IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හයිද්‍රාබාද් පිල සුපිරි ඕවරය ජයගනී

අයි. පී. එල්. තරගාවලියේ හත්වැනි තරගය වන බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර ඊයේ (7 වැනිදා) හයිද්‍රාබාද්හිදී පැවති තරගය ලකුණු සම වීමෙන් අවසන් විය.

ඉන් පසුව තරගයේ ජය පරාජය තීරණය වන සුපිරි  ඕවරයේදී හයිද්‍රාබාද් පිල ලකුණු 20 රැසකළත් ඊට පිළිතුරු වශයෙන් බැංගලෝර් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 15 ක් පමණි. ඒ අනුව බැංගලෝර් පිලට එරෙහිව ලකුණු 5 ජයක් ලබාගැනීමට හයිද්‍රාබාද් පිල සමත්විය.

නොදැවී ලකුණු 44 ක් රැස්කළ යොවුන් කී‍්‍රඩක හනුමා විහාරි තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

දෙවැනි වරටද පිතිකරුවෙකු ලෙස අසාර්ථකවූ බැංගලෝර් පිලේ තිලකරත්න ඩිල්ෂාන්ට ලබාගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි. හයිද්‍රාබාද් පිලේ නායක කුමාර් සංගක්කාරද ලකුණු 16 කට දැවී ගියේය.

බැංගලෝර් පිල නියෝජනය කරන මුත්තයියා මුරලිදරන් ලකුණු 18 කට කඩුල්ලක් දවාගද්දී හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරා ලකුණු 21 කට කඩුල්ලක් දවාගත්තේය.

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 130
(විරාට් කෝලි 46, මොරිස් හෙන්රික්ස් 44, ඉශාන්ත් ශර්මා 27/3)

සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 තුළදී කඩුලූ 7 ක් දැවී ලකුණු 130
(අක්ෂත් රෙඞ්ඩි 23, හනුමා විහාරි නොදැවී 44, කුමාර් සංගක්කාර 16, අශීෂ් රෙඞ්ඩි 14, මොරිස් හෙන්රික්ස් 14/2, ජයදේව් උන්කඞ් 24/2)

සුපිරි  ඕවරයේ ලකුණු සටහන

සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල කිසිවෙකු නොදැවී ලකුණු 20
(තිසර පෙරේරා 2, කැමරන් වයිට් 17, විනේ කුමාර් 20/0)

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල කිසිවෙකු නොදැවී ලකුණු 15
(කි‍්‍රස් ගේල් 10, විරාට් කෝලි 05, ඬේල් ස්ටේන් 15/0)

(**)



අදහස් (0)

හයිද්‍රාබාද් පිල සුපිරි ඕවරය ජයගනී

නිරෝෂන් Monday, 08 April 2013 01:52 PM

අපේ මිනිස්සු රට ගැන තියෙන ආදරයට වැඩිය මේ ක්‍රීඩකයන්ට සල්ලි ලැබෙනවට තියෙන ඊර්ෂ්‍යාවටයි ඔය කතා කියන්නේ. (නි)

:       0       0

වරුණ Monday, 08 April 2013 08:18 AM

ඩිල්ෂාන්ට යම් මුදලක් නොගෙවීම පිළිබද කතාවක් පහුගිය කාලෙ තිබුණා නේද? ඒකේ ශාපෙවත් වැදිලද මන්දා? (නි)

:       0       0

සිරි Monday, 08 April 2013 09:37 AM

සංගක්කාරට කාලේ හරි වගේ.(නදී)

:       0       0

සිරි Monday, 08 April 2013 09:45 AM

ඩිල්ෂාන්ව ගෙදර යවන්න.(නදී)

:       0       0

තත්සරණි Monday, 08 April 2013 04:07 PM

යේ... සංගා ගේ අති විශිෂ්ට නායකත්වය නිසාමයි තරගය ජය ගත්තේ. ඒ වගේම පන්දු යැවීමත් ඉහල මට්ටමක තිබුන. මොනා උනත් අපේ කොල්ලන්ට ජය.(ස)

:       0       0

සනු Thursday, 18 April 2013 11:56 AM

මම සමීරගේ ‍හා නිරෝෂන් ගේ අදහස්වලට එකඟයි.. (ස)

:       0       0

සිසිර Sunday, 07 April 2013 09:33 PM

දැන් ඉතින් සමුගන්න කාලය හරි වගෙයි. (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 08 April 2013 11:06 AM

අපි ඉන්දියාවන් රේල් පාරවල් හදන්න ආදාර ගන්නවා ඒත් ක්‍රිකට් ගහන කොල්ලොන්ට කසේ දානවා. මොකක්ද ලංකාවේ මිනිසුන්ග හැටි.(නදී)

:       0       0

පාලිත Sunday, 07 April 2013 10:07 PM

යන්න එපා කවුරුවත් ඕවායේ... (නි)

:       0       0

සිල්වා Sunday, 07 April 2013 10:10 PM

තණ්හාය ජායති සෝකෝ... (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 08 April 2013 04:47 PM

සංගක්කාර, මහේල , දිල්ෂාන් , අපේ වටිනා සම්පත් ක්‍රිකට් වෙනුවන් ‍ෙදයක් කරපු මිනිසුන් (ස)

:       0       0

අනුර Sunday, 07 April 2013 10:32 PM

ලකුනු ඕනේ නැහැ සල්ලි ලැබෙනවනේ.(නදී)

:       0       0

අරුණ Monday, 08 April 2013 11:42 AM

සංගාගේ ඇති විශිෂ්ට නායකත්වය නිසා තරගය ජයග්‍රණය කලා. සුබ පැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site