(අංජුල මහික වීරරත්න)
හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම වැඩ පිළිවෙල නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා හම්බන්තොට මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි බස්නාහිර, නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීම වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට සුදු අලින්ගෙන් වැඩ ගන්න සැරසෙයි 99 අවුරුද්දට බදු දීලා සොච්චම් චෙක් පතක් ෆොටෝ ගහලා පෙන්නමු මෙයා දැන් චීනයට ආදායම් මාර්ගයක් හදලා දෙන්නයි යන්නේ
හැමදාම සැලසුම් හදනවා. නැතිනම් කමිටු දානවා. කරන දෙයක් නෑ...
වැඩේනම් නරක නැහැ ඒත් ඒක කරන්නෙ කරුණු දෙකකට කියලා හිතෙනවා එකක් අහවලා සමාදානයේ සැතපෙන්න ඉස්සර වෙලා හතර වටෙන්ම ඔහුට වැදුණු අසූචි සෝදා ශුද්ධ පවිත්‍ර කිරීම ඊළඟට ඔටුන්න හිමි කුමාරයාට රජකම ලබන්න පහසුකම් හැදීමට එක්ක තමයි එහෙම කරනවා ඇත්තෙ.එහෙම නැත්නම් ඉතින් ජනාධිපති තනතුර දුන්නට කොහොම සලකන්නද
හම්බන්තොට වරාය චීනෙට දීලා ඉවරයි. ආයෙ සැළසුම් ගැන බොරු කතා කියවලා වැඩක් නෑ. ටයි මහත්තයා විකුණගෙන කාලා ණයට ජොලි කරලා ගෙදර යයි.