පුංගුඩුතිව් ශිෂ්‍යාව ඝාතනය කිරීමෙන් පසු යාපනයේදී පොලිසිය හා මහජනයා අතර ඇතිවූ සිද්ධි යළි ඇති නොවිය යුතු යැයි උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා කොළඹදී ප්‍රකාශ කළේය.
මේ සිද්ධියේදි පොලිසියෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ ගණන120කට වැඩිය.
එවැනි සිද්ධියක් යළි ඇති නොවිය යුතු බව ඔහු කීවේය.
යුද හමුදාවේ බොහෝ අය තම මිතුරන් නමුත් හමුදාව උතුරෙන් යා යුතුයැයි ඔහු කියා සිටියේය.
‘ඔවුන් අපේ ඉඩම් වල ඉන්නවා. ධීවර කර්මාන්තයේත් ඉන්නවා. ව්‍යාපාරවලත් ඉන්නවා. එය යාපනයේ ජන ජීවිතයට ලොකු බලපෑමක්. යාපනයේ වැසියන් 6 දෙනකුට සෙබළකු බැගින් සිටිනවා. දීර්ඝ කාලයක් එක ප්‍රදේශයක හමුදාව රඳවා තැබීමෙන් නොයෙකුත් ක්‍රියා සිදුවිය හැකියි. කාන්තාවන්ගේ ආරක්ෂාව නැති විය හැකියි. මද්‍යසාර භාවිතය හා බෙදාහැරීම වැඩි විය හැකියි. විශේෂඥයන් මේවා ගැන පර්යේෂණ කළ යුතුයි. පිළියම් යෙදිය යුතුයි.‘
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
වීඩියෝ - සනත් ඩෙස්මන්ඩ්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝන් කට වහගෙන ඉන්නේ හමුදාව ඉවත් කරන එක එයාලගේ පොරොන්දුවක් නිසා වෙන්න ඇති බැලුවම තිස්ස කිව ගිවිසුමේ කරුණු ඔකොම හරි (ම)
මේ දුක එම දැරිය දුෂණය වුනේ හමුදාවෙන් නොවන නිසා විය හැකියි.මොකද ලොවට මාකටින් වලට තිබුණු අනර්ඝ අවස්ථාවක් ගිලිහි ගියානේ.පාපතරයින් අතින් එම දැරිය දුෂණය කර මරා දැමීම අපට නම් දුකකි.අප ශ්‍රී ලාංකිකයෝය .(ම)
අවුලක් නැහැ..ලබන මැතිවරණෙන් ආයේ රනිල් මහත්තය අගමැති කරවල යු අැන් පි රජයක් බිහි කරවමු..2002 බාගෙට කරපු දේ සම්පුර්ණ කරලා ඔයාලගේ බලපොරොත්තු ඉටු කරවල දස දහස් ගානක් රණ විරුවන් අත පය ලේ මස් ජිවිත දන් දීල මුදා ගත දේශය ආයේ තුන් බිය ඇති විශාලාවක් කරන්න එතුමාට අපි කොහොම හරි වරම අරන් දෙමු..(බ)
හමුදාව ඔය කියන තරම් ඉඳලත් කාන්තාවන්ට තිබ්බ ආරක්ෂාව දැක්ක අපි පසුගිය දවස්වල. තව නීතිය අතට ගත්ත කලහකාරී උදවියත් දැක්ක. ඔයාට ඕනේ මොනවද කියල අපිට ඉතා පැහැදිලියි.(ම)
කොහේ තියෙන මොන නිතියක්ද ඒක , එතකොට දකුණේ ඉන්න හමුදාවට එම නිතිය අනුව මොකද කරන්න වෙන්නේ ?(ම)
සියලු ඉඩම් ලංකා රජය සතුය. ප්‍රභාකරනුත් ඔබගේම ප්‍රාර්ථනය කළා. (බ)
හමුදාව නැතිඋන හැටියේ යාපනේ හා උතුරේ දෙමල ජනතාව වහල්ලු බවට පත්වෙනවා. පසුගිය අවුරුදු 30 හ වගේම ආයමත් කොටින්ට.(නදී)
