(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි - 042)
හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන වෙළෙඳ වරාය සමාගම අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.
වරායේ ආරක්ෂාව පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට රජය සූදානම් වෙයි. කෙසේ වෙතත් අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව චීන සමාගමට එහි හමුදා කටයුතු කිරීම සම්පුර්ණයෙන් කර තිබේ.
වරාය සම්බන්ධ වාණිජමය කටයුතු සඳහා වරාය දේපල චීන සමාගමට වෙන් කරන බව පිටු 75 කින් සමන්විත වන එම ගිවිසුමේ සඳහන් වෙයි. කොන්දේසි මත එම අයිතිය ලබාදීමට නියමිත ය.
කිසිම හේතුවක් මත ශ්‍රී ලංකාවේ භුමි ප්‍රදේශවල, අහසේ හෝ මුහුදේ හමුදා අභ්‍යාස කිරීමත්, සම්බැරීන, යුද නැව් හා හමුදා උපකරණ මෙරටට ගෙන්වීමත් සම්පුර්ණයෙන් තහනම් වෙයි. සන්නිවේදන ජාල සවිකිරීම හා හමුදා පිරිස් ගෙන්වීම ද තහනම් කර ඇත.
වරායේ ආරක්ෂක කටයුතු පාලනය කිරීමට ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, වරාය අධිකාරිය හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝජිතයින් සහිත කමිටුවක් පත් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සන් කරන්න යන ගිවිසුමයි කල සිමාව අවුරුදු15 වඩා දීම නොකර යුතුය.
මොනවා කරත් මොලෙන් කරන්න.
යහපාලනය හෙට අනිද්දට මොනවා විකුනයිද මන්ද?
ඩොලර් මිලියන ගණනකට අවුරුදු පහකට ගිවිසුම් අත්සන්කරන්න කොන්දේ බැඳපු චීන්නු දැන් නැහැ.
බුදු සරණයි ශ්‍රී ලංකාවට
ඉන්දියාව ටිකක් සීරුවෙන් හිටියේ චීනය මාගම් වරායේ සිටගෙන යුද අභ්‍යාස කිරීමට, ඉන්දීය සාගරයේ ඉන්දියාවට ඉහලින් යාවි කියා හිතා ගෙන. අපේ රටේ සියලුම තැන් වලට වගේම අපේ වරාය අපට කැමති විධියකට කැමති රටකට දෙන්න බැරි විදියට කටයුතු කළා යන්න මින් පැහැදිලියි. (අ)