නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලදී 1300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.
ඉකුත් දෙසැම්බර් 31 වැනි දින සිට පෙරදින (13) දින දක්වා පොලිසිය සමඟ ඒකාබද්ධව සිදු කළ මෙහෙයුම් වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ද බ්‍රිගේඩියර්වරයා කීය.
හමුදා සාමාජිකයන් 984 දෙනෙක් ද නාවික හමුදා සාමාජිකයන් 236 දෙනෙක් ද ගුවන් හමුදා සාමාජිකයන් 14 දෙනෙක් ද වන බව හමුදාව කියයි.
නිවාඩු නොලබා හමුදා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් නොකඩවා සිදු කරන බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක් මේ අයව අල්ලන එක. යුද්ධයට බයේ ඇමරිකාව වැනි රටවල් වලටත් පැනලා ගිය අයත් අල්ලනවානම් තමයි වඩාත් හොඳ. (ර)
මා නම් මෙය දකින්නේ ඉතා හොඳ දෙයක් හැටියටයි. (ර)
මෙන්න රණවිරුවන්ගෙන් පලි ගන්නවා. දැන් මෙහෙම කියයි. (ර)