
(යොහාන් භාසුර)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙම වසරේ (2021) පළමු මාස හය තුළ සමස්ත තොග භාණ්ඩ හැසිරවීම පරිමාව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 186 කින් වර්ධනය කරගෙන ඇතැයි හම්බන්තොට වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.
පසුගිය වසරේ (2020) ජුනි මස අවසානය වන විට සමස්ත භාණ්ඩ හැසිරවීමේ පරිමාව මෙට්‍රික්ටොන් 420,421 ක් වූ බවත් එය වර්තමානය වන විට මෙට්‍රික්ටොන් 1,206,425 දක්වා කැපී පෙණෙන ලෙස ඉහළට ගෙන ඒමට හැකියාව ලැබී ඇතැයි තිස්ස වික්‍රමසිංහ මහතා කීය.
හම්බන්තොට වරාය ද ඇතුළත් ‘සීඑම්පෝට්’ සමාගම (මව් සමාගම) සතු වරායන් සම්මත අඩි 20 බහාලුම් මිලියන 66.57 සංඛ්‍යාවක් හසුරුවා ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 21.3 ඉහළ යෑමක් බව කී තිස්ස වික්‍රමසිංහ මහතා ‘සීඑම්පෝට්’ සමාගමේ වරායන් හසුරුවා ඇති තොග භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික්ටොන් මිලියන 284 ක් යැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා ගිය රජය කාලේ චීන්නු ඕක ගන්නකොට
වැඩි කල් නොගොස් චීන්නු හම්බන්තොට වරාය ලෝකයේ බලවත් වරායක් බවට පත්කරනවා. අප කල වරද අති දීර්ඝ කාලයකට බදු දීම සහ අඩු කොටස් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව සතු කර ගැනීමයි.
මේක රටට අහිමි කල ලක්ෂ 62 ට මොනවගේ හෙනයක් වදීද ?