(නිමන්ති රණසිංහ)
බම්බලපිටිය කොතලාවල ඇවනිව් ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.
එරාජ් ප්‍රනාන්දු මහතාගෙන් පහරකෑමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටීයි.
සිය මෝටර් රථයෙන් තනිවම එම ස්ථානයට ගොස් ඇති එරාජ් ප්‍රනාන්දු මහතා මෙම පහරදීම කර ඇතැයි පැවසෙන්නේ පෙරේදා (14) රාත්‍රීයේ දී ය.
කිසිදු හේතුවක් සඳහන් නොකර පැමිණී එරාජ් ප්‍රනාන්දු මහතා තමාටත් තමන් සමග සිටි අනෙක් ආරක්ෂක නිලධාරියාටත් පරුෂ වචනයෙන් බැන වැදී පහර දුන් බව එම ස්ථානයේ රැඳී සිටි පෞද්ගලික අංශයක ආරක්ෂක නිලධාරියකු බම්බලපිටිය පොලිසියට කළ පැමිණීල්ලේ සදහන් වෙයි.
ඔහු මෙම පැමිණීල්ල කර තිබුණේ ඊයේ (15) පෙරවරුවේ දීය.
කිසිදු අදාළත්වයක් නොමැතිව එම ස්ථානයට පැමිණ ඇති එරාජ් ප්‍රනාන්දු මහතා එහි සිටි ආරක්ෂක නිලධාරින්ට බැණ පහරදී ඇත්තේ කුමන හේතුවක් මත දැයි මේ වන විටත් කරුණු අනාවරණය වී නොමැති බව ද පොලීසිය පවසයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම ප්‍රකාශ ඔස්සේ පරීක්ෂණ පවත්වා එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවත් බම්බලිපිටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.
ඒ අනුව, එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විශේෂ කණ්ඩායමක් ඔහු සොයා පිටත්ව ගොස් ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් පවසයි.
බම්බලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා ඇතු`ථ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර පිස්තෝලයක් අරගෙන ඉස්සර කාලේ යකා නටපු උන්නැහේ නේද? ආයිත් නටන්න පටන් අරගෙන...
ඔහුගේ ස්වභාවය අපි කවුරුත් දනිමු!
විමර්ශනය කරන අතරවාරයේ එන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන්න පොලිස් මහත්වරුනි...
පරණ කේස් වලට තවම හිරේ ඉන්න ඕන කෙනෙක් නේද මේ ?
එරාජ් රත්වත්තෙලා නටන නාඩගම් මොකක්ද කියලා ටිකක් සොයා බැලුවොත් හොඳයි .මේවා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන කුමන්ත්‍රණ වෙන්නත් බැරි නැහැ
ඔය නිසා තමයි හම්බන්තොට පැත්තෙ හරක්ගෙ බෙල්ල හරහ පොල්ලක් ගැට ගහන්නෙ. නැත්නම් උන් වැටවල් වලින් පැනල ගිහින් ඔය වගෙ වැඩ කරනව.
එකම රටක එකම නීතියක් කියලනේ කියන්නේ .ලංකාවේ එහෙම උනත් වෙන රටවල එහෙම නැතුවා .
මුගේ ඔලුව හිල්වෙන්න අනින්න එකෙක් ලංකාවේ නැද්ද ? එතකොට මොලේ මතුවෙයි
පේනවා නේද මේ මී හරකගෙ ගොන් වැඩ.අද අපට වෙලා තියෙන්නේ ඇමැතිවරු,රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමතිවරු කරන මී හරක් වැඩ ගැන තියෙන ප්‍රවෘත්ති අහගෙන ඉන්න තමයි.
අනගාරික ධර්මපාල තුමා කියලා තිබුනා හම්බයො වගේ හැසිරෙන්න එපා කියලා .එහෙම කිව්වේ සිංහල මිනිස්සුන්ට පමණයි
කැලේ මාරු උනාට මේ ගොනාගෙ පුල්ලි මරු වෙලා නෑ
ආයුධ පෙන්නන්න එක්ක යන්න සෙල්ලම් පිස්තොලේ තියෙන තැන සොයාගන්න තිබුනා .ආණ්ඩුවේ නොයෙක් අසීරුතා ජනතා අප්‍රසාදය අස්සේ යන්තම් හෝ උත්සාහයක් දරද්දී මේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද කරන්නේ .එක්කෙනෙක් එල්ලුම්ගහ හොයන් යනවා තව එක්කෙනෙක් හේතුවක්වත් නැතුව මිනිස්සුන්ට ගහනවා .එක්කෝ මිනිස්සු මේ අයට සලකන්න ඕනේ .නැත්තම් මහා විනාශයක් වෙන්නේ .මේ අඟේ ඉඳන් කන කෑමේ ගේමක් ක්‍රියාත්මක වෙන්නේ
මේ ආණ්ඩුවට 3/2 රාජ්‍ය බලයක් දීම අර වඳුරට දැලි පිහිය දුන්නා වගේ වැඩක්
මේ වගේ අයනම් රටට හරිම කරදරයක්.
ඇයි මේ වගේ එවුන් එළවලා දාන්නේ නැත්තෙ . ඉහල පුටුවල ඉන්න අය තේරුම් ගන්න ඕන මෙවැනි අය නිසා පිරිහෙන්නේ තමන් බව. වැරදි කරුවන් රකින අය තමා නියම වැරදිකරුවන් .
මෙහෙම ගිහිල්ල ගිහිල්ල තව අවුරුදු හතරකින් කොළඹත් හම්බන්තොටක් වෙයි ද මන්ද? තාම කුරුණැගල නම් පටන් ගත්ත තැනින් නතර වුණ ගමන්..
බන්ධනාගාර රාජ්‍ය ඇමති කියන පාතාලයා හැසිරුණ හැටි දැක්කහම මේවා සුළු දේවල් .මේවා තමයි ලොහාන් කියන මී හරකාගේ පුර්වාදර්ශ .කොහොමද විනයක් ඇති සමාජයක් හදන්නේ .හැම තැනම පාතාලයෝ වගේ හැසිරෙන්නේ දේශ පලුවොයි
රාජ උෂ්නේ ගහලා, මොනා කරත් බේරාගන්න කට්ටිය ඉන්නවානේ.
මේවට නඩු නෑ
මෙයා අහවලාගේ බත්බැලයෙක්.... අල්ලයි නැට්ට.......