ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව භූමියේ නියම අයිතිකරුවා හිටපු අගමැති දි.මු.ජයරත්න නොව තමන්වහන්සේ බව කියමින් අම්බුළුවාව ධර්මාසන විහාරාධිපති උනන්විටියේ ශාන්තභද්‍ර හිමියෝ අම්බුළුවාව පිවිසුම් දොරටුව අබියස මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
ජනාධිපති, අගමැති හෝ බුද්ධ ශාසන අමාත්‍යවරයා මැදිහත්ව තම ඉල්ලීමට සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු හුන් තැනින් නොනැගිටින බව ඒ හිමියෝ කියති.
ඔප්පුවකින් තමාට හිමි අම්බුළුවාව කන්ද වසර 20ක් පුරා බලහත්කාරයෙන් දි.මු.ජයරත්න හිටපු අගමැතිවරයා අල්ලාගෙන සිටින බවද ශාන්තභද්‍ර හිමියෝ පවසති.
ඡායාරූප - චමිල් රූපසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාය ජායතී ශෝකෝ අපේ හාමුදුරුවනේ! (නි)
ගම්පොළ අපි තමා ඇත්ත දන්නේ. 1960 ගණන්වල ඉඳලා අම්බුළුවාවේ බාරකරු ඔය හාමුදුරුවෝ. ඔය කඳු මුදුනේ බුදු පිළිමයක් තනා සසුනට පූජා කළේ ඩඩ්ලි සේනානායක මහතාගේ රජය කාලයේ. මට මතක හැටියට එය විවෘත කළේ විජයානන්ද දහනායක ඇමතිතුමා. හරිහැටි නොදැන අදහස් පල කිරීම සුදුසු නැහැ. (බ)
තණ්හාය ජායති ශෝකෝ! (බ)
උපාදානය (අල්ලාගැනීම) සසර දිගු කරනු ඇත (බ)
දී. මු. ඔතන එයාට අයත් කියලා නෑනේ, එයා කළේ එතන පන්සලක් හදලා සංවර්ධනය කළ එකනෙ, ඔබ වහන්සේ ගිහිල්ල එතැන පදිංචි වෙන්න. (බ)
මට පේන හැටියට මේ අගමැති පුටුවේ මනුස්සයෙකුට වාඩි වෙන්න සිද්ධ වෙන්නේ හෙනහුරා ලබනකොට . ගෙදර ගිය දවසටවත් නිදහසක් නැහැ.(ම)
ඔය අම්බුළුවාව කන්ද නිසා එම පළාතට මොන තරන් නම් වටිනාකමක් තිබුනද ,පළාතේ දේශගුනය සමබර වුණේ ඔය ලස්සන වනාන්තරය නිසා . නමුත් අද එමත්ත්වය සම්පුරණයෙන් වෙනස් වෙලා. (ත)
ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව භූමියේ නියම අයිතිකරුවා හිටපු අගමැති දි.මු.ජයරත්න. මෙහෙම උනේ හොර ඔප්පුවකින්ද කියන එක නම් පැහැදිලි නැහැ. (ත)
හොර ජාතික හැඳුනුම්පත්, හොර පාස්පෝට් වගේ දේවල් තිබුන මේ අපේ රටේ හොර ඔප්පු නැහැ කියන්න කාටද පුළුවන් ? (බ)
ආණ්ඩුව පෙරලිලත් කාලයක් ගතවෙලා. මොකෝ අපේ හාමුදුරුවනේ මෙච්චර පරක්කු? (බ)
හාමුදුරුවනේ කතාවට කියන්නේ සියලු සැප සම්පත් ඇත හැරලා ගිහි ගෙයින් ගියා කියල නේද. යනකොට අරගෙන යන්නේ නෑනේ (බ)
ඔයාලා මොනවා කිව්වත් මේ හිමි නමට මේ ඉඩම අයිතිනම් ලැබෙන්න ඕන. නැත්නම් ඔහුට ඔප්පුවක් ඇත්නම් ඒක බොරුනම් හිරේ යන්න ඕන (බ)
බුදුන් වහන්සේගේ සඟ පරපුරෙන් එන තෙරුන් නමකට නම් සිවුපසය හැර කිසිවක් අයිති විය නොහැක. (බ)
අනේ මන්ද බුදු සසුනයි , සිංහල කමයි තරම් අද බාල්දු වෙන කිසිම දෙයක් නැහැ ? හැමතැනම දේශපාලනේ ! (බ)