 01:43 PM

මේක හොයන්නම ඕනෑ... (නි)

:       0       0

රොෂාන් Wednesday, 21 January 2015 04:40 AM

හිරකාරයින් යනුද මිනිසුන්ය. ඇත්ත ඇති සැටියෙන් දකින්න (නි)

:       0       0

යහපාල Wednesday, 21 January 2015 05:41 AM

මොවුන් බිහිසුණු අමානුෂික අපරාද වලට වරද කරුවන් වෙලා මරණ දඩුවම නියම වුණු අය...ක්‍රියාත්මක නොවන මරණ දඬුවමකට පින් සිද්ධ වෙන්න ඔවුන් අපේ බදුමුදල් වලින් කාල බිල තර වෙලා තෙල්මන්ද මෝරල බන්ධනාගාරේ පාලනෙත් ගන්න හදන කොට ආයුධ ගබඩා කඩල අවි ආයුධ අතට අරන් යකා නටන කොට දෝතට අරන් නලවන්නද එතකොට ඉදුල් මහත්තය කියන්නේ.මොන අකාරයකින් හරි ඔවුන් මරණ දඩුවමට යටත් වීම අපිට සතුටක්..මුන් අතින් මරුම්කාපු අහිංසකයින්ගේ, දුෂණය වෙලා මැරුම් කාපු අහිංසක යුවතියන්ගේ මානව හිමිකම් ගැනත් ටිකක් හොයන්නකො මහත්තයෝ අපේ ලේ පුච්චන්නේ නැතුව.(අ)

:       0       0

හේමන්ත Tuesday, 20 January 2015 07:14 PM

මොනවා උනත් කාටවත් කරදර නොකර හිරේට වෙලා හිටිය අසරණ අහිංසකයෝ ටික මරපු එක මහා අපරාදයක්. මේ ගැන හොයන්න ඉදිරිපත් උන මහත්වරුන්ට ගොඩක් පින්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 82 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site