පුද්ගලයකුට පහරදී ඝාතනය කළැයි සැකපිට ගාල්ල ලබුදූවේ විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය පවසයි. යක්කලමුල්ලේ 44 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇත. පොලීසිය පවසන්නේ ඔහු පසුගිය 27 දා රාත්‍රී හිමියන් සමග ඇතිවූ බහින්බස් වීමකදි පහර කෑමට ලක්ව ඇති බවයි. තුවාල ලබා සිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කළ ද අනවසරයෙන් රෝහලින් පිටව සිය නිවසට ගොස් තිබේ. නිවැසියන් විසින් යළි ඔහු උඩුගම රෝහලට ඇතුලත් කැර ඇත. ඔහු යළි 28 දා දහවල් උඩුගම රෝහලින් කරාපිටි රෝහලට මාරුකැර එවීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ. හරක් මරන්නනේ හොද නැත්තේ.(නදී)
කෑම වල වස හින්දා වෙන්නැති මෙහෙම ලියන්නේ? වැද්දන්න්ගේ කැලේත් අල්ලගන්නද? (නදී)
මේක මාර දෙයක්නේ. දැන් මොන දෙය වුනත් රාවය, බල සේනාව. මේ සංවිදාන තමයි දැන් ශාසනය රකින්නේ. දැන් සමහරක් අයට අරි අමාරුවක් තියනවා රාවයයි සේනාව එක්ක. මොකද ඒ අයට වුවමනා විදියට නටන්න බැරි නිසා.අනිත් කාරණය නම් අද ගොඩක් දෙන්නෙක් උත්සහ කරනවා බොරුවට සිව්රු දාගෙන බෞද්ධයන්ට අපහාස කරන්න.මේක කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලසා එකේදී මගේ අතටම අසුවන දෙයක්. මෙතන හාමුදුරු නමකගෙන් වරදක් වෙලා තිබෙනවා නම් අනිවාර්යෙන්ම දඬුවම් කළ යුතුයි...කාටත් නීතිය නීතියමයි. (නි)
මිනිසුන් හැටියට අපි ඇත්ත පිලිගත යුතුයි. මේක තමා මිනිසා තුල තිබිය යුතු අති උතුම් ගුණාංගය. "හැට්ස් ඕෆ් ටු යූ" අපේ වැරදි වසන් කිරීමට අනුන්ගේ ගිණුමට බොරු චෝදනා බැර කිරීම අධර්මිෂ්ඨයි. මුලින්ම මම හොඳ විය යුතුයි. මාගේ චේතනාවන් අනුව තමයි මේ ලෝකයේ සුන්දරත්වය දකින්නට හැකි වන්නේ. (නි)
නීල්-රනා නෙවෙයි මු නම් නීල-ගොනෙක්. ලංකාදීපය අපිට හරියටම ප්‍රවෘත්තිය දෙන්න. කව්ද මේක කරලා තියෙන්නේ හිමි නමක්ද, නැත්නම් පන්සලේ ගෝලයද කියලා? ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා.(නදී)
නියම සිද්ධිය පැහැදිලි නැහැ ගොන් කතා පිරිලා. මෙය තමා හදිසි කෝපය කියන්නේ. සිවුරක් දැරුවාට එම පුද්ගලයා රහත් වෙලා නැහැනේ ,වරදට දඩුවම නියතය.(නදී)
මෙම පුවත බලපු සංඛ්‍යාව සහ ඊට දක්වපු ප්‍රතිචාරයන් ගණනය කිරීමෙන් සංඝයා පිළිබද මහජන හැගීම මොනවට දිස්වේද යන්න බුද්ධිමත් පාඨකයා විමසිලිමත්ව සිතිය යුතුය.(නදී)
බුද්ධ පුත්‍රරයන් වාසය කළ යුතු තැන මාර පුත්‍රයන් වාසය කරනවිට මේ සිදුවීම සාමාන්‍ය දෙයක්. අද ලංකාවේ ඉන්න බෞද්දයෝ කියාගන්න බොහෝ දෙනෙක් බුදුන් වහන්සේගේ දහමවත් දන්නේ නැහැ.(නදී)
කනගාටු වට ඇති එකම කාරණය ප්‍රවෘතියක් දැක්ක ගමන් කිසිම ඉවක් බවක් නැතිව අදහස් ප්‍රකාශ කරන එක. මන්ද මෙය අදහස් ප්‍රකාශ කරන්න දීපු ඉඩක් මිසක් උසාවි තීන්දු දෙන්න හදපු ඉඩක් නෙවෙයි කියලා මම හිතෙන්නේ. ඉසමෛල් හුසේන් මහත්මයාට මගේ ගෞරවය පුද කරනවා ඔබේ අදහසට. ඉස්මෛල් හුස්සෙන් 2013-06-29 14:18:54 මේවා ගැන හරි ප්‍රවෘතියක් දන්නේ නැතුව අදහස් කියන්න බැ. මොකද මෙතනටත් ජාතිවාදය ඕන නැ. අපි තාමත් සංඝයා වහන්සේට ගරු කරනවා. ඒ අයත් එක රකින්න ඕනා.(නදී)
බුදුපුතු වරුන් බුදු හිමි මග යා යුතුය - එම මග යෑම කවදත් හිමිවරු සතුය- බැරිනම් කහ සිවුරු අත් හල යුතු ය - මේ පවුකාර වැඩ දැන් නැවතිය යුතුය-(නදී)
