අයි. පී. එල්. තරගාවලියේ හත්වැනි තරගය වන බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර ඊයේ (7 වැනිදා) හයිද්‍රාබාද්හිදී පැවති තරගය ලකුණු සම වීමෙන් අවසන් විය.
ඉන් පසුව තරගයේ ජය පරාජය තීරණය වන සුපිරි ඕවරයේදී හයිද්‍රාබාද් පිල ලකුණු 20 රැසකළත් ඊට පිළිතුරු වශයෙන් බැංගලෝර් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 15 ක් පමණි. ඒ අනුව බැංගලෝර් පිලට එරෙහිව ලකුණු 5 ජයක් ලබාගැනීමට හයිද්‍රාබාද් පිල සමත්විය.
නොදැවී ලකුණු 44 ක් රැස්කළ යොවුන් කී‍්‍රඩක හනුමා විහාරි තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.
දෙවැනි වරටද පිතිකරුවෙකු ලෙස අසාර්ථකවූ බැංගලෝර් පිලේ තිලකරත්න ඩිල්ෂාන්ට ලබාගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි. හයිද්‍රාබාද් පිලේ නායක කුමාර් සංගක්කාරද ලකුණු 16 කට දැවී ගියේය.
බැංගලෝර් පිල නියෝජනය කරන මුත්තයියා මුරලිදරන් ලකුණු 18 කට කඩුල්ලක් දවාගද්දී හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරා ලකුණු 21 කට කඩුල්ලක් දවාගත්තේය.
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 130
(විරාට් කෝලි 46, මොරිස් හෙන්රික්ස් 44, ඉශාන්ත් ශර්මා 27/3)
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 20 තුළදී කඩුලූ 7 ක් දැවී ලකුණු 130
(අක්ෂත් රෙඞ්ඩි 23, හනුමා විහාරි නොදැවී 44, කුමාර් සංගක්කාර 16, අශීෂ් රෙඞ්ඩි 14, මොරිස් හෙන්රික්ස් 14/2, ජයදේව් උන්කඞ් 24/2)
සුපිරි ඕවරයේ ලකුණු සටහන
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල කිසිවෙකු නොදැවී ලකුණු 20
(තිසර පෙරේරා 2, කැමරන් වයිට් 17, විනේ කුමාර් 20/0)
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල කිසිවෙකු නොදැවී ලකුණු 15
(කි‍්‍රස් ගේල් 10, විරාට් කෝලි 05, ඬේල් ස්ටේන් 15/0)
(**)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් සමුගන්න කාලය හරි වගෙයි. (නි)
යන්න එපා කවුරුවත් ඕවායේ... (නි)
තණ්හාය ජායති සෝකෝ... (නි)
ලකුනු ඕනේ නැහැ සල්ලි ලැබෙනවනේ.(නදී)
ඩිල්ෂාන්ට යම් මුදලක් නොගෙවීම පිළිබද කතාවක් පහුගිය කාලෙ තිබුණා නේද? ඒකේ ශාපෙවත් වැදිලද මන්දා? (නි)
සංගක්කාරට කාලේ හරි වගේ.(නදී)
ඩිල්ෂාන්ව ගෙදර යවන්න.(නදී)
අපි ඉන්දියාවන් රේල් පාරවල් හදන්න ආදාර ගන්නවා ඒත් ක්‍රිකට් ගහන කොල්ලොන්ට කසේ දානවා. මොකක්ද ලංකාවේ මිනිසුන්ග හැටි.(නදී)
සංගාගේ ඇති විශිෂ්ට නායකත්වය නිසා තරගය ජයග්‍රණය කලා. සුබ පැතුම් (දී)
අපේ මිනිස්සු රට ගැන තියෙන ආදරයට වැඩිය මේ ක්‍රීඩකයන්ට සල්ලි ලැබෙනවට තියෙන ඊර්ෂ්‍යාවටයි ඔය කතා කියන්නේ. (නි)
යේ... සංගා ගේ අති විශිෂ්ට නායකත්වය නිසාමයි තරගය ජය ගත්තේ. ඒ වගේම පන්දු යැවීමත් ඉහල මට්ටමක තිබුන. මොනා උනත් අපේ කොල්ලන්ට ජය.(ස)
සංගක්කාර, මහේල , දිල්ෂාන් , අපේ වටිනා සම්පත් ක්‍රිකට් වෙනුවන් ෙදයක් කරපු මිනිසුන් (ස)
මම සමීරගේ හා නිරෝෂන් ගේ අදහස්වලට එකඟයි.. (ස)