විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා භූමියේ පැවැති උද්ඝෝෂණයේ දී හිමි නමක් එල්ල කළ බව කියන ගල් පහරකින් දෙමටගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවට ඇතුළු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
උද්ඝෝෂණයට එක්වූ හිමිවරු පස් දෙනෙක්ද රෝහලේ සිටිති.
කාන්තාවක බාහිර ප්‍රතිකාර ලබා පිටවී ගිය බවද රෝහල් ආරංචි කියයි.
කුරුදුවත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාද තුවාල ලබා රෝහල් ගත කර සිටි.
උප පොලිස් පරික්ෂකගේ තත්ත්වය බරපතල බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනායක ස්වාමින් වහසේලා සියලුම භික්ෂූන් වහන්සේලා ගැන පොදු තීරණයක් ගන්නේ නම් හොඳයි. වෙනත් ආගම් ගැන ඒවාට දොස්කියන සමහර හාමුදුරුවරු මේවා ගැන හිතනවා නම් හොඳයි. වෙනත් ආගම් වල හැසිරීම් වලින් ආදර්ශ ගන්න (නි)
ඉගෙන ගන්න කාලේ සිවුර දාගෙන කාලා බීලා ඉගෙන ගෙන උපාධිය ගන්නකොට සිවුරු ඇරලා එන්නේ සමහරු (බ)
හාමුදුරුවන්ට සුදු රෙද්දක් දාලා, උස් පුටුවක වාඩිකරවන්නේ, දානෙ ටික බෙදලා වඳින්නේ තියෙන ගෞරවයට. ඒක රැකගන්න හාමුදුරුවරුන්ට ඉගැන්විය යුතුයි. ගිහියොවත් නොකරන වැඩනේ මේ කරන්නේ. කෝ විනය, ශික්ෂණය, ඉවසිම....? අපිට බණ කියන්නෙ කොහොමද මෙහෙම තත්වයක ඉඳගෙන. (නි)
අපේ රටේ බහුතර ස්වාමින් වහන්සේලා දන්නෙ නැත්තේ බණ විතරයි. අනෙක් හැමදේකම පරතෙරට ගිහින්. ඈන් කිව්වා වගේ මේ අයට පිරිවෙන් අධ්‍යාපනය ලබාදිය යුතුයි. විනය ඉවසීම ඉගැන්විය යුතුයි. මෙහෙම ගියොත් අපේ රටේ ශාසනයයි පිරිහෙන්නේ. තමුන් තමන්ගේ භුමිකාව හරිහැටි අවබෝධ කරනොගැනීම තමයි මේ හැමදේකටම මුල. (නි)
පුංචි දරුවෙකුට පෙන්වන්නෙ කොහොමද " අන්න පුතේ සාධු කෙනෙක්" කියලා. දරුවො බයවෙනවා මේවා දකිනකොට.මහානායක ස්වාමින් වහන්සේලා සංඝ සමාජයේ හැසිරීම විනය පාලනය කළයුතුයි. (නි)
හිමිනමක් ඔහොම කරනකොට ගිහියන් මොනවා නොකර සිටීද? (නි)
අන්තරය කියන්නේ ගිහි තරුණ ළමුන් පමණක් නොව තරුණ පැවිදි හිමිවරුන්ද නොමඟ යවන ඔවුන්ගේ ජීවිත කඩානප්පල් කරන, මළමිනී කරගසාගෙන ගොස් දේශපාලන වාසි ලබනු පිණිස සිසුන් බිල්ලට දෙන සංවිධානයක් ලෙසයි මම නම් දකින්නේ. එය නොදන්නා මේ හිමිවරු නිකරුණේ තම ජීවිත කාලකන්නි කරගනිද්දී මොවුන්ගේ නායකයෝ පාලකයන් සමඟ එක පතේ වැළඳීමට වුව මැළි නොවෙති. (නි)
ප්‍රවෘත්ති දකිද්දී මට නම් හිතෙන්නේ මේ ඔක්කොම අය පුජනීය සිවුර හැරයන අය. මෙයාලට දෙන්නම ඕන පිරිවෙන් ඉගැන්වීමයි. මම හොඳටම දන්නවා අන්තරේ කියන්නේ විනාශේ කියල. (බ)
හිස මුඩු කළ නොහැකි ශ්‍රමණයෙක්, භික්ෂුවක් ලෙස පිළිගැනීමට හොඳ බෞද්ධයෙක් හැටියට මා කිසිසේත් එකඟ නොවෙමි. එනයින් මේ පිරිස භික්ෂුන් ලෙස පිළිගත නොහැක. චීවරයක් ගත දවටා ගත පමණින් යමෙක් භික්ෂුවක් වන්නේද..? වර්තමාන දරුවන් මේ දකින්න 'භික්ෂුවකගේ' ප්‍රතිරූපය නම් බුද්ධ ශාසනයේ අනාගතය කෙසේ වෙයිද...? (බ)
දැන් ඉන්න සමහර භික්ෂුන් වහන්සේලා අපිට පන්සිල් දීලා, උන්වහන්සේලා පහම කඩනවා...(බ)
