IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘හයිඩ් රැස්වීමට ගියාට කමක් නෑ‘ - අස්ගිරි මහා නාහිමි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසුරිය, මන්ත්‍රීන් වන පාලිත රංගෙ බණ්ඩර සහ අශෝක අබේසිංහ මහත්වරු අද මහනුවරදී ත්‍රෛනිකායික මහා නාහිමිවරු ද වියානි ප්‍රනාන්දු රදගුරු තුමා ද බැහැ දුටහ. කොළඹ හයිඩ් පිටියේ දී බ්‍රහස්පතින්දා එක්සත් භික්ෂු පෙරමුණෙන්  පැවැත්වීමට නියමිත රැස්වීම ගැන මල්වතු අස්ගිරි මහා නාහිමිවරු එහි දී සාකච්ඡා කළහ. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නිහිමියන් ජයසූරිය මහතාට උපදෙස් දෙමින් පැවැසූයේ පක්ෂයේ සාමූහිකත්වය හා එකඟත්වය රැකගෙන ඉදිරියට යා යුතු බවයි.  උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමියන් උපදෙස් දුන්නේ රැස්වීමකට සහාභාගී වීමේ අයිතිය ඇති බවයි. ඒ සඳහා නීති රීති පැන වීම පක්ෂ නායකුට නොතරම් වන බවයි. පක්ෂයත් පක්ෂ සමාජිකයනුත් රැක ගැනීම තම අරමුණ බව කරු ජයසූරිය මහතා එහි දී මහ නාහිමිරවරුනට පැවැසූහ. එම රැස්වීමෙන්  පක්ෂයට හානියක් නොවන බව  ද ඒ මහතා කීවේය. ඔහු ඇතුළු පිරිස නාපාන පෙමසිරි රාමාඤ්ඤ  මහා නිකායේ හිමියන් ද බැහැ දුටහ.



අදහස් (0)

‘හයිඩ් රැස්වීමට ගියාට කමක් නෑ‘ - අස්ගිරි මහා නාහිමි

හරින Thursday, 18 October 2012 09:30 AM

වැඩේ ඇත්ත

:       0       0

මහින්ද Thursday, 18 October 2012 05:46 PM

යූ.එන්.පී. එකෙන් අස්කළොත් කපෝති.. මහන වෙන්න තමයි වෙන්නෙ..!(නු)

:       0       0

සිඩ්නි Thursday, 18 October 2012 09:45 AM

අනේ මන්දා මොනවා වෙන්නද

:       0       0

යොහාන් Wednesday, 17 October 2012 06:27 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 18 October 2012 02:11 PM

අරයට ඉතිං හැමදාම නායකයා වෙලා ඉන්න ඕන නිසානේ මේ හැමදෙයක්ම..!(නු)

:       0       0

ආරි Wednesday, 17 October 2012 06:45 PM

යු.එන්පිය කබලෙන් ලිපට.(නදී)

:       0       0

සමන් Thursday, 18 October 2012 10:35 AM

අනේ හාමුදුරුවනේ, හාමුදුරුවන්ට මේ දේශපාලනයට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්නම බැරිද?වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 17 October 2012 07:59 PM

"මල්වතු මහා නිහිමියන් ජයසූරිය මහතාට උපදෙස් දෙමින් පැවැසූයේ පක්ෂයේ සාමූහිකත්වය හා එකඟත්වය රැකගෙන ඉදිරියට යා යුතු බවයි." පක්ෂයේ සමගියත් රකින ගමන්, පවතින පාලනයේ උවමනාවන් ඉටුකරමින් විපක්ෂයක අවශ්‍යතාවය නොසලකා ඔහේ ඉන්නා මේ නායකත්වයට විකල්පයක් සපයන හැටිත් ඔය ගමන්ම වැදෑරුවා නම් අවසර.(නදී)

:       0       0

සමන්ත Wednesday, 17 October 2012 08:54 PM

මේකේ වැරැද්දක් නැහැ. (නි)

:       0       0

කීජ් Wednesday, 17 October 2012 08:51 PM

අනේ මහනායක හාමුදුරුවනේ ඕවට නම් කතා නොකරන තරමට හොදයි.(නදී)

:       0       0

රෝහන Wednesday, 17 October 2012 08:54 PM

කොහේ ගියත් එකයි

:       0       0

කමල් Wednesday, 17 October 2012 09:07 PM

ඔක්කොටම කලින් සියල්ලන්ම එකතු කරගන්නා විදියක් බලන්න. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 09:08 PM

මේකත් ප්‍රශ්න ගොඩක් මැද්දේ අවසන් වේවි. නමුත් කෙසේ හෝ වියයුතුයි. (නි)

:       0       0

නීලා Thursday, 18 October 2012 03:41 PM

ගියවරත් නායක හාමුදුරුව්න්ගේ බණ අහලා තිබුණ තනතුරත් නැති කරගත්තා... මූසිල වෙන්නෙ නැතිව තම නායකත්වයට ඇහුම්කන් දෙන්න..!(නු)

:       0       0

හේමන්ත Thursday, 18 October 2012 04:30 PM

විකාර..(නු)

:       0       0

වරුණ Thursday, 18 October 2012 07:19 AM

අනේ මන්දා. එක එක්කෙනාට නොයෙක් නොයෙක් දේවල්නේ දේශනා කරන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site