තිසල්, මම මීට කලින් කියල තියෙනවා වගේ ලංකාවේ බුදුසසුන ව්‍යාපාරයක් පමණයි. දාන, සීල, භාවනා වඩමින් ක්ලේශනසා බුදුන් පෙන්වාදුන් නිර්වාන මාර්ගයේ යන කිසිම චීවරධාරියෙක් නැහැ. මහායාන රටවල හාමුදුරුවරු අනුගමනය කරන සටන් ක්‍රම වුවත් අපේ සංඝයාට අකැප නොවන්නේ ඒ නිසයි. ඔවුන් ව්‍යාපාරිකයින් බැවින් ගනුදෙනු කටයුතුවලදී සිදුවන ඇබැද්දි වලදී තමන්ගේ ආත්මාරක්ෂාවට පියවර ගැනීමත් වරදක් නොවෙයි. මෙහෙම බුද්ධ සාසනය තියා මරණාධාර සමිතියක්වත් වැඩිකල් පවතින්නේ නැහැ. ඒ නිසා වැඩි කලක් නොගිහින්ම ලංකාවේ හාමුදුරුවරු නැත්තටම නැතිවීගොස් ඉස්සර කාලේ වගේ ගනින්නාන්සේලා කීපදෙනෙක් විතරක් ඉතුරුවෙයි. දැන් වෙනකොට ගෙවල් පිළිකනුවල හදපු කුඩා දේවාල වල කපුවො හොයාගෙන යන නුගතුන් අතලොස්සකගේ තත්වයටම ස්වල්පදෙනෙක් බවට පත්වන බෞද්ධයන් යයි කියාගන්න උදවිය පත්වේවි. නමුත් සැබෑ බොදුනුවන් ඒ ගැන බියවියයුතු නැත්තේ ඔවුන් ඊට කලින් නිවන් දකින නිසායි. හාමුදුරුවරු වඩිනවා, වළඳනවා, බණ දෙසනවා පමණක් බැවින් බහින්බස් වීමත් චීවරධාරියෙක් කරනකොට "ධර්ම සංවාදයක්" ලෙසයි හැඳින්විය යුත්තේ.(අ)
යම් විදියකින් හාමුදුරුවෝ නිවැරදි උනොත් අනිවාර්යෙන්ම කට්ටියම දවසක හමු වෙන්න වෙනවා පාටියක් දෙන්න. (නදී)
මෙතන පල වෙන්නේ රටේ මහජන මතය කියලා කෙනෙක් හිතනවානම් එයාලට වෙරදිලා. මෙතන ප්‍රතිචාර දාන්නේ රටට ජාතියට ආගමට අපහාස කරන්න මේ වගේ සිදුවීමක් වෙනකන් පෙරුම් පුරාගෙන බලන් ඉන්න සිංහල වසලයෝ ටිකක්. සිංහල නම් තිබුනට ජාන වෙන අයගේ. හැමදුරුවෝ රහත් වෙලා නැහැ. වරදක් වෙලානම් උසාවියෙන් දඩුවම් ලැබෙයි. ඉම්රාන්ලගේ වගේ අනුන්ගේ බෙලි කපන්න උගන්නන පුජකයෝ අපේ ආගමේ නැහැ. ඒ හින්දා තමයි බුද්දාගම අහල පහල හැම රටකින්ම තුරන් උනේ. රට ජාතිය ආගම ධර්මය වෙනුවෙන් භික්ෂුන්ගේ ඉදිරිපත්වීම ඔයාලට දිරවන්නේ නැති බව දන්නවා. ඔයාගේ ආගමත් අපේ ආගමත් අහසට පොලව වගේ. සතෙක් මරනවටත් විරුද්ධ බෞද්ධයා කවදාවත් ඔයාලගේ බෙලි කපන්න එන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාව ඔයාලට ලැබුනොත් අපිට වෙන දේත් අපි දන්නවා.(නදී)
නීතිය කාටත් පොදුයි
අද රටේ ප්‍රසිද්ධ හාමුදුරුවරු කියන කතා, හැසිරෙන, අත පය සොලවමින් කතාකරන විලාශය දුටුවාම සිතට ඇති වෙන්නේ පුදුම කලකිරීමක්. අපි පොඩි කාලේ දහම් පාසලේදී ඉගන ගත්තේ කෝටියක් සංවර ශීලයක් හාමුදුරුවරු ලග තියනවා කියලා. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)
අද හාමුදුරුවරු කරන මේ වැඩ වලින් පාලකයන්ට තමනුගේ වැරදි වැඩ කරගෙන යන්න අනුබලයක් ලැබිලා තියෙනවා. හේතුව පාලකයන්ගේ වැරදි නිවැරදි කරන්න අදහස් අනුශාසනා දෙන්න විදියක් නැතිවෙලා තියෙනවා. අනෙක හිතට එකඟව ජීවත් වෙන අයට පන්සල් එපා වෙනවා ඒවට යන්නේ නැහැ. අවසාන ප්‍රතිඵලය සමාජයම පිරිහෙන එක. මේවට විරුද්දව මොන බලසේනාවක්වත් නැහැ.(නදී)
මේක අන්‍යාගමිකයන් ගොතන ලද බොරු ප්‍රවෘත්තියක් විය යුතුයි. (අ)
කුන්ග්ෆු, කරාටේ, වුෂු, තයික්වන්ඩෝ වැනි සටන් ක්‍රම බිහිකර දියුණුකරන්න හාමුදුරුවරුත් සෑහෙන දායකත්වයක් ලබාදී තිබෙනවා. ඒ නිසා ආත්මාරක්ෂාවට පහර දුන්නනම් එළකිරි. හැබැයි ධර්ම සංවාදයකදී ගහපු එක තමයි කොස්සකට හිටියේ. දැන් ඉතින් කාටත් ආදර්ශයක් වෙන්න මහඋළුගෙදර තපින්න වෙයි.(නදී)
