භික්ෂුන් වහන්සේලා හයසිය නමක්ද සිල්මෑණිවරුන් සිය නමක්ද උපාසක උපාසිකාවන් දෙසීය දෙනකු ද සහභාගීවන අසදෘශ පිණ්ඩපාත චාරිකාවක් පන්නිපිටිය ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාමය ලබන 14,15 දෙදින සංවිධානය කරයි.
ධර්ම දේශනා , සර්වඥ ධාතු ප්‍රදර්ශන හා සර්ව රාත්‍රික ධර්ම දේශනා ද ඇතුළත් මෙම පිංකම මීතිරිගල සෝරත හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විජයසිරිවර්ධනාරාමාධිපති අලුත්නුවර සුමනතිස්ස හිමියන්ගේද විහාරාධිකාරි සේනපුර නන්දරතන හිමියන්ගේ ද ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිණ්ඩපාත චාරිකාව පැවැත්වේ.තපෝවනයේ සද්ධාජීව හිමි හා මිල්ලෑවේ මහින්ද හිමියන්ද මෙම පිංකම් වලට සහභාගි වන මහා සංඝරත්නය අතර වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු!! අපේ පන්සලේ කෙරෙන යහපත් දෙයක් (නි)
ඉතා හොද පින්කමක්. සැමට සෙත්වේවා!! සාදු !!! සාදු !!! සාදු !!! (නි)
නෙත් සිත් නිවේවා ! මෙත් සිත් දියුණු වේවා! යහ සිතිවිලිම වේවා!. නිවන් දොර සැමටම ඇරේවා ! (නදී)
සැදැහැවත් පින්වත්නි සියලු විස්තර අපගේ වෙබ්අඩවිය ඔස්සේ ලබාගත හැක .නැතිනම් දුරකථනය ඔස්සේ සම්බන්ද විය හැක www.danaparami.net ප්‍රධාන සංවිදායක - ආයුර්වේද වෛද්‍ය දුමින්ද අදිකාරී : 0779713788 (අ)
මෙම පන්සල තියෙන්නේ හයි ලෙවෙල් පාරේ මොරකැටිය හන්දියේ සිට 1.5 km ඇරැව්වල පැත්තට, ඕනෑම වෙලාවක පන්සලට ගොස් විස්තර ලබා ගත හැකිය. පසු ගිය අවුරුදු කිහිපය තුල ගොටාභය මහතාගේ කාරුණික අනුග්‍රහයෙන් නවීකරණ කිහිපයක් සිදු කරන ලදී. ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටා ඇති සුන්දර පන්සලකි . (අ)
සමන්, මම දන්න විදිහට මෙම පන්සල සංවිධානය කිරීමට ආධාර දුන්නේ ගෝඨාභය මහතාගේ පුද්ගලික දානයෙන් නොව, මහජන මුදල ප්‍රතිපාදන වලින්, ( රජයේ මහජන මුදල් වලින්, දැන් බෝඩ් ලෑලි සංස්කෘතිය ගැලවීමට කාලය පැමිණ ඇත.) (බ)
අපේ පන්සල - ගමේ පන්සල අපේ හිත හැදුවා. අපේ පන්සල දිනෙන් දින දියුණුවටම පත්වේවා. අපේ හාමුදුරුවන්ට මෙවැනි දේ තව තවත් කිරීමට දීගායු ලැබේවා. (අ)
සාදු සාදු සාදු!!! මේ පිණ්ඩපාත පිංකමට සහභාගි වී සැවොම පින්කෙතක් නිර්මාණය කරගනිත්වා! උතුම් වූ නිර්වාණයටම හේතුවාසනා වේවා! (නි)
හොඳ පින්කමක් (නි)
මේ පුණ්‍යකර්මයට සම්මාදම් වන්නේ කෙසේද? (නි)
අපේ පන්සල පත්තරේ තියෙනවා දැක්කම සිතට ආසයි ... තව තවත් වැඩි දියුණු වේවා....!! අපිත් ගොඩක් දායක වෙනවා මේ හැම දේකටම (බ)