IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිමිනමක් අම්බුළුවාවට හිමිකම් කියති

ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව භූමියේ නියම අයිතිකරුවා හිටපු අගමැති දි.මු.ජයරත්න නොව තමන්වහන්සේ බව කියමින් අම්බුළුවාව ධර්මාසන විහාරාධිපති උනන්විටියේ ශාන්තභද්‍ර හිමියෝ අම්බුළුවාව පිවිසුම් දොරටුව අබියස මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

ජනාධිපති, අගමැති හෝ බුද්ධ ශාසන අමාත්‍යවරයා මැදිහත්ව තම ඉල්ලීමට සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු හුන් තැනින් නොනැගිටින බව ඒ හිමියෝ කියති.

ඔප්පුවකින් තමාට හිමි අම්බුළුවාව කන්ද වසර 20ක් පුරා බලහත්කාරයෙන් දි.මු.ජයරත්න හිටපු අගමැතිවරයා අල්ලාගෙන සිටින බවද ශාන්තභද්‍ර හිමියෝ පවසති.

CIMG4391 CIMG4399 CIMG4400 CIMG4401

ඡායාරූප - චමිල් රූපසිංහ

 

 



අදහස් (0)

හිමිනමක් අම්බුළුවාවට හිමිකම් කියති

අතුල Sunday, 24 May 2015 02:25 PM

තණ්හාය ජායතී ශෝකෝ අපේ හාමුදුරුවනේ! (නි)

:       0       0

සුසන්ත Sunday, 24 May 2015 03:25 PM

ගම්පොළ අපි තමා ඇත්ත දන්නේ. 1960 ගණන්වල ඉඳලා අම්බුළුවාවේ බාරකරු ඔය හාමුදුරුවෝ. ඔය කඳු මුදුනේ බුදු පිළිමයක් තනා සසුනට පූජා කළේ ඩඩ්ලි සේනානායක මහතාගේ රජය කාලයේ. මට මතක හැටියට එය විවෘත කළේ විජයානන්ද දහනායක ඇමතිතුමා. හරිහැටි නොදැන අදහස් පල කිරීම සුදුසු නැහැ. (බ)

:       0       0

ඉසුරන්දි Sunday, 24 May 2015 07:14 AM

තණ්හාය ජායති ශෝකෝ! (බ)

:       0       0

දුමින්ද Sunday, 24 May 2015 07:34 AM

උපාදානය (අල්ලාගැනීම) සසර දිගු කරනු ඇත (බ)

:       0       0

ජයා Sunday, 24 May 2015 07:42 AM

දී. මු. ඔතන එයාට අයත් කියලා නෑනේ, එයා කළේ එතන පන්සලක් හදලා සංවර්ධනය කළ එකනෙ, ඔබ වහන්සේ ගිහිල්ල එතැන පදිංචි වෙන්න. (බ)

:       0       0

ජෙහාන් Sunday, 24 May 2015 08:31 AM

මට පේන හැටියට මේ අගමැති පුටුවේ මනුස්සයෙකුට වාඩි වෙන්න සිද්ධ වෙන්නේ හෙනහුරා ලබනකොට . ගෙදර ගිය දවසටවත් නිදහසක් නැහැ.(ම)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 24 May 2015 08:53 AM

ඔය අම්බුළුවාව කන්ද නිසා එම පළාතට මොන තරන් නම් වටිනාකමක් තිබුනද ,පළාතේ දේශගුනය සමබර වුණේ ඔය ලස්සන වනාන්තරය නිසා . නමුත් අද එමත්ත්වය සම්පුරණයෙන් වෙනස් වෙලා. (ත)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Sunday, 24 May 2015 09:07 AM

ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව භූමියේ නියම අයිතිකරුවා හිටපු අගමැති දි.මු.ජයරත්න. මෙහෙම උනේ හොර ඔප්පුවකින්ද කියන එක නම් පැහැදිලි නැහැ. (ත)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Sunday, 24 May 2015 09:09 AM

හොර ජාතික හැඳුනුම්පත්, හොර පාස්පෝට් වගේ දේවල් තිබුන මේ අපේ රටේ හොර ඔප්පු නැහැ කියන්න කාටද පුළුවන් ? (බ)

:       0       0

ෂෙරිෆ් Sunday, 24 May 2015 09:16 AM

ආණ්ඩුව පෙරලිලත් කාලයක් ගතවෙලා. මොකෝ අපේ හාමුදුරුවනේ මෙච්චර පරක්කු? (බ)

:       0       0

ඇසළ Sunday, 24 May 2015 10:14 AM

හාමුදුරුවනේ කතාවට කියන්නේ සියලු සැප සම්පත් ඇත හැරලා ගිහි ගෙයින් ගියා කියල නේද. යනකොට අරගෙන යන්නේ නෑනේ (බ)

:       0       0

තන්තුලගේ අමිල Sunday, 24 May 2015 10:28 AM

ඔයාලා මොනවා කිව්වත් මේ හිමි නමට මේ ඉඩම අයිතිනම් ලැබෙන්න ඕන. නැත්නම් ඔහුට ඔප්පුවක් ඇත්නම් ඒක බොරුනම් හිරේ යන්න ඕන (බ)

:       0       0

චන්දන Sunday, 24 May 2015 11:33 AM

බුදුන් වහන්සේගේ සඟ පරපුරෙන් එන තෙරුන් නමකට නම් සිවුපසය හැර කිසිවක් අයිති විය නොහැක. (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 24 May 2015 11:33 AM

අනේ මන්ද බුදු සසුනයි , සිංහල කමයි තරම් අද බාල්දු වෙන කිසිම දෙයක් නැහැ ? හැමතැනම දේශපාලනේ ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site