(ඉන්දිකා රාමනායක)
යාපනය පලාලි කඞ්ඩුවාන් ඔට්ටාපලම් ප‍්‍රදේශයේ හමුදාව සතුව තිබු අක්කර 29 ක ඉඩම් ප‍්‍රමාණයක් වසර 27කට පසු හමුදාව විසින් අද(30) යාපනය දිසාපතිවරයා වෙත බාර කෙරිණි.
මෙම ඉඩමේ රෝමානු කතෝලික දෙමළ විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි දේවස්ථාන පිහිටා තිබී ඇති අතර හමුදාව විසින් මෙම ඉඩම ශුද්ධ පවිත‍්‍රකර මෙලෙස බාර දෙනු ලැබිණි.
සටන් පැවති සමයේ මෙම ඉඩම හමුදාව විසින් අත්පත්කර ගෙන තිබු අතර ඒ ආසන්නයේ හමුදා කඳවුරක් ද පිහිටා තිබූ බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.
උතුරේ ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් උතුරේ හමුදාව සතුව ඇති වැඩිපුර ඉඩම් යළි ජනතාවට ලබා දීමේ වැඩසටහන යටතේ මෙම ඉඩම ද ජනතාව වෙත මුදා හැරීමට කටයුතු කළ බව හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා මෙම ඉඩමේ ඔප්පුව යාපන දිසාපති එන් වේදනායගම් මහතා වෙත බාර දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවට ඉඩම් භාරදීෙම්දී ෙම් අයෙග් සම්බන්ධය ෙමාකක්ද? ඒතෙකාට උතුෙර් බුද්ධ ප්‍රතිමා තියන්න ඒපා කියන ඒකටත් ෙම් අය සම්බන්ධයි කියලා හිෙතන්ෙන් නැද්ද?
මේවා හොඳ වැඩ. දැන් යුද්ධය කරන්න ඕනෑ ඔළුවෙන්... බුද්ධි කටයුතු සහ තාක්ෂණය තමයි..
යහ පාලනේ කිය කියා උතුරේ ආරක්ෂාව අඩු කරලා දැන් පේනවනේ මහ දවල් කොටි සමරන අපූරුව. ඕකෙ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ අනාගතේ යුද්ධයක් නිසා තවත් සිංහල කොල්ලෝ ගොඩක් රටට අහිමි වෙන එක. රටේ ඉන්න මහ ගොන් රැලට ඕවා තේරෙන්නෙ නෑනේ. ඡන්දෙ වෙනුවෙන් ජාතිය ආගම වුණත් පාවලා දෙන්න පුළුවන්..