පඬිවරයකු, ගත් කතුවරයකු, උගතකු, දේශපේ‍්‍රමියකු හා හෙළ හවුලේ ප‍්‍රධානයකු වූ අරිසෙන් අහුබුදුවන්ගෙන් ඔහු උපන් කොග්ගල ගමට වැඩක් නොවී යැයි හබරාදුව ප‍්‍රාදේශීය සභා උප සභාපති බන්දුපාල අබේකෝන් මීට කලින් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් එහි සභාපති දිල්ෂාන් විදානගම මහතා අහුබුදු පදනමෙන් හා රටවැසියන්ගෙන් සමාව ගත්තේය.
පොල් කඩන මිනිහකුගෙන් තරම් වූ සේවයක් අහුබුදුවන්ගෙන් නොවූ බව ඇත්තක් බවත් එහෙයින් සමාව ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් සමාව ඉල්ලීමේ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කරමින් උප සභාපති කීවේය.
උප සභාපති කලින් කළ ප‍්‍රකාශයට සභාපතිගේ කිසිම සම්බන්ධයක් නැතත් ඔහු සමාව ගත්තේය. උප සභාපති ගේ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් සභාව අහුබුදු පවුලෙන් සමාව ඉල්ලා සිටිය යුතුයැයි යෝජනාව ඉදිරිපත් කෙළේ විපක්‍ෂනායක ලයනල් ඉපිලවත්ත මහතාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් හට නොසමයන් වන කලට සම - මුවෙන් නොබැන ඉවසනු සුදන ගරු කම........ අරිසෙන් අහුබුදුවන් විසින් කුළු ගැන්වුණු ජාත්‍යාලය ජාති මාමකත්වය ඔය අය දන්නේ නැති එක ගැන පුදුම විය යුතු නොවේ. (නි)
හබරාදූව ප්‍රාද්ශීය සභාව වෙත ලියමි.. අපෙන් උණ සේවය සළකා බලා පොල්කඩන අය වෙනුවෙන් පාරක් හා ස්මාරයකයක් හදන්න.. මීට කොග්ගල පොල් කඩන්නන්ගේ සංගමය.. (නු)
යම් තැනැත්තකු ගැන ප්‍රකාශයක් කිරීමට පෙර ඔහුගේ තරාතිරම හා කවුරුන්ද යන්න දැන ගැනීම ඉතා වැදගත්..(නු)
මට හිතෙන්න උප සභාපති සිංහල නොදන්න කෙනෙක් වෙන්න ඇති.. පුදුමයි හබරාදූවෙ මිනිස්සු තවමත් ඇස් කන් පියාගෙන ඉන්න එක ගැන.. (නු)
අරිසෙන් අහුබුදු මුතුහර පැළදි කොග්ගල මාතාවට ඇත්තේ කවර තරමේ ආඩම්බරයක්දැයි අපට නම් සිතා ගැනීමට පවා නොහැකිය.එය එසේ වන්නා සේම මේ උප සභාපතිවරයා වැනි නූගත් අසංවේදී මිනිසුන් බිහි කළ ඇයට යම් පසුතැවීමක් ඇතැයි අපට සිතේ.මේ අදහස් ඔහු ජීවමාන ව සිටිය දී පළවී නම් ඔහු මුවට නැගෙන කාරණික තැන්පත් සිනහව එතුමා සමීප ව ඇසුරු කළ අපට මේ දැනුදු මැවී පෙනෙන්නාක් වැන්න. මේ ගැඹුරු මිනිසුන් තේරුම් ගන්න ඔය වැනි නොගැඹුරු මිනිසුන්ට බැරිවීම ගැන එක අතකට අප කණගාටු විය යුතුත් නැත. (නි)
රෝහාන් කෝදාගොඩ මහත්මාට මගේ ස්තූතිය පිරිනමමි.නූතන පරම්පරාවේ බොහෝ තරුණ තරුණියන් අරිසෙන් අහුබුදු ශූරීන් පිළිබඳව දන්නේ හුදෙක් දරුවන්ට නම් තබන පුද්ගලයෙකු වශයෙන් පමණකි. ඒ නිසා මෙතුමා පිළිබඳ තරුණ පරම්පරාවට වටහාදීම වැදගත්ය.අරීසෙන් අහුබුදුවන් මෙතෙක් ලබා ඇති හරසර බුහුමන් සම්මාන ඉතා බොහෝ ය. මෙහි සඳහන් කැරෙන්නේ එයින් ඉතා වැදැගත් කිහිපයක් පමණෙකි. සුබස සඟරාව මඟින් පවත්වන ලද පැදි තරග කිහිපයෙකින් මුල් තැන ලැබූ අහුබුදුවෝ 1940 දී කුමාරතුංගයන් අතින් කිවිති නම ලැබූ හ. 1945 දී ජයන්ත වීරසේකරයන් අතින් කිවි නම ලැබූ හ. 1962 දී හෙළ හවුලින් මහ කිවි යනු ද 1985 දී හෙළ උරුමයෙන් කිවිසුරු යනු ද ඔවුනට පිරිනැමිණ.1984 දී කලාසූරී යන ගරු නමින් සිරිලක් රජය ඔවුනට බුහුමන් කළේ ය. 1991 දී හෙළ බස් ඉසුරු ගරු නම හෙළ හවුලින් පිරිනැමිණ. 1962 දී පරෙවිය කව සඳහා ද 1969 දී රස දහර මහ කව සඳහා ද 1987 දී අතු අගැ දිලි වන මල් ගී පොත සඳහා ද රජයේ සාහිත සම්මාන ඔවුනට පිරිනැමිණ. හඳයා චිත්‍රපටයට ලියූ ගී සඳහා 1979 හොඳ ම ගී පබඳුවාට හිමි සරසවි සම්මානය ද ඔවුනට හිමි විය. (නි)