බලන් ගියාම මේ මිනිසුන් කලහකාරී වෙලා තිබෙන්නේ හමුදාව උතුරේ සිටින නිසයි.'අඬන්න හිටි කෙනාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ'දෙයක්නේ මේක. (ම)
යන්නේ කොහේද ඇහැව්වම මල්ලේ පොල් කිව්වලු.මෙතනත් එහෙම තමා.ආදරිය දුෂණය කළේ තමන්ගේම ජාතියේ එකෙක්.යන්න කියන්නේ හමුදාවට.බලල මල්ලෙන් එලියට පන්න නේද මහත්තයෝ.(ම)
ඕකට තමා කට්ටියම එකතුවෙලා ඡන්දෙත් අරගෙන දුන්නේ.ඔය ලංගම වැඩි වෙලා ඉන්නේ අනිත් අයත්.ඔය ටිකම ගිහින් ඔයාලගේ තමිල්නාඩු රටේ හමුදාවටම කිව්වනම් තම වටින්නේ.-මේක අපේ රට.(ම)
අහිංසක දැරියක් දුෂණ කරපු එකත් මර්කෙටින් වලට ගන්න එපා මහත්තයෝ.හමුදාව එයාලගේ රාජකාරිය කරවී.ඔය ඔයාගේ රජ කාරිය කරන්න (ම)
මෙතැන සමහරු කොමන්ට් කරලා තියෙන්නේ යාපනයේ මිනිස්සු හමුදාව යනකන් බලාගෙන ඉන්නේ වෙනම රාජ්‍ය ඉල්ලන්න ඉන්නව කියල හිතාගෙන වගේ... ඒ මිනිස්සු අපි වගේම ශ්‍රී ලාංකිකයො... (ම)
සාධාරණව බලලා ටිකක් හමුදාව අඩු කලාට කමක් නෑ, හැබැයි පුතෝ සම්පූර්ණයෙන් අයින් කරන්න නම් එපා. මේක එක රටක්, එක රජයක්, එක හමුදාවක්, (ම)
ලංකාවේ හැම තැනම හමුදාව ඉන්නවනම් උතුරේ කියල වෙනසක් අවශ්‍ය නැහැ.අනික යුද්දයක් තිබුණ පළාතක් හැටියට හමුදාව ඉවත් කරන්න හදිස්සි වෙන්න ඕනෙත් නැහැ.(ම)
රටේ හැම පලාතටම එක සමාන හමුදා ගහනයක් තිබ්බනම් හරි...(ම)
මොනම හේතුවත් හමුදාව අයින් කරන්න එපා , මුන්ට ඕන දේ කරන්න අපි ඉඩ දෙන්න නැහැ (ම)
එයාලට මෙහෙම හරි කොලබට ඇවිත් නිදහසේ යමක් ප්‍රකාශ කරන්න අවස්තාව උදා උනේ අපේ විරෝදාර රණවිරෝව නිසා. ජාතික ආරක්ෂාව අගයන ඕනෑම පුරවැසියෙක් මොහුගේ මෙවැනි ප්‍රකාශයන් අනුමත කරන්නේ නැහැ. (ර)
යාපනය කියන්නේ වෙනම රටක් නොවෙයි, හමුදාවට ලංකාවේ ඕනෑම තැනක ඉන්න පුළුවන්, ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම හමුදා කඳවුරු තියෙනවා , රටේ ජනතාවගේ ආරක්ෂාවට, ඒවා ඉවසන්න බැරිනම්.... යාපනයෙන් හමුදාව ඉවත් කරන්න කවුරුහරි උත්සාහ කරනවානම් ඒක රට ත්‍රස්තවාදයට නැවත පාවා දීමක් . එය නොවිය යුතුයි. (ර)
මහා ඇමතිතුමනි, යාපනය කියන්නේ වෙනම රටක්වත් , ඇමතිතුමාට අයිති එකක් වත් නොවෙයි , මේක අපි හැමෝටම අයිති රට, ඒකෙ ඕනෑම තැනක හමුදාව තියන්න පුළුවන්, එකට අකමැති වෙන්න නම් ඒකා ත්‍රස්තවාදියෙක් හෝ ඒවාට අනුබල දෙන්නෙක් වෙන්න ඕනෑ, ඒක ඉවසන්න බැරිනම් අයින් වෙන්න. (ර)
ලංකාව අයිති ශ්‍රී ලාංකිකයන්ට. (ර)