මේ දැන් අහන දේවල් වලට මට නම් පිස්සු වගේ. දැන් අපි අපේ ප්‍රස්නෙකට යන්නේ කොහෙටද?පොලිසියේ අයත් ලෝක හොරු , පන්සලේ හාමුදුරුවොත් මිනිමරනවා, අපි අසරණ වෙලා වගේ දැනෙනවා බුදුහාමුදුරුවනේ.(නදී)
මේ හිමි නම අර බලසේනාවේ කෙනෙක් වෙන්න ඕනේ .(නදී)
නියමයි! ඔන්න දැන් තමයි තරගය පටන් ගත්තේ. ශාසනයටත් ලැජ්ජයි.(නදී)
නිතිය බලය අතට ගත්තම භික්ෂුන් වහන්සේලා මේක තම වෙන්නේ . මේක බුද්ධ ශාසනයටම නිගාවක් . මෙයට ඉක්මනින් පිලියමක් යෙදුවේ නැතිනම් . අපගේ නිර්මල බුද්ධ දර්ෂණයත් ශාසනයත් දෙකම පිරිහෙනවා (අ)
බොදු බල සේනා, රාවනා බලය, සිංහල රාවය එකතුව ලබු දූවට වරෙව්. අන්‍ය ආගමික කුමන්ත්‍රණ පරදවව්.(නදී)
දකුණු පළාතේ දරුණුම පතල කල්ලියට රැකවරණය සපයන්නෙත් හිමිනමක් කියල පසුගිය දවස් වල සමහර මාධ්‍ය අනාවරණය කරලා තිබ්බා , (අ)
මේකට ප්‍රතිචාර දක්වන බොහෝ දෙනා අවබෝදයකින් තොරවයි ලියන්නේ. හිමිනමක් සමග බහින් බස් උනාට ගැහැව්වේ කවුද කියල නැහැනේ. අනික පහර දීම නිසාම මිය ගියා කියලා කියන්නේ කොහොමද.? ඉස්පිරිතාලෙට ඇතුල් කරපු ලෙඩා බලෙන් ඉස්පිරිතාලෙන් ගිහින් තියෙන්නේ. ඒ අතරතුරේදී මොකක් හරි වෙන්නත් පුළුවන්. මිනිසුනේ බුද්ධිමත් වෙයල්ලා. බෙලි ගෙඩිය වැටුණු සද්දයට දිව්ව හාවාගේ පස්සේ ඔක්කොම සත්තු දිව්වා වගේ, හැමෝම ඔහේ දුවනවා. බුද්ධිමත් ජනතාවක් රටක දියුණුවට අත්‍යවශ්‍යම කරුණක්.(නදී)
ලංකාවේ සංඝ සමාජයම පුර්ණ ශෝදනයකට ලක් කල යුතු කාලය එලඹ ඇත. (අ)
හර්ෂ ඔයා වගේ මෝඩ අයගෙ අදහස් මෙතන පෙන්නන්නට එපා. ලබුදුව කියන්නේ සිංහලයන් ජීවත් වන ප්‍රදේශයක්. දැන් ලංකාවේ පොලීසිය ඕන නෑ. හිමිනම්වරු තමයි රට පාලනය කරන්නේ. හිමිනම හිමිනමක් විදියට හිටියනම් මොනවත් නෑනේ.(අ).
දැන් ඉතින් හිමිනමක් කියන්න එපා.මිනිමරුවෙක්නේ.අන්ගුලිමලත් හිටියා ඉතිහාසයේ(අ)
නිර්මල බුදු දහම වැන සෙන්න ඉඩ දෙන්න එපා මහා නායක හාමුදරුවනේ ඉක්මන් පියවරක් ගෙන සිල්වත් නොවන භික්ෂූන් ශාසනයෙන් ඉවත් කරන්න. (අ)
මේකට ප්‍රතිචාර දාන අයියලා අක්කලා උඩ බලාගෙන කෙල ගහනවා.අන්‍යාගමිකයෝ හුරේ දානවා. (දී)
මහා පරාක්‍රමබාහු රජතුමාවගේ, ජනපති තුමනි මහානායක හිමිවරුන්ගේ සහායෙන් ශාසනය පිරිසිදු කරන්න (අ)
පරාක්‍රමබාහු රජතුමා ලංකාවේ සිටි සියලුම භික්ෂූන් නවුර වැඩම කරවා සිල්වා අය වෙනමත් සිල්වත් නොවන අය වෙනමත් වෙන්කර ශාසන පිරිසිකු කළාලු. සිල්වත් නොවන භික්ෂූන්ට කැමිති වෘත්යක් තොරගගෙන රට සංවර්ධනය යොදා ගත් බව ශාසන ඉතිහසය සඳහන් කරයි. මෙයද ඊට සුදුසුම කාලයකි බෞද්ධයනි බුද්ධාගටම රැකගන්න ඉදිරියට එනු (අ)
නියමයි "තලෙයිබාන්" ක්‍රමයට තව ටිකයි (අ)
පොලිස් බලතල උසාවි බලතල සියල්ල තමන්ට වලංගු නැතැයි සිතන හාමුදුරු වරුන් මැරයන් සේ හැසිරීම ජාතියේ අභාග්‍යයක්. බුදුන් වදාල මෙත් මුදිතා කරුණා ගුනයයන් ගිහි බෞද්ධයන්ට පමණද. චිවර ධාරින් හැසිරෙන්නේ ඒවා ඒ අයට නොවේ යන හැගීයමන්ය. (අ)
ජීවිතේ තියෙන තුර හිරගෙදරට දමන්න .එලියට ගන්න එපා භික්ෂුවක් නොවෙයි (අ)
තුවාලකරු රෝහලින් රෝහලට මාරුවෙමින් මරණය ඉල්ලාගෙන වගෙයි!(අ)
ගිහි පැවිදි පරතරය අඩු උනාම ඔහොම දේවල් වෙනවා.(අ)
දැන් මේ නටන හාමුදුරුවරු අපෙන් ගුටිකන කාලේ කිට්ටුයි. ඉවසනවා කියලා කොතෙක් ඉන්නද? (නදී)
