හිටපු ජනාධිපති දේශපාලනයට සිවිල් ආරක්ෂක බළකාය යොදා ගත් නමුත්, මෙතැන් සිට සිවිල් ආරක්ෂක බලකාය, හමුදාව හෝ පොලිසිය ඇතුළු කිසිම ආරක්ෂක අංශයක් දේශපාලනයට යොදා නොගන්නා බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කීවේය.
පොලොන්නරුව මැදිරිගිරියේ දී සිවිල් ආරක්ෂක උළෙලක දී ඔහු එසේ කීවේය.
‘දේශපාලනය හා දේශපාලන පක්ෂ වෙනුවෙන් වැඩ කිරීම ආරක්ෂක අංශයේ රාජකාරිය නොවේ. පසුගිය ජනාධිපතිවරණයේ දී සිවිල් ආරක්ෂක බලකාය හිටපු ජනපති තම දේශපාලන වැඩට යොදා ගත්තා. හමුදාවේ වෙනත් අංශ ද එසේ යොදා ගත්තා. ‘
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් සේමාල් ප්‍රනාන්දු යන මහත්වරු ජනාධිපතිවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කළහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුදෙල්මි දන්නා දේවල්..හරි හරි පොන්සේකා මහත්තය නැත්නම් අපි යුද්දේ පරාදයි..එතුමා ගෙදරින් සේරම ගෙනත් හමුදාව රැස්කරන් ජාත්‍යන්තරයත් කළමනාකරණය කරන් එයාගේ තනි මතයට උඩින් යටින් දියෙන් ගහල යුද්ධ කල විධිය අපුරුයි. අපරාදෙනේ මේ රාජපක්ෂවරු යුධ අධිකරණවලට ගෙන්න හදන්නේ..වගකිවයුතු මනුස්සය ඉදිද්දී..දුදෙල්මි අඩුම ගානේ ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍ය භට පුහුනුවක්වත් ලැබුවානම් ඔහොම හිතෙන්නේ නැහැ....මොනවා කරන්නද..ආයේ මොන්ටිසෝරියේ ඉඳල ඉස්කෝලේ ගිහින් එහෙම පුහුණුවක් ලබන්න උත්සහ කරන්න. (ස)
දුල්මි ඔයා හිතන්නේ ෆොන්සේකා නොහිටියනං යුද්ධේ ඉවර වෙන්නේ නෑ කියලද? (ර)
සිවිල් ආරක්ෂක බලකාය පමණක් නොව යුද හමුදාවේ උසස්ම නිලධාරින්ටද දේශපාලනයට හවුල් නොවීම නිසා රටෙන් පිටවන්න සිදු වුනා. (බ)
සිවිල් ආරක්ෂක බලකායේ රාජකාරිය කුමක්ද ? (ස)
දුමින්ද. යුද්දේ ඉවර වුනේ සරත් ෆොන්සේකාගේ යුද ප්ලැන් හින්ද. යුද හමුදාවේ ඉහලම නිලයක් දරපු කෙනෙක් පත්තරේ ඉන්ටෙර්විවේ එකේදී කියල තිබුනේ ඉස්සරහෙන් කොටිය පස්සෙන් සරත් ෆොන්සේකා කියල. කොටිය හින්ද ඉස්සරහට යන්නත් බැහැ ෆොන්සේකා හින්ද අඩියක් පස්සට ගන්නත් බැහැ කියල. එ්කෙන්ම තේරෙනවනේ දුමින්ද කවුරු හින්දද යුද්දේ දින්නේ කියල. (බ)
යුද්ධ ටැංකියකට ගොඩවී ගොස් "නොනවතින රැල්ල" ප්‍රහාරය නතර කලේ ෆිඑල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා . (ස)
යාපනයේ කොටුවී සිටි සියගණනක් සෙබළුන්ගේ ජීවිත බේරා ගත්තේ සරත් ෆොන්සේකා සහ ජනක පෙරේරා - " මිඩ් නයිට් එක්ෂ්ප්රෙෂ්" මෙහෙයුම .(ම)
තව ටික දවසකින් කියයි හමුදා වැඩක් නැහැ .කොටි ගෝලයෝ ඒවා බලාගනීවි කියල.(ම)
ජයවේවා! (නි)
මේ අයගේ න්‍යාය පත්‍රය මොකක්ද කියලා තේරුම් ගන්නාවිට අපි ප්‍රමාද වැඩිවෙන්න පුලුවන් (නි)
ඉතාම වැදගත් තීරණයක් මේක (නි)
යහ පාලනය ගැන ක්‍රෝධයෙන් කතා කරන අය දැන්වත් තේරුම් ගන්න ඕනේ මෙතුමා බලයට පත් වුන දා ඉඳන්ම කරන්නේ පිරිහුණ විනාස වෙච්ච රටක් යහ පාලනයකට පරිවර්තනය කරන එක නේද කියල. රටේ තිබිල තියෙන්නේ ගෝත්‍රික පාලනයක් නේද කියල දේසපාලන බේද වලින් තොරව අවංකවම අපි පිළිගත යුතු වෙනවා. මෙතුමාට මේ වගේ නිවැරදි තීරණ ගන්න තව තවත් ශක්තිය ලැබේවා. (ස)
පරාජිත හමුදාවක් ජයග්‍රාහී කලේ කව්ද ? (ස)
ඒක නම් බොහොම හොඳයි (නි)
දුමින්ද ඔබ හිතන්නේ කව්රු කියලද? ෆොන්සේකා මහතා නොහිටින්න අපේ හමුදාව ජයගන්නවා බොරු ඕනෑම හමුදා සෙබලෙක්ගෙන් අහලා බල්ලන්න හබි යුදේට ගිය (ම)
දේශපාලනේට ගන්නේ නැති වුණාට කොළඹ අලංකරනෙට ගන්නවා කියල පුවතක් පසුගියදා ඇසුනා (ම)
ඉතින් ඉතින් ලාල් මහත්තයෝ..තව විහිලු කතාවක් කියන්නකෝ..කියපු එකට ඇදිච්ච ඉල අට ටික ආයේ හරි ගස්සා ගන්න.. (ස)
කව්ද මේ පිවිතුරු යහපාල ? (ස)