විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී පසුගිය දා පැවැති විරෝධතාවේ දී එහි දේපොළට අලාභ හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හිමිවරු හතර දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජුනි 07 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
තවත් විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙක් රුපියල් දස දහසක මුදල් හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුරක් ඇඳගත්ත පළියට මුරදේවතාවො වෙන්නෙ කොහොමද, එයලෙගෙ හැසිරීමෙන් නම් පෙනුනෙ පාතාල මැරයො ටිකක් වගේ. ඉතින් එහෙම අය ඉන්නම් ඕන ඇතුලෙ තමා. (බ)
බුද්ධාගමට අගෞරව කරන දේශපාලකයන්ගෙන් රට බේරා ගනිමු. (ස)
වාරියපොළ හාමුදුරුවෝ එදා සුද්දන්ට යටත්වෙන දවසේ ගිවිසුමට අත්සන් කරන්නට පෙර ඔසවා තිබු කොඩිය බිමදමා සිංහල උරුමය පෙන්වූවා. එදා මේ රසික සමන්තිලා එතන හිටියා නම් ඒ හාමුදුරුවොත් හිරේට යවන්න කුමන්ත්‍රණය කරාවි (නි)
පෙරේරා , අනාගතයේදී පිරිත් අහන්නයි , දානේ දෙන්නයි වෙලාවක් වෙන් කරගන ඇතුළට තමා යන්න වෙන්නේ (බ)
ඔය වැඩ වලින් අන්තිමට පිරිත් ටිකක්වත් දානයක් දෙන්නවත් හාමුදුරුවරු හොයාගන්න බැරිවෙයි. (නි)
දේශපාලකයෝ එළියේ සිටින විට හිමිවරු ඇතුලේ දමති (ම)
මේ අයට අනිවාර්යෙන් දඬුවම් කළ යුතුයි. ඔවුන්ගේ හැසිරීම ඉතාම අශිෂ්ටයි. බෞද්ධ හිමි නමකට සුදුසු හැසිරීමක් ඔවුන් තුල නැහැ. මෙවැනි ක්‍රියා බෞද්ධාගමට මහත් නිගාවක්. (ම)
දුෂිත, මිනීමරු දේශපාලකයොත් යවමු ඇතුලට (නදී)
සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් සහ සිවුර හැඳ කලහකාරී ලෙස හැසිරෙන කෙනෙක් අතර වෙනසක් ඇත (නි)
මේ අය භික්ෂු වාට්ටුවට යවමු . (ම)
බුද්ධාගමේ මුර දේවතාවන් හිරේ විලංගුවේ දමන්න තරම් යහාපලනය මෛත්‍රී වුණා, ඔහොම ඉන්නකෝ (ම)