කෝ බොදු බල සේනාව.(නදී)
වසන්ත පරාක්‍රමබාහු රජතුමාට අපහාස කරන්න එපා හරිද? (නදී)
වසන්ත ඉස්සරවෙලා ඔය කියන කෙනා අපුල්ලලා ගන්නයි වෙන්නේ.(නදී)
සඟ සරණයි !(නදී)
දිසා ,කැනඩාව ලොකුද දන්නේ නැහැ නේද? අනික් කෙනා චතුල. තමුන්ගේ නම් විතරක් දැම්මොත් නරකද, ඔයාලා විතරක් නම් මෙතන බාගෙට බාගයක් අදහස් දාන්නේ. පිට රටවල් වල ඉන්න අය නිකන් බොරු ශෝබනේ පෙන්නන්න එපා අනික් අයටත් එක්ක තමයි මේ කියන්නේ (නි)
පුවතක් දුටු විගස මෙතනට දුවවිත් විමසීමකින් තොරව අදහස් දමන අය ටිකක් තමුන්ගේ මොලය තිබේ නම් විචාර බුද්ධියකින් පාවිච්චි කල මැනවි. සමහරු බොදු බල සේනාවට අත දිගු කිරීමට උත්සහ කරයි. හැම ආගමේම දුශ්ශීලයන් ඇත. මෙහි සිටින එම අයෙක් තමුන්ගේ ආගම සියලුම මිනිසුන් සියයට සියයක් වැරදි නොකරන උතුමන් ලෙස තහවුරු කරන ලෙස මම අභියෝග කරමි. එසේ වුයේ නම් මේ ලෝකය තුල ත්‍රස්තවාදයක් නොමැත. පව් කමා කිරීමට අවශ්‍ය නැත. ඕනෙම දෙයක් සිදුවීමට හේතුවක් ඇත. එය තහවුරු වෙන තුරු බුද්ධියෙන් තමන්ගේ සිත තුල සැඟවී ඇති ජාතිවාදී අදහස් යටපත් කල යුතුයි.(නදී)
ශාන්ත හැම දේම අන්‍යාගම් කියල ඇග බේරගන්න එපා. සමහර හාමුදුරුවරු හරියට නරක වැඩ කරනවා .අපි දන්නවා කව්රු කලත් වැරදි දේ වැරදීම තමයි.(නදී)
දැන් කාලේ නව පරපුරට බිහිවන භික්ෂුන් වහන්සේලා බොහොමයක් නව තාක්ෂනය, නවීන අවි ආයුධ නවතම කරාටේ, කුන් ෆු වැනි දේවල් හදාරන අය වෙති. බෞද්ධ දර්ශනය කුමක්ද, ත්‍රිපිටිකය කුමක්ද, අඩුම ගානේ චතුරාර්ය සත්‍ය කුමක්ද කියා හෝ ආර්ය අෂ්ටාංගික මාර්ග කුමක්ද කියා නොදනී. මේවා දන්නවා නම් බෞද්ධ භික්ෂුන් මේ වගේ හැසිරෙන්නේ නැත. අද තිබෙන්නේ බුදු දහමේ මුවාවෙන් මුදල් ගරා ගැනීමත්, විදේශ සංචාර කිරීමත්, රාජ්‍ය නොවන විදේශාදාර මුදල් මත යැපෙමින් ජාති වාදය ආගම් බේදය වපුරා ලීමක් පමණි. මෙය ලිවීමෙන් මමත් මුස්ලිම් හෝ අන්‍ය ආගමිකයෙක් කියා හදුන්වා දීම් කරන අය සිටිති. අද හදවතට එකගව සත්‍ය කතා කිරීමට බැරි කාලයකි.(නදී)
දැන් දැන් සංගාය වහන්සේලා එන්න එන්නම බාල්දු වෙනෙවා , අපි විශ්වාස කරන හැටියට මේක දෙවියන්ගේම සාපයක් විය හැකිය . (අ)
ඔය හාමුදුරු කෙනෙක් නෙමෙයි. ශාසනය විනාස කරන්න හිතාගෙන බෞද්ධ වෙස් ගෙන පැවිදි වුනු කෙනෙක්. බෞද්ධයින් අවදියෙන් හිටිය යුතු කාලයයි මේ.(නදී)
අමාලි, ඔබට ස්ථිරද හාමුදුරුවරුන් ඉහත කියා ඇති කිසිම දෙයක් දන්නේ නැහැ කියා? ඔබ කුමන පදනමකින් එසේ කියන්නේද? මතුපිටින් බලා යමක් බහුතරයකගේ මතය යයි කීම විද්‍යාවේවත් බෞද්ධාගමේවත් මතය නොවේ. මෙම පුවතේ සදහන් කලහය ඇති වීමට හේතුව ඔබ දන්නෙහිද? ඔබගේ ආගම බුද්ධාගම නොවේ නම් එහි සියලුම දෙනා වැරදී නොකරත්ද? අන්‍ය ආගම විදේශ මුදල් මත යැපෙන්නේ නැද්ද? ඔබට සුහදශීලී සංවාදයකට ඇරයුම් කරමි. (නි)
ඔන්න තවත් දකුණේ වැඩක්. දකුණේ කොල්ලෝ වගේම මහල්ලොත් ඒ වගේම හාමුදුරුවරුත් ඒ පාර වැඩ පටන් අරන් වගේ.(නදී)
ආගම් වලින් දේශනා කරන්නේ ඉවසීම ප්‍රගුණ කරන්නයි. මෙහි වරද ස්වාමින්වහන්සේගේ වුවත් එහි ආරක්ෂකගේ වුවත් පුණ්‍ය භූමියක සිදුවෙච්ච පහරදීමක් නිසා කැළල හාමුදුරුවන්ටයි. ධර්මය දේශනා කරන නායකයෙක් විදියට ඉවසීම මීට වඩා තිබිය යුතුයි.(නදී)
බෞද්ද ආගම මිනිස්සුන්ට එපා කරවන්න කරපු කෛරාටික ක්‍රියාවක් කියල හිතන්නත් පුළුවන් (අ)
