හෙදවරුන් දෙදෙනකු ආචාරශීලි නොවෙතියි කියමින් හම්බන්තොට රෝහලේ වෛද්‍යවරු අද වැඩ වරා සිටිති. ඔවුන් දෙදෙනා ඉවත් කරන තුරු වර්ජනය කැරගෙන යන බව වෛද්‍යවරු කියති. තමන් අත කිසිම වරදක් නැතැයි හෙදවරු දෙන්නා කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහල තියනවා නේද අර කොටිය කනෝ කොටිය කනෝ කියල කතාවක් ................... දොස්තර තුමෝ .......... කවද හරි ඔබ තුමන්ලා හරි දෙකට කතා කරනකොටත් මිනිස්සු ඇහැක් ඇරලා බලන්නේ නැතිවෙයි (ස)
ඉන්ද්‍රජිත් හරි. දොස්තරලාටත් කවදාහරි වෙන්නේ දේශපාලඥයන්ට වුණ දේම තමයි. (නි)
හම්බන්තොටට අළුත් රෝහලක් ඕනද දන්නේ නෑ.(ස)
එතකොට මේ වර්ජනයට වගකිව යුත්තේ රෝගීන්ද? (නි)
කොහෙන් ගියත් අන්තිමට තෑලෙන්නේ පොඩි මිනිහා තමයි ඉතින්. (නි)
එහෙනම් අද හම්බන්තොට පෞද්ගලික රෝහල් වලට වාසි ඇති .(ස)
ගරුත්වය බලෙන් ලබා ගන්න බැහැ. තමන් ගරු කටයුතු ලෙස සිටිනා විට ගරුත්වය තමන්ටද ඉබේම ලැබෙනවා. (නි)
හිතක් පපුවක් නැද්ද අසරණ මිනිසුන් ගැන? (නි)
මිනිස්සු දොස්තරවරුන්ව සලකන්නේ දෙවිවරු විදියටයි. .ඒත් මේ යන විදියට ගියොත් ළඟදිම දොස්තරවරු ගුටිකනවා මිනිස්සුන්ගෙන් ...(ස)
නියමයි වෙන්න ඕන එහෙම තමා (දී)
දොස්තර කියන්නේ වැදගත් වෘත්තියක් බව සිහිතබා ගන්න (නි)
කව්ද සාධාරණ? (දී)
ගුටි තමයි දෙන්න ඕනි. (ස)
හම්බන්තොට වැඩිපුර ඉන්නේ මහ ආඩම්බරකාරයෝනේ. එහෙම අයට කොයින්ද ආචාරශීලී බවක්? (නි)
සල්ලි නැති මිනිස්සුන්ට මැරෙන්න තමා වෙන්නේ (දී)
හෙට අනිද්ද වෙනකොට දොස්තර කෙනෙකුට ශරීර කෘත්‍යක් ඉටුකරන්න අවශ්‍යතාවක් හැදුනත් ස්ට්‍රයික් කරන්න ඉඩ තියනවා.(ස)
හැම සෞඛ්‍ය කොට්ඨාශයක්ම තමන්ගේ නම්බුව නැති කරගෙන ඉවරයි. (නි)
අසරණ මිනිස්සු.........(දී)
උදේට ඉස්පිරිතාලේ හවසට ප්‍රයිවට් (දී)
හෙදියන් දෙන්නෙක් යවමුද වැඩට ? (දී)
මේ විදියට ගියොත් වෙන්නේ රජයේ සියලු රෝහල් පෞද්ගලීකරණයට ලක් කරන්නට වීමයි. (නි)
හැමතැනම ස්ට්‍රයික් අන්තිමේ මේවගෙන් තැලෙන්නේ අහිංසක මිනිස්සු නේද ??(ස)
රෝගීන්ටත් සංගමයක් හදා ගන්න වෙයි වගේ මේවට මුහුණ දෙන්න. (නි)
මෙයාලට තියෙන්නේ දෙවිදියක ආචාරශීලීකමක්. (නි)
වර්ජනයට එන්නතක් හොයාගෙන නැද්ද තවම.(ස)
බොහොම හොඳයි අනාගත වෛද්‍ය වරුන්ට දෙන ආදර්ශය .නීති තද නැති නිසයි හැමෝම නටන්නේ..(ස)
මේක දැන් පුදුමාකාර විහිළුවක් වෙලා. කොහේ හරි තැනක නර්ස්ල හරි දොස්තරලා හරි වර්ජනේ. මේ අය තමන් රජයෙන් පඩි ගන්න බව අමතක කරලා. පඩි කියන්නේ බදු (ටැක්ස්) ගෙවන මිනිස්සුන්ගේ සල්ලි තමයි මේ අය ගන්නේ. අද ඉන්න දොස්තරලා දිස්ත්‍රික්ක පදනම යටතේ අඩු ලකුණු අරගෙන විශ්වවිද්‍යාල වලට ආපු අය. ලංකාව තමයි වැඩි ලකුණු තියෙන ළමයි පැත්තක තියල අඩු ලකුණු ගතිපු අය විශ්වවිද්‍යාල වලට ගන්න එකම රට. ඒ විතරක් නොවෙයි, මේ දොස්තරලා පුද්ගලික විශ්විද්‍යාල හදනවටත් විරුද්ධයි. අනේ මන්ද? (ස)
රෝහල් අසලදී කහින්නවත් බයයි දැන්..(ස)
ප්‍රේමදාස මහත්තයා නැති එකේ පාඩුව මේ වෙලාවට තමයි තදින්ම දැනෙන්නේ. (නි)
ආචාරශීලී නම් ලෙඩ්ඩුන්ට මෙහෙම සළකයිද? (නි)
වර්ජනය කළහම ඉතිං නිකන් පඩි ලැබෙනවනේ. (නි)
ඩොස්තරලා ස්ටයිල් එකට ස්ට්‍රයික් කරනවා. නිකන් ඉන්න මිනිස්සු තමයි මෑරෙන්නෙ. (නි)
ඇයි ඒ මහත්තයා හිටියනම් බෙහෙත් කරනවද ?(ස)
ඔවු අමිල, හැදිලා තියෙන හැදෙන්න තියෙන ලෙඩ ඔක්කොටම ප්‍රේමදාස මහත්තයා ළග බෙහෙත් තිබුණා. (නි)
කාට කියන්නද? (දී)
අපේ සල්ලිවලින් ඉගෙන ගෙන අපිටම පාට් දානවා (දී)
පව් අසරන රෝගීන් (දී)
අයියෝ මෙයාලා පෙරපාසල් යන අය වගේනේ..(ස)
දොස්තරලගේ අලුත්ම විලාසිතාව !!!!!! ලංකාවේම පමණයි..(ස)
මේ ගැන එම දිස්ත්‍රික්කයේ සිටින උතුමන්ලා බලා ගනීවි. (නි)
රජයේ සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන කතාකරපු අපිටත් සවුත්තුව.. ! කාලයක් හෙද සංගමය හෙදියන්ගේ නොවිසඳුන ගැටළු පසෙක තිබියදී කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ අයගේ ගවුම ගැන වර්ජනය කළා. වෛද්‍ය සංගමය සම සෞඛ්‍ය සේවා උපාධියේ කාලය කෙටි කරන්න වර්ජනය කළා. යුද්දෙට ගෙනියන්න තියෙන කඩුව නේද මේ මහජන කෝපය හමුවේ මොට්ට කරවා ගන්න හදන්නේ? මේවයින් කවදා හරි සිදුවන්නේ මර්ධනයේ හස්තය ශක්තිමත් වීමයි. (ස)