මේ දුන්න ආදර්ශය සම්පුර්ණයෙන්ම වැරදි.මීට වඩා සාමකාමී වැඩ පිළිවෙලක් කරා නම් ජනතා අවධානය දිනාගන්න තිබුන. සැලැස්මකට අනුව මොළේ පාවිච්චි කරලා වැඩ කරා නම් මේ අරගලය වෙනස් විදියකට ගොඩක් දුර ගෙනියාගන්න තිබුන...(බ)
අපේ සම්බුද්ධ ශාසනයට වෙන්න යන විපත ගැන ලොකු කණගාටුවක් දැනෙනවා මේවගේ හිස් භික්ෂුන් කරන ලජ්ජිත වැඩ නිසා. මිනිස්සු දෙන දානේ වලලා තමන් මහන වුන අර්ථය සිද්ධ කරගන්නේ නැතිව රට හදන්න දගලන්නේ තමන් පැවිදි වුන අර්ථයවත් දන්නේ නැතිව. භික්ෂුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය අහෝසි කරලා දාල පිරිවෙන්වල ධර්මය විතරක් උගන්වන්න ඕන. කරුණා කරලා බුද්ධ ශාසන අමත්‍යංශය මේ සඳහා මැදිහත් වෙලා මේ බුද්ධ සාසනයට සිද්ද වෙන අපකීර්තිය නවත්වන්න උත්සය කළොත් අගය කරනවා. නැත්නම් බුදු රජාණන් වහන්සේගේ භික්ෂුන් නොවන මේ සුළුතරයක් කරන නොහික්මුණු වැඩ නිසා බුද්ධ සාසනය වැළලිලා යන දවස වැඩි ඈතක නෙමෙයි. (බ)
මෙවැනි දේවල් දකිනකොට අපට ගොඩක් දුකයි.(හේ)
විශ්ව විද්‍යාල වලට ගන්නේ ඉසෙඩ් ලකුණු අනුව නම් මේගොල්ලෝ බොරුවට ඝෝෂා කරන්නේ ඇයි.උසස් පෙළ විභාගෙදි හොඳින් ලියලා ඉසෙඩ් ලකුණු වැඩියෙන් ගන්න.විශ්ව විද්‍යාලයට හොඳින් තේරේවි. (නි)
යහපාලනය ක්‍රියාත්මක වේවි කියලා හිතනවා මෙවන් දේවල් වලට (ම)
මේ අය හිමිවරුද? (නි)
මෙවන් දර්ශන නැවත අපට දකින්නට නොලැබේවා! හිමිවරු යනු හික්මීම ඇති පිරිසක් බව අසා ඇත්තෙමි.ඔබවහන්සේලාට මේ කාරණා ඉටුකර ගැනීමට වෙනත් මාර්ගයක් නැද්ද? ඔබවහන්සේලාට අප හදවත් තුළ ඇති ගෞරවය මෙවන් දේ තුළින් නැතිවීයාමට ඉඩ ඇත. (නි)
බලනකොට මේ දෙගොල්ලොම එකයි .... (නි)
යහපාලන පිරිත් පැන් සහ සුවඳ දුම් වලින් සත්කාර කරලා තියෙන්නේ කමක් නැ. ඉල්ලුවේ ඔව්වනේ. දැන් ලැබිල තියෙන්නේ මොකටද අඬන්නේ. (බ)
සමහර ලොකු හාමුදුරු නමවල් කරන වැඩ දකිනකොට මෙව්වා මොනවද (බ)
මේ ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම් නොසලකා කටයුතු කරන පාලකයින් ගිහියන්ට මෙන් භික්ෂුන් වෙනුවෙනුත් කුළු පොලු ගනී නම් එ්ක මහා ඛේදවාචකයක්ද..ඉතාම දුප්පත් පවුල්වලින් පැමිණ සසුනත් රැකගෙන සමාජයට යම් යහපතක් කරන්න ඉන්න අනාගත භික්ෂුන් රැක ගැනීම කාගේත් යුතුකමයි..සමාජය ඉදිරිටය යන්න නම් වඩාත් දැනුමෙන් හා උගත් කමෙන් යුතු භික්ෂු භික්ෂුණින් වහන්සේලා පිරිසක් පිරිසක් බිහි කළ යුතුමයි..අන්‍ය පුජක වරුන්ටද අදාලයි.(බ)
විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පැවිදි පක්ෂයෙන් ඉවත්කර ගිහියන්ට ලබාදිය යුතුයි. හාමුදුරුවන්ට කලින් තිබුණා වගේ පිරිවෙන් අධ්‍යාපනය ලබාදිය යුතුයි. අනිත් පූජක පක්ෂයටත් ඒ අයගේ ආගමික ස්ථානවල එම අධ්‍යාපනය ලබාදිය යුතුයි. මෙයාලා මේ උදුරාගන්නේ අ.පො.ස. උ/පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාල වලට නොතේරී ගෙදරට වෙලා ඉන්න ළමයින්ගේ අයිතිය. එය විභාගය සමත්වුණ ළමයිනට කරන අසාධාරනයක්. පූජක පක්ෂය මොකටද විශ්ව විද්‍යාල වලට යන්නේ. එයාලා ගිහි සමාජය හැරගිය පිරිසක්නේ. (නි)