ආරක්ෂාවට ගැහුවානම් වැදකුත් නෑ ඒ අනේ මන්දා (අ)
අපි ගවයෙක් ගැන පමණක් කතා කරමු ? පෙරේරා කොහෙද ? අහිංසකයන්ගේ බෙලි කපන්න තියෙන්නේ අපේ ආගමේ. එහෙම නම් අද ලෝකයක් තියෙන්නේ නැහැ . ඔයා කියන විදිහට එහෙනම් නීතියක් චාරයක් නැතුව තමයි ඉන්න වෙන්නේ අදට අපේ රටේ වෙන දේවල් වගේ. දැනුමක් ඇතිව අදහස් දාන්න එහෙම නම් මුළු ඉන්දියාවම අද මුස්ලිම් රටක් කරන්න තිබබා පොඩ්ඩක් ඉතිහාසය අධයනය කරන්න මොකද උනේ කියලා. නිකන් තව පව් පුරවන්නේ නැතුව ? ආගම බේදයක් නැතුව සමාජයට හොඳ දැනුමක් දෙන්න බලමු ?(නදී)
පින්වතුන් දෙන දානයේ ශක්තිය බලන මිනීමරු හමුදුරුවරුන් (අ)
ඔන්න ඔන්න අර මහා පොත් ලියපු බුද්ධිමතා කියන නීල්-රානා කියන කෙනා නැවත නැවත තප්පුලනවා." ඒ නිසා ආත්මාරක්ෂාවට පහර දුන්නනම් එළකිරි" කිසිම කෙනෙක් කියන කතාවක්ද? අනේ නීල්-රානා පුළුවන් තරම් කට අරින්නේ නැතුව ඉන්න. එතකොට සමාජයත් හැදෙයි. නීල්-රානා බුද්ධිමතෙක් කියල මිනිස්සු හිතයි. නිහඩව ඉන්න තාක්කල් මෝඩයද පණ්ඩිතයෙකි කියනවනේ.(නදී)
අනේ හාමුදුරුවනේ මෙය අයත් වන්නේ ආනන්තරිය පාප කර්මයකටද?(නදී)
රටක සදාචාරයක හැටි. ලස්සන ලංකා අසික්කිත කරන්ට හදනවා. කව්රු වුනත් නීතියෙන් දඩුවම් දිය යුතුයි. (නදී)
මේ සාදු හොඳ නිලයක් අල්ලලා ගහල තියෙන්නේ . එක තම මිනිහ මරුනේ . (අ)
භික්ෂුන් වහන්සේලා අනාගෙන ඉවරයි. ඉවරෙටම ඉවරයි. ෆේස්බූක් එකට ගිහින් බලන්න ජැන්ඩියට පොටෝ එක දමපු හමුදුරුවෝ පිරිලා. නවීන තාක්ෂනය නරකද කියල සමහරු අහවි. හැබයි ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ ඇම දාල මාළුවා ඇම ගිලිනකන් බලන් ඉන්නවා වගේ කවුරුහරි එනකන්. භික්ෂුන් වහන්සේලා අනාගෙන ඉවරයි.(නදී)
මේකේ ඇත්ත කතාව තාම හරියට නොදන්නා නිසා පොඩ්ඩක් ඉන්නවද කටවල් පියාගෙන , මේ නිල් රනා නම් සිංහල බෞද්දයෙක් වෙන්න බැහැ (අ)
අනේ පනාගොඩ , උදේ හවස පිරිත් ඇහෙන තරම් දුරින් පන්සලක් ළඟ ජීවත් වෙලත් තාම ආනන්තර්ය පාප කර්මේ මොකක්ද කියල දන්නේ නෙද්ද ? (අ)
මේක බුද්ධ ශාසනයෙවත්, බුදුරජානන් වහන්සේවත්, දකුණු පලාතෙවත්, සේනාවලවත් වැරැද්දක් නොවේ. අන්‍යාගමික කුමන්ත්‍රනාත් නොවේ. මෙය දුසිල්වත් මිනිසුන් ශාසනයේ පැවිදිවීම හෝ පැවිදිවී සිටින චීවරධාරීන් දුසිල්වත්වීම නිසා ඇතිවුණු තත්වයක්. මෙයට එකම ප්‍රතිකර්මය ධර්ම සංගායනාවක් පවත්වා දුසිල්වත් චීවරධාරීන් නෙරපාහැරීමයි. සියලුම නිකායවල මහා නායක හිමිවරු එක්වී මෙය වහාම ක්‍රියාවට නැන්වියයුතුයි. (අ)
නීල් - රනා, කොහෙද ධර්ම සංවාදයක් කරලා තියෙන්නේ. බොරුවට දොඩවන්න එපා. හරියටම කතාව දන්නවද. (අ0
හාමුදුරුවරු ජපානය වගේ රට වලනම් අත්මරක්ෂවට සටන් ක්‍රම හදාරනවා ,දැන් ලංකාවටත් ඔට්ටුද (අ)
ශාන්තගේ මොලේ අමාරුවක් එහෙම නැහැ නේද. රටේ වැදගත් මාධ්‍යක් ඔය වගේ දෙයක් සොමියට පත්තරේ දානවද?මේ මනුස්සය ගංජා ගහලද මන්දා?(නදී)
