හිම කන්දකට යට වූ තම මෝටර් රථයට වී මාස දෙකක් පුරා සිටි ස්වීඩන වැසියකු (40) බේරා ගැනීමට ස්වීඩන් පොලීසිය සමත් විය. එබ් නයිබර්ග් නගර සීමාවේ ඇති වනයක් මැද දී හිමෙන් යටවූ මෝටර් රථයක් දැක හිම ක්‍රීඩා කිරීමට ඒ ආසන්නයට ගිය පිරිසක අතර සිටි තරුණයකු මෝටර් රථයේ එක් පසෙකින් හිම ඉවත් කර ඇතුළට එබී බලන විට සෙළවෙන යමක් දැක පොලීසිය කැඳවා එහි සිටි මිනිසා එළියට ගෙන ඇත. තමා හිමට යට වූ මෝටර් රථයෙන් එළියට ඒමට නොහැකිව මාස දෙකක් පුරා එහි සිටි එම මිනිසා ඒ කාලයේදී හිම ආහාරයට ගෙන තිබේ. කුසගින්න නිසා ඇවිදගැනීමට පවා නොහැකිව ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඔහු මේ වන විට ස්වීඩ්න් රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. රෝහල් බලධාරීන් පවසනුයේ සීතලට ඔරොත්තු දෙන හිම පොරවනය නිසා ඔහුට ජීවත් වීමට වාසනාව තිබූ බවයි. සෘණ අංශක 30 දක්වා උෂ්ණත්වය පහත වැටී තිබුණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි වෙන බඩු මිලත් එක්ක අපිත් එහෙ හිටිය නම් හිම හරි කකා ඉන්න තිබුණා..
පුදුම මනුස්සයෙක්නේ.. අනිවාර්යෙන්ම ලංකාවෙ මොකක් හරි නැ කමක් ඇති...
රොස්මනඩ් ඔයා පිස්සෙක් කවුරු කොහේ කාට වැරුදුනත් ඇයි ලංකාවේ අයට ඒක උපමා කරන්නේ ලංකාවේ ඔය වගේ ගැටඵ වලට මුහුන දෙන අය කොහේද ඉන්නේ මෝඩ කතා ලියලා නිකං හෑල්ලු වෙන්න එපා මේක උගත් පිරිසක් බලන වෙබ් අඩවියක් ඒක තේරුං ගන්න...
ලංකාවේ එහෙම අය ඉනන්වද නැදද කියලා තනුජා දන්නවද ඔයා මේ ලංකාවේ මොන මට්ටමක් නියොජනය කරනවද කියලා දන්නේ නෑ මේ රටේ ඊටත් වඩා දුක් විදන මිනිස්සු ඉන්නවා මාස දෙකක් හිම කන මිනිස්සු හිම හරි තුන් වෙලට කන්න ඇති නමුත් මේ රටේ එහෙමත් නැති කොටසක් ඉන්නවා උගත් අය බලන වෙබ් එකක් කියලා කිව්වට වැරදි නෑ ඔයා වගේ අයත් ඒ අතර ඉනන එක තමයි ප්‍රශ්නේ .............
ඔබ හරි චන්දන.උගත් කම කෙසේවෙතත් ඒ මිනිසා ඔබට වඩා බුද්ධිමත් තනුජා.
තනුජා ඔයා මොනවද දන්නේ ඔයා දන්නවාද පෝස්ටර් අලවන පාප්ප කාලා ජීවිත ගැට ගහ ගන්න අයත් ලංකාවේ ඉන්නවා කියලා ඔයාගේ උගත් කම හැදිමිටේද තවම
Mr,Chandana චන්දන මහත්තයෝ ඔයා කියන කතාව ඇත්ත දුක් විදින මිනිස්සු ලංකාවේ ඉන්නවා ඒත් මාස දෙකක් වතුර බිබි ජීවත් වෙන මිනිස්සු ගැන ඔයාට ලංකාවෙන් හොයලා දෙන්න පුඵවන්ද මොනවා උනත් ලංකාව වාසනාවන්තයි අපේ රටේ කුස ගින්නේ මැරුණ කෙනෙක් හොයා ගන්න නෑ
ඒ මිනිසා හිම කා තිබෙන්නේ ඒ රටේ කන්න බොන්න දෙයක් නැති නිසා නොවෙයි. ඒ අවස්ථාවේ වෙන දෙයක් කල නොහැකි නිසයි. තුන්වේලටම හිම කන්න ඕනනම් මම ඕන තරම් අයිස් ගෙනත් දෙන්නම්. තනුජා කියන කතාව ඇත්ත.
දැන් ලංකාව තුළ බඩු මිල ඉහල යන විදිහට අපිටත් ළගදිම වෙන්නේ හිම කන්න තමයි.
කට්ටියම යන්නෙ කොහෙද... මල්ලෙ පොල් වගෙ..