IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හම්බන්තොට වෙරළ උයනට කෝටි 4 ඇදෙයි

2012 වර්ෂයේ  ලංකා  මිනරල්  සැන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ  ඛනිජ වැලි  සංයුක්ත මණ්ඩලය රුපියල්  මිලියන 40 ක පමණ මුදලක්  රාජ්‍ය  ආරක්ෂක හා  නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින්  ලබාගෙන හම්බන්තොට  වෙරළ උද්‍යානයක්  ඉදිකරන මුවාවෙන්  වංචා සිදු  කිරිම සම්බන්ධයෙන් විමර්ශනයක්  ආරම්භ කර  ඇති  බව මුල්‍ය  අපරාධ විමර්ශන අංශය  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ට  දැන්වීය.

දැනට ලංකා මිනරල්  සැන්ඩ්ස් ලිමිටඩ් හි  නිසි බලධාරියා  ලෙස කටයුතු  කරන තෙල්ගේ අශෝක පිරිස්  මහතා  විසින්  2016.02.29 දින කරන ලද පැමිණිල්ලකට  අදාළ මෙසේ  මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්  විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට  කරන ලද පැමිණිල්ලේ, පැමිණිලිකරු  දක්වා  ඇත්තේ ඛනිජ  වැලි  සංයුක්ත මණ්ඩලය සම්පුර්ණයෙන්ම රජයට  අයත්  ආයතනයක්  බවත්  , එම ආයතනයෙන්  රුපියල්  මිලියන 40 ක මුදලක්  නාගරික සංවර්ධන අධිකාරිය විසින් හම්බන්තොට  වෙරළ උද්‍යානයක්  තැනිමට  යොමු  කිරිම මෙම ආයතනයේ  විෂය පථයට  පවා  අදාල නොවන කරුණක් බවයි.

එමෙන්ම පැමිණිලිකරු  පවසන්නේ 2012 ජනවාරි එවකට  සිටි පාලකයන්  විසින්  චෙක්පත් දෙකක්  මගින්  මෙසේ  රුපියල්  මිලියන 40 ක මුදලක්  නාගරික සංවර්ධන අධීකාරියට  ලබාදී  ඇති බවයි.

කෙසේ වෙතත්  මෙසේ ලබාගත් මුදල් වලින්  යෝජිත වෙරළ උද්‍යානය ද ඉදි කර  නැතැයි පැමිණිලිකරු පවසයි.

ඛණිජ වැලි  සංයුක්ත මණ්ඩලයේ  කර්තව්‍ය වනුයේ  ‘පුල්මුඩේ’ ඛණිජ වැලි  කැණිම් මගින් ගොඩගෙන එම ඛණිජ වැලි   පිරිසිදු කර  විදේශයේ හී විකිණිමේ රාජකාරිය බවත් , පැමිණිලිකරු සඳහන් කරයි.

තවද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම මුදල්  හුවමාරු කිරිමට  අදාල විස්තර  ලබා ගැනිම සඳහා  ඛණීජ වැලි සංයුක්ත මණ්ඩලයට  අයත් බැංකු ගිණුම් වාර්තා  පිරික්සිමට  අධිකාරිණයෙන් අවසර  පැතිය.

මහේස්ත්‍රාත්වරයා  වැඩිදුර විමර්ශනය කොට  අධිකරණයට  වාර්තා කරන්නැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.



අදහස් (0)

හම්බන්තොට වෙරළ උයනට කෝටි 4 ඇදෙයි

ප්‍රදීප් Friday, 01 April 2016 09:31 PM

හම්බන්තොට කිව්වා නේද? හ්ම්... හ්ම්... මට හිතාගත හැකියි වෙලා තියෙන දේ. කිසිම පුදුමයක් නැහැ (නි)

:       0       0

සම්පත් Friday, 01 April 2016 02:49 PM

කරලා පෙන්වන්න ආයේ දෙන්න දෙයක් නැහැ. කරපුවා තමයි ඔය තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site