පිටබැද්දර, අනුර, බණ්ඩා, තිසල් හැමෝම මගේ නම සඳහන්කිරීම නිසා මෙය ලිවියයුතුයි. මම මීට කලින් කියල තියෙනවා වගේ ලංකාවේ බුදුසසුන ව්‍යාපාරයක් පමණයි. දාන, සීල, භාවනා වඩමින් ක්ලේශනසා බුදුන් පෙන්වාදුන් නිර්වාන මාර්ගයේ යන කිසිම චීවරධාරියෙක් නැහැ. මහායාන රටවල හාමුදුරුවරු අනුගමනය කරන සටන් ක්‍රම වුවත් අපේ සංඝයාට අකැප නොවන්නේ ඒ නිසයි. ඔවුන් ව්‍යාපාරිකයින් බැවින් ගනුදෙනු කටයුතුවලදී සිදුවන ඇබැද්දි වලදී තමන්ගේ ආත්මාරක්ෂාවට පියවර ගැනීමත් වරදක් නොවෙයි. මෙහෙම බුද්ධ සාසනය තියා මරණාධාර සමිතියක්වත් වැඩිකල් පවතින්නේ නැහැ. ඒ නිසා වැඩි කලක් නොගිහින්ම ලංකාවේ හාමුදුරුවරු නැත්තටම නැතිවීගොස් ඉස්සර කාලේ වගේ ගනින්නාන්සේලා කීපදෙනෙක් විතරක් ඉතුරුවෙයි. දැන් වෙනකොට ගෙවල් පිළිකනුවල හදපු කුඩා දේවාල වල කපුවො හොයාගෙන යන නුගතුන් අතලොස්සකගේ තත්වයටම ස්වල්පදෙනෙක් බවට පත්වන බෞද්ධයන් යයි කියාගන්න උදවිය පත්වේවි. නමුත් සැබෑ බොදුනුවන් ඒ ගැන බියවියයුතු නැත්තේ ඔවුන් ඊට කලින් නිවන් දකින නිසායි. හාමුදුරුවරු වඩිනවා, වළඳනවා, බණ දෙසනවා පමණක් බැවින් බහින්බස් වීමත් චීවරධාරියෙක් කරනකොට "ධර්ම සංවාදයක්" ලෙසයි හැඳින්විය යුත්තේ. බොහෝ දෙනෙකු මගේ අදහස විවේචනය කරන නිසා කරුණාකර මෙය ප්‍රසිද්ධ කරන්න. (අ)
මොනවා වුනත් මේකට අපක්ෂපාති පරීක්ෂණයක් තියන්න. (නි)
ඒක තමයි හරක් මරන එක තමයි පව. මිනිස්සු මැරුවට ප්‍රශ්නයක් නෑනේ. මේවා මිනිස්සුන්ට කිව්වට තේරෙන්නෙ නෑනේ.(නදී)
මැරුණ පුද්ගලයා අන්‍ය ආගමිකයෙක්නම් ලොකු අවුලක් නැහැ නේ නේද?(නදී)
නීල් රනාට මුකුත් කියන්න ඕනි නැහැ කියලා හිතුනත් ඔහුගේ වදන් වලින් සතුටක් ලබන පිරිසකුත් සිටිනා හෙයින් ලියා දන්වමි. සතුරෙකුට වත් අවැඩක් නොවෙනු කැමති සිත් සතන් තුටු පහටු බුත් සරණ ගියෝ, කෙලෙස් බරිත කර මුස පත් කරනු වස් පැමිණි රුපු විලස් ඇති අලව් යකු , සේයා නීල් රානා.(නදී)
ජාති, ආගම් වශයෙන් බෙදිලා කුලල් කාගන්න එකම රට ශ්‍රී ලංකාව වෙන්න ඇති. අනුන්ට කරදරයක් නැතුව ජීවිතය ගොඩනගාගන්න ආකාරය කුඩා කල සිටම හැමෝටම පුහුණු කරනවා නම් මේ වගේ ප්‍රශ්න අවම කරගන්න පුළුවන් වෙයි. (නි)
ඒ මිනිහත් දැනගන්න ඕනෑනේ හාමුදුරුනමක් එක්ක ඒ විදියට කතා කරන්න. මේකේ ඇතුලාන්තය ප්‍රතිචාර දක්වන කව්රුත් දන්නෙ නැහැනේ. මේකේ ඇත්ත දන්නේ නැතුව ඔහොම ප්‍රතිචාර දාන්න එපා (දී)
අනේ මේවා කට කියන්නද? ලංකාවේ තත්වය මෙකයි (අ)
ඇයි හාමුදුරුවනේ ටිකක් ඉවසන්න බැරි වුනේ. වාස් ගේ කතාව යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)
කෝ අර පිටිගල මිලානෝ කියන ගොයියා... කට හද අහන්නත් ආසයි මේ වෙලාවේ. (අ)
අන්ගුලිමාලත් ඒ කාලේ හිටියා... මෙවැනි වැඩ බුදුන්ගේ කාලෙත් වුනා වැනි පක්ෂා පාති කුහක කතා ටිකක් කියල මේ සිදුවීමේ සර බාල කරන කුමන්ත්‍රණ කාරී කතා ලියැවී දැන්.(අ)
ඔහොම ඉන්න! ඔහොම ඉන්න!! නීල්-රානා, ඔබ තවමත් කියන්නේ " ඒ නිසා ආත්මාරක්ෂාවට පහර දුන්නා නම් එළකිරි" කියලද ? (නි)
මියගිය අය ගැන කණගාටුව. මේ මියගිය පුද්ගලයාගේ අවමගුලට පාංශුකුලෙට වඩින හාමුදුරු වරුන්ට හරිම අසීරු තත්වයකට මුහුණ දෙන්න වේවි. (අ)
කෝ අර මොකක් හරි වැරදි දෙකට හාමුදුරු කෙනෙක් සම්බන්ද උනහම ඒ හාමුදුරු කෙනෙක් නොව සිවුරක් දමාගත්තු කෙනෙක් කියා ඇත පිහදා ගන්ට මාන බලන උදවිය.(නදී)
ඒකටත් අර මත්පැන් බිව්වා වගේ පිළිතුරක් තියනවද දන්නේ නැහැ.(නදී)
ඔන්න ජාත්‍යන්තර ටිමෙස් සගරාවේ මුල් පිටුවේ මොනවද තියෙන්නේ කියලා බලාගන්න. බොදු බල තමයි එය ලෙඩේ හදාගන්න දැගලුවේ.(නදී)
අනේ මන්ද මේවට ලියන්නේ කවුද කියල හැම දෙයකටම සේනාවසේනාව නෙත් එෆ් එම් නොතිබුනානම් රටේ වෙන්නේ මොනවද කියල කව්රුවත් දන්නේ නෑ (අ)
