හයිකෝප් නම් සමාගමකින් යුද හමුදාවට උපකරණ කිහිපයක් මිලට ගත්තැයි දෙවැනි යුද්ධාධිකරණයෙන් වැරැදිකරු කළ හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එම චෝදනා යටතේ යළි නඩු පැවැරිය නොහැකි යැයි ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා පොන්සේකා සියලු චෝදනාවලින් නිදහස් කෙළේය. නීතිපති විසින් පැවැරුණු නඩුව ද ඉවත දැමීය. හයිකෝප් සමාගමේ ධනුන තිලකරත්නට (පොන්සේකාගේ බෑනාට) එරෙහිව නඩුව ඔහු නොමැතිව මැයි තුන් වැනි දා විභාගයට ගැනීමට ද නියෝග කැරිණි. යුද හමුදාවට ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කැර උපකරණ කිහිපයක් විකිණි යැයි ධනුන තිලකරත්න, වෙලින්ටන් ඩිහොට් හා සරත් පොන්සේකා මේ නඩුවෙන් චෝදනා ලැබූහ. එක් පුද්ගලයකුට එරෙහිව එකම චෝදනා යටතේ දෙවරක් නඩු පැවැරිම අසාධාරණ බව පිටු 25කින් යුත් නඩු තීන්දුවේ දැක්වේ. දෙවැනි යුද්ධාධිකරණය පොන්සේකාට මාස තිහක සිරදඬවමක් නියම කෙළේය. පොන්සේකා මේ වන විට දෙවසරක් සිරදඬුවමක් ගෙවා ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නායකයාට ජයවේවා...
විනිසුරුවරයාට අපගේ ප්‍රණාමය..
විශිෂ්ඨ සෙම්පතියානෙනි, නිවැරදි විශිෂ්ඨ තීරණයකි.
සත්‍ය ජයගනී..
ගොඩක් සතුටුයි. රට බේරා ගත්ත නියම වීරයා..
ලක් මෑණියන්ගේ වීර පුතනුවනි, ඔබ එනතෙක් අපි මග බලා ඉන්නෙමු. අපිව ගලවා ගන්න..
ඇත්ත අවදා හරි දිනනවා. ඔබ තමයි නියම නායකයා..
යුක්තිය අසාධාරණය රජයන ලෝකයක මිනිකිරුලකි ඔබ..
නියමයි..
උගත් කමේ දක්ෂතාවය..
ඔබ පමණයි දැනට ඉන්න විපක්ෂ නායකයා. ඉක්මනට නිදහස් වී ඇවිත් අපිව බේරා ගන්නා..
නියමයි. සත්‍ය කවදා හරි ජයගනී..
ජයවේවා සර්
ගොඩක් අය හිතන්නේ ෆොන්සේකා නිදහස් කියලා විතරයි. එහෙම නෑ..
යුක්තිය ඉටු කළ විනිසුරුතුමාට අපේ ප්‍රමාණය..
ජයවේවා.. ඔබට දිගාසිරි
ඔබ එනතුරු ජනතාව මග බලා සිටී..