යාපනය ලංකාවේ කොටසක්. එසේනම් මොකද යාපනයෙන් හමුදාව අයින් කරන්න කියන්නේ. එසේනම් දකුණේ මිනිසුනුත් හමුදාව දකුණෙන් යන්න කීවොත් හමුදාව මුහුදට තල්ලු කරන්නෛ වෙන්නේ. මෙය එකම රටක් නිසා හමුදාව ගැන තීරණ ගතයුත්තේ හමුදාව සහ එය අයිති ඇමති තුමා විසින් පමණි. ජනාධිපතිතුමා සහ හමුදාපති තුමා විසින් ගතයුතු තීරණයක් බැවින් උතුරේ මහා ඇමතිතුමාට ඊට මැදිහත් වීමට කිසිම අයිතියක් නැතිව සේම මෙය ඡන්ද ලබාගැනීමට කරන උගුලක් සේය මට පෙනෙන්නේ. (ර)
කොටියාට ඉවරයක් කරගන්න බැරි වූ දෙය වෙන විදියකට වෙනවා. (ර)
කාගෙ නීතියක්ද මේ කතාකරන්නේ .... හොඳට හිටී. (ර)
ත්‍රස්තවාදය අවසන්වෙලා තවම අවුරුදු 6 යි. මහින්ද යුගයේ කිසිම කලබලයක් නොකළ මේ අය දැන් දැන් එක එක කොන්දේසි දමන්න පටන් අරගෙන! අලුතින් උතුරේ ආයුධ සොයා ගනිමින් තිබෙනවා. මේගොල්ලන් හමුදාව ඉවත් කරවලා කුරුමානම් අල්ලන්නෙ මොකටද කියලා ඕනෑම කුඩා දරුවෙකුට වුණත් තේරෙනවා. (නි)
මස්සිනා මෙහෙන් ගෙනිච්චොත් අපටත් හොඳා වගේ නේද ? (අ)
අඅයි මේ මිනිහ කියන්නේ නැවත නැවතත් "කොටි හොඳයි කියලා (බ)
හමුදාව ඉන්නවට ඔච්චරම බය මොකද?? ඒ ගොල්ලෝ යනකල් ඉදලා කරන්න මොනවත් වැඩ තියනවද මන්දා මෙගොලන්ට (ම)
මේ මහා ඇමතිය දැන ගත යුතු දෙයක් තමා උතුරත් ලංකාවට අයත් කොටසක් කියල. ලංකාවේ ඕනෑම තැනක හමුදාව තියන්න්න රජයට පුළුවන්. (ම)
කට වහනවද ඉක්මනට? මේක ඉන්දියාව නෙමෙයි හොඳේ... (නි)
ඔයාට පුලුවන් නම් ඔය තිබෙන පහසුකම් භුක්ති විඳගෙන ඉන්න. බැරිනම් අපිට කරන්න දෙයක් නැහැ (නි)
මහඇමති තුමනි, හමුදාව ඉවත් කලොත් සන්නද්ධ කල්ලි වලින් තව තවත් කාන්තාවන්ට කරදර වැඩියෙන් සිදුවෙයි නේද? ඔබ තුමා ගේ කතාව පරස්පර විරෝධියි නේද? (ම)
උතුරේ මහ ඇමැති තුමාට උතුර පාලනය කරගත නොහැකි තත්වයක් පෙන්නුම් කරනවා නේද? (ර)
යන්නේ කොහෙටද? ඒ දවස්වල හමුදාව එච්චර හිටියේ නැති නිසා තමයි ත්‍රස්තවාදය මෙච්චර බරපතල වුණේ. හමුදාව ඉන්නවට ජනතාව කැමතියි මහා ඇමති සහ එයාගේ ගෝලයෝ තමයි අකමැති. එයා හිතන්නේ ඒ ගොල්ලෝ ඉන්නේ වෙන රටක කියල. හිතනවා විදිහයි වැරදි.(ම)
උතුරෙන් හමුදාව ඉවත්කරගන්න් කියන්නේ ඒ පලාතේ හමුදා ගහනය වැඩි නිසා.. ඒක සාධාරණ ඉල්ලීමක්...(ම)
උතුර කියන්නේ ලංකාවේම කොටසක් නිසා තමා දකුණට වඩා අමුතු හමුදා ප්‍රමාණයක් උතුරට වැඩක් නැත්තේ... දැන් උතුරේ යුද්ධයක් නැහැනේ... සිවිල් ආරක්ෂාව දකුණේ වගේම පොලීසියට භාරදෙන්න... උතුරේ අමුතුවෙන් හමුදාව රැදෙව්වහම තමා ඒ පලාත්වල මිනිස්සුන්ට දකුනේ ආණ්ඩුව තමන්ට වෙනස්කම් කරනවා කියල දැනෙන්නේ...(ම)