මොනවා උනත් අතුලගේ අදහස හොදා.(නදී)
ගවයන් මැරීමට වඩා බයානක අපේ සිංහල කාන්තාවන් බඩේ සිටින උපදින්න සිටින දරුවත් මරා දමන එක. ඉපදුන හැටියේම ළමයින් කුණු ගොඩට වැසිකිලි වලට දැමිම. මේවා මුස්ලිම් කාන්තාවන් මුස්ලිම් පවුල් වල සිදු වන්නේ නැත. මේවා නිසා අපේ ජනගහනය අඩුවේ . මුස්ලිම් අය මේවා නොකරන නිසා ඔවුන්ගේ ජාතිය බිහිවී ජනගයනය වැඩිවේ . මෙනිසා අපි ජාතිවාදය අවුස්සා මුස්ලිම් ජාතියට බැනීමට වඩා, අපේම තරුණ කාන්තාවන් හට දරුවන්ගේ වටිනාකම කියා දිය යුතුය. අකාලයේ ළමයින් හැදීමේ වැරැද්ද තේරුම් කර දිය යුතුය. බඩේ සිටින දරුවාත් ඉපදුන දරුවාත් රැක ගන්න ජිවිතයක වටිනාකම ඉගැන්විය යුතුය. මේ ප්‍රතිචාරය නිසා මට බොහෝ දෙනෙක් බනින්න පුළුවන්. එහෙත් මෙය තේරුම් ගෙන කියවා මට බැන්නත් කමක් නැත (නි)
හෙට බොදු බල සේනාවේ පාගමක් තියනවා කොටුවට කව්රුත් යන්න එපා?(නදී)
බල සේනා අරබල මේ බල කියන ඔක්කොම වඳුරන්ට දෑලිපිහි දුන්නෙ ආන්ඩුව කියල කවුරුත් දන්නවනෙ. දෑන් ඉතින් වඳුරො ටික පිහි වන වන පාරෙ දුවනව අපි හෑංගෙමු.(නදී)
නීල් රනා කියන පුද්ගලයා පිස්සෙක් කියලා මට හිතෙන්නේ. වචන දන්නවා වුනාට තේරුමක් නැතුව ඔහේ ලියනවා (නි)
බුදු දහම නැති කරන්නේ අන්‍ය ආගමිකයන් නොවෙයි නුඹලාමයි. අන්‍ය ආගමිකයන්ට ගහපු පහරවල් වල ශාපය තමා ඔය. නෙව්ස් වල දාන්නේ නැති හුඟක් දේවල් තව තියනවා (නදී)
අනේ ලෝඋතුරා බුදු පියාණෙනි නැවත වැඩමි මේ මිහිතලයට සියලුම සත්වයන්ගේම සිත් සුවපත් කරන්න. (අ)
මේවා ගැන හරි ප්‍රවෘතියක් දන්නේ නැතුව අදහස් කියන්න බැ. මොකද මෙතනටත් ජාතිවාදය ඕන නැ. අපි තාමත් සංඝයා වහන්සේට ගරු කරනවා. ඒ අයත් එක රකින්න ඕන. (අ)
වසන්ත, මහා පරාක්‍රම රජතුමාට ගරහන්න එපා එතමා නිසා තාම බත් ටිකක් කන්න හරි වාරි මාර්ග හදල දුන්නේ අන්ද මන්ද කතා කියන්න එපා.(අ)
එක හාමුදුරු නමක් මෙහෙම කලා කියල බොදු බල සේනාවට බනින එපා .වරද කාගේද කියල උසාවිය තිරණය කරවි.හාමුදුරුවෝ කවුරුත් රහත් වෙලා නැහැ (අ)
පෙරේරා, ඔයා හරි. මේ ආගම 2 අහසට පොලව වගේ. මුස්ලිම් කට්ටිය හරක් මරල මස් කනවා කියලා පිලිගන්නවා. එහෙත් සිංහල කට්ටිය හරක් මරනවට විරුද්ධයි. නමුත් හරක් මසුත් කනවා. ලංකාවේ තියන හැම මසකම කනවා. නීල් රානා ඔයා වැරදි කියන මෙයාලට වැඩිය ඔයා හරි කියන පිරිස වැඩියි (නි)
වහාම නවතින්න.නිවැරදි වෙන්න.මෙහෙම ගියොත් යන්නේ වලට.වැරදි කළත් ලැජ්ජාව වහගන්න හාමුදුරුවෝ වෙනුවෙන් පෙනීසිටින අයත් මේවට වගකියන්න ඕනෑ.අර පොඩි එකෙක් කියනතුරු රජතුමා හොදම ඇදුම කියලා නිරුවතින් ගියාලු.ඔක්කොම ඇදුම හරිම ලස්සනයි කීවලු. නිරුවතින් නම් නිරුවතින් කියන්න.එතකොට නිවැරදි වෙයි.එහෙම නැතුව තවත් නිරුවතින්ම යවන්න එපා.ශාසනය හොදටම පිරිහිලා.මේක කෑ ගහලා කියන්න.එහෙම කියලා හදාගමු.නැතිනම් තව අඩියක්වත් යන්න බෑ බෑ බෑමයි.විනාශය අත ලගමයි. (නි)
සිංහල ජාතිවාදී අදහස් කාරයන්ට තද වෙලා ඇති . හෙට මොනවා වෙයිද දන්නේ නැහැ. (අ)
නියමයි චන්ද, නියමයි (නි)
මේකේ අදහස් දාලා තියෙන අයට පුළුවන්නේ මහන වෙලා ඔය කියන විදිහට සසුන රකින්න. අනික මේකේ තියනවා ඒ මිනිහා අනවසරයෙන් රෝහලෙන් පැනලා ගිහින් දවසකට පසුවී ආයෙත් රෝහල්ගත කරලා තියෙන්නේ. ඒ අතර කාලයේ මොකද වුනේ කියලා අපි දන්නෙ නැහැනේ (නි)
