කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා ශාක නිරෝධායන බලපත‍්‍ර නොමැතිව ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 195 ක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සිට මෙරටට ගෙන ආ ඉන්දියානුවෝ තිදෙනෙක් කටුනායකදී අද සවස අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා කීවේය.
ලූණු බීජ වල වටිනාකම රුපියල් හත්ලක්ෂ අනූදහසකි. මොවුන් තිදෙනා මෙරටට පැමිණ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙහි උඩු මහළේ බොහෝ වේලාවක් කාලය ගත කර ඇති බව රේගුව කියයි. .පසුව රේගු නිළධාරීන්ට ඇති වූ සැකයක් මත මොවුහු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී.පී.කේ පණ්ඩුල මහතාෙගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන එච්.පී.අයි බාලසූරිය, පී.එච් පේ‍්‍රමචන්ද්‍ර, සහකාර රේගු අධිකාරීවරුන් වන ඞී.ඞී.එස්.සී මයිකල් සහ සහකාර රේගු අධිකාරී වරුන්වන හසන්ත ගුරුගේ සහ එම්.පී.ඩබ්ලිව් පෙරේරා යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ ඉන්න කපටීම නින්දිතම ජාතිය තමයි කේරල මිනිස්සු. සල්ලි වලට තියෙන කෑදරකම නිසාම හිත ඊර්ෂ්‍යාවෙන් පිරිලා. හැම රටක තියෙන ලොකුම පිළිලය තමයි කේරල මිනිස්සු. අදහස් හොයන්න බැහැ. හොර වැඩ කරලා, වංචාවෙන් සල්ලි හම්බ කරන්න උපන් හපන්නු. (නි)
ලෝකයේ දියණු රටවල තියෙනවා ආයාත, නිර්යාත භාණ්ඩවලට නීතිමය ක්‍රියා පද්ධිතියක්. නිරෝධායන සහතිකය නැතිව ජපනයනයට කිසිම බීජ ඇති දෙයක් ගෙන්වීම සපුරා තහනම්. ඒ නිසයි ජපන් ජාතිකයෝ අවුරුදු එකසිය ගණන් ජීවත් වෙන්නේ. රේගුවේ කනින් රිංගල මොන තරම් විස විස ආහාර, පලතුරු මොන තරමක් රට තුල සංසරණය වෙනවද? කව්ද ලෙඩ රෝග වලට වග කියන්නේ!(නදී)