උප්පැන්න සහතික, ජාතික හඳුනුම්පත්, විභාග ප්‍රතිඵල ලේඛණ, ඉඩම් ඔප්පු, නඩු වාර්තා ඇතුළු වැදගත් ලිපි ලේඛණ රැසක් ව්‍යාජ ලෙස සෑදූ පුද්ගලයකු ගාල්ල කොටුවේ පෙඩ්ලර් වීදියේ දී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
හබරාදුව පොලිසියට පැමිණි පුද්ගලකු සතුව තිබූ ජාතික හැඳනුම්පතක් සම්බන්ධයෙන් සැක සිතූ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී එම ව්‍යාජ හැඳුනුම්පත් සකස්කැර දුන් ස්ථානයේ දී අදාල පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව පසයි.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව රජයේ නිලධාරින්ගේ නිල මුද්‍රා හා සමාන රබර් සීල් 50ක් පමණ තිබූ බවයි. ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මුද්‍රා ද තිබී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලම මේ මුද්‍රා එයාට හමු වුණේ කොහොමද කියල හොයල බලන්න.මේවා තනියෙන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. (ම)
මම දන්නා පකිස්තනෙන් අාපු අය ගාල්ලේ ගෙවල් අරගෙන හොර හැදුනුම්පත් උප්පැන්න හදාගෙන ඕන තරම් ඉන්නවා . එයාල අල්ලන්න කවුරුත් නැහැ (ම)
අවුරුදු 5 කවත් සිරදඬුවම් ලබාදිය යුතුය. (නි)
ඕවා ඉතින් අර හොර අත්සන් ගහලා රටේ කුමන්ත්‍රණයක් මෙහෙයවන්න මානබැලූ අයගේ මිස වෙන කාගේද කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
දැන් මේ සරල පැරණි ක්‍රමවේදයන්ගෙන් මිදිලා නව තාක්ෂණය උපයෝගී කරගෙන ආරක්ෂිත ක්‍රමවේදයන්ට යන්න කාලය ඇවිල්ලා (නි)
ඔන්න අපේ අහවල් දේශපාලකතුමාව නම් මේකට සම්බන්ධ කරගන්න එපා හොඳේ. එයා සෑහෙන විරුද්ධයි මේ වගේ නීත්‍යානුකූල නොවන දේවලට (නි)
චානක, අපිට නම් හැමෝම වගේ එක වල්ලේ පොල් තමයි ඉතින් මොන පක්ෂයෙන් ආවත්. (නි)
කන්සා හිටවල තල බලාපොරොත්තු වෙන්න බැහැ. කංසා මොනවාද තල මොනවාද කියල දන්නා අපට කොළ කඩා පාන්න හොඳේ ? (නදී)
කංසා මොනවාද තල මොනවාද කියලා වෙනස දන්නා අපිට කොළ කඩාපාන්න එපා ශිරන්ති, හොඳේ (නි)
නව තාක්ෂණය යන්න එතකොට ඕව කරන්න බැහැ නේ (බ)