හැමෝම ප්‍රතිචාර දාන්නේ අගක් මුලක් දන්නේ නැතිව. මේ මනුස්සයා පන්සලේ හොරකම් කරන්න ඇවිත් ඇබිත්තයා ගෙන් ගුටි කාලයි මෙහෙම උනේ. නිරපරාදේ හාමුදුරුවෝ බැනුම් අහනවා.(නදී)
බුද්ධාගම යනු කිසිවෙකුගේ පෞද්ගලික බුදලයක් නොවේ (නි)
පන්සල් නොරකින දුශ්ශීල චීවරධාරීන් ලක්ෂ ගණනකට වඩා පන්සිල් රකින සිල්වත් භික්ෂූන් වහන්සේලා අතලොස්සක් හිටියොත් බුදු දහම රැකේවි. සංඝායානාවක් පවත්වා දුශ්ශීල මහනුන් නෙරපා හැරීමට කාලය එළඹී ඇත. (නි)
සිවුරක් පොරවාගත් පමනින් හිමිනමක් කියලා කියන්න හොද නැහැ. මේ වගේ අයට කියන්න ඕනේ සිවුර පොරවාගත් කෙනෙක් කියලා. මේ වගේ අය මුළු සමාජයටම කැලලක්.(නදී)
ඕක මොකක්ද අපි දැකල තියෙනවා. මුස්ලිම් අය ඔනා තරම් හරක් මරනවා වද 32 දීලා.(නදී)
සාසනයේ යම් පිරිහීමක් තියෙනවා තමයි. අලජ්ජි භික්ෂුන් අඩුවක් නැහැ තමයි. ගමයි පන්සලයි රටයි දැයයි මනා වත් පිළිවෙත් සමුදායකින් එකට ගොනු වී කටයුතු නොකලොත් අපේ මුතුන් මිත්තන් දායාද කල සරු මග නොගොස් අපේ වල අප අතින්ම කපා ගත්තා වෙයි. තව කල් වැඩි නැත ඊට. කැනහිලුන් නගන අදෝනා වලට කම්පිත නොවී.(නදී)
මගේ නම් ඉල්ලීම ලංකාවේ ඔය කාටවත් දානෙ දෙන්න එපා. නමුත් බුද්දාගමේ බුද්ධ දර්ශනයේ හැටියට ගිහි සැප අත්හැර මහන දම් පුරන හිමි නමක් නම් දානයක් දුන්නට පව් නැ. නමුත් දාමරිකයන්ට දානය දීම අපටත් පව් පිරෙනවා. හොඳට වළඳලා ඔයවගේ මිනිස්සු මැරුවම.අර දුමින්ද සිල්වා පිලිගන්නත් හාමුදුරු හොරු හිටියේ.(නදී)
වරද කාගේද හොයන්න ගරු අදීකරණයට බැරිද?(නදී)
ලංකාවේ බොදු බල සේනාව කියන ත්‍රස්තවාදීන් අහිංසක ස්වාමින් වහන්සේලවත් ඔවුන්ගේ කාලකන්නි ව්‍යාපාරවලට ගොදුරු කරගෙන වාගෙයි පේන්නේ. හොරකම් කරන්න ආවා කියල සාක්ෂි නැහැ. එල්ලුම් ගස් යවන්නයි තියෙන්නේ. (නදී)
ආනන්ද ලබුදූව, බොරු කියන්න එපා. අපි අනෙක් පත්තරත් බලනවා. දැන් මිනිහා මැරුවා මදිවට හොරෙක් කරන්නත් හදනවා. හරියට දේශපාලකයින් සම්බන්ධ නඩුවලදී වාගෙ. මොකද ඔයත් මේකට සම්බන්ධද?(නදී)
අර සේනා, මේ සේනා කෝ දැන්? මොහුට දිය යුතු දඩුවම හිර ගෙදර ඉන්න පරණ ජව සම්පන්නයෝ දන්නවා. එකම දේ උතුම් චීවරය ඉවත් කර ඇතුලට යැවිය යුතුයි. (නි)
මෙය නීතිය මගින් විසඳිය යුතු පෘතග්ජන සිදුවීමකි. සිල්වත් දුසිල්වත් කම් බාහිර ඇගයුම් වලින් සිදුකල නොහැක.(නදී)
හාමුදුරුවෝ පොලිසියක් විදියට ක්‍රියා කරනවා කියල තිබුනනේ. පොලිසියෙන් මිනී මරණ කතාවකුත් පහුගිය දවස්වල කරලියට ආවනේ. එහෙනම් ඉතින් මේක අලුත් පොලිසියේ ආරම්භය වෙන්න ඇති. රටකට ගිය කලක්. එහෙනම් හමුදුරුවොත් මිනී මරන්න පටන්ගත්තා. වාහන බලපත්‍ර දුන්නොත් මිනිස්සුත් යටකරගන යයි. බුදුසසුනට දෙවියන්ගේම පිහිටයි.(නදී)
මේ සියලු දේ ගෝලීයකරණයේ අනිටු ප්‍රතිපල . ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති හා ඒ සදහා ඇති සහ බටහිර අනෙකුත් ධනවාදී වෙළද ප්‍රවාහයට මුහුණ දීමට, දරා ගැනීමට බුදුදහමට ඇති නොහැකියාවයි මෙයින් පෙනෙන්නේ. මුළු ලෝකයම, හා ලංකාවේත් ඇති බහුතරයක් එවැනි ධනය මුලික කරගත් සමාජ රටාවකට යනවිට, පරම බුද්ධාගමිකයින්ට ඊට ප්‍රතිවිරුද්ධව යාම දුෂ්කරයි. (නි)
පෙරේරා,මේ වේදේ අනන්‍ය ආගමිකයෙකු කලානම් මේක ලොකුකරගෙන දඟලි.(අ)