වදින්න ගිය දේවාලේ ඉහට කඩා වැටේ (දී)
අහුබුදුවන් ගෙන් රටට,ජාතියට,භාෂාවට සේවයක් සේවයක් වුණ බව මේ තුට්ටු දෙකේ කට්ටිය නොදන්න බව රහසක් නෙවෙයි.ප්‍රාදේශීය සභා පන්තියෙ එයාලගෙන් වෙන අපචාර ගැන ඇහෙන විදිහට එයාලගෙ ගිරා කතා ගැන කවර කතාද?කෙනෙක්ගෙන් රටට සේවයක් වුණාම ඒගෞරවය එයා උපන්,ජීවත් වෙන ගමට නෙවෙයිද?කොග්ගල මලලගම කිව්වම පොත් නොකියවන කෙනෙකුට වුණත් මාර්ටින් වික්‍රමසිංහයන් මතක් වෙන්නෙ ඉබේට නෙවෙයිද? (දී)
ආචාර්ය වසන්ත ලියනගේ මහතාට හා රෝහාන් කොදාගොඩ මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මන්ද අපේ පැරණි දේ පිලිබඳව අගය කර සඳහන් කර තිබීම හා කිව යුත්ත කෙළින්ම කීමත් පිළිබඳව.අද අපේ සමාජයේ ඔය වැනි අය හිඟකම තමයි මේ සෑම දෙයකටම හරහට හිටලා තියෙන්නේ. (දී)
කාට මොනවා කියුවත් අපේ විද්වතුන්ට මොකුත් කියන්න එපා (දී)
දැන් ආචාර්ය වරු වැඩි නිසා මම ඉල්ලා අස්වෙමි .(දී)
අහු බුදු ශුරින් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය විශාල සේවයක් කල කෙනෙක් (නු)
කුමාරි, ඔයාට මොළේ අමාරුවක්ද කොහේද? ඔය වගේ මෝඩ අදහස් වලින් මිදෙන්න බලන්න. (නි)
රටට වැඩක්වූ මහතුන්ගෙන් ඉබේම ගමට වැඩක් වෙලානේ.. ඒක තේරුම් ගන්න බැරිද මෙයාලට.. (නු)
මෙය අපගේ ජාතික වීරයෙකු හා සම්භන්දයි. සුළු කොට තැකිය නොහැක (දී)
අනුන්ගේ පවක් නොව මෙය අපගේ අභිමානය හා සම්භන්ද ප්‍රශ්නයකි. (දී)
*Rohan Kodagoda 2012-07-27 14:15:15 ආචාර්ය වසන්ත ලියනගේ මහතාට මගේ ස්තුතිය පිරිනමමි. "මන්ද පුද්ගලයන්ගේන්" සිදුවන සේවය හදුනාගත නොහැකි දේශපාලනඥානයන්ට එය පහදා දීම සම්බන්ධයෙන්ය.* මන්ද පුද්ගලයන්ගෙන් කොහොමද රටට සේවයක් වෙන්නේ ? (දී)
ආචාර්ය හරමානිස් 2012-07-27 22:14:44 ඉල්ලා අස්නොවන්න. ආචාර්ය සහ රථාචාර්යවරු පැටලී ඇත. කොසොල් රජුගේ සිහින එළිදැක්වෙන කාලයයි.අපිත් සටන අත නොහරිමු. ආචාර්ය හරමානිස් ඔබට ශක්තිය.!!! (දී)
බන්දුපාල මහතා, කට පියාගනෙ ඉන්නතෙක් ඕනෑම කෙනෙක් උගතෙකි..!!(නු)
එතුමා කර දේ වෙළදාමක්ද ? සේවයක්ද ?? (ස)
ගමට සේවය කරන්න තමයි ප්‍රාදේශීය සභාපභාව පත් කරලා තියෙන්නෙ..!!(නු)
හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ.... (ස)
අපි නොදන්නා දේවල් අපිට කියාදීම සම්බන්ධයෙන් මම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට හා ආචාර්ය වසන්ත ලියනගේ මහතාට හා රෝහාන් කොදාගොඩ මහතාට බෙහෙවින් කෘතඥ වෙමි.මෙවැනි මහාර්ඝ විද්වතුන් මෙයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත්වීම මගේ බලවත් සතුටට හේතුවකි. (ස)
ඵල කිරීමට අවශ්‍ය නම් ඔබේ නියම නමින් ප්‍රතිචාර එවන්න
උපසභාපතිතුමෝ ඔබතුමාගේ දරුවෙක් තාත්තගෙන් වුණ සේවය මොකක්ද කියලා ඇහුවොත් පුදුම වෙන්න එපා.ඔබ තුමා වැනි අය මේ රටට වාසනවාකි.ලබන සැරෙත් ඡන්දයෙන් දිනවන්න හබරාදූවේ ජනතාවට යෝජනා කරමි.(නු)
මොහුගැන විස්තර නොදැන අදහස් දැමූ අය ගැන දුක් වෙමි.. අරිසෙන් අහුබුදු ශූරීන් පිළිබදව දන්නෙ නැතිනම් http://www.ahubudu.com/ වෙබ් අඩවියට යන්න. දේශයේ අභිමානයට රුකුලක් වූ මෙවන් ශ්‍රේෂ්ඨයන් පිළිබදව අවලාද කථා කිරීමෙන් නිගා නොදෙන්න. මෙවැනි අවමන් දේ කරන බොහෝ දෙනෙක් තමන් කවුරුන්ද කියා වත් හරි හැටි නොදන්නවුන් සේම හරයක් නොමැති දෙලොවටම නැති වැඩකරන අයවලුන් වේ. කරැණාකර සමාජ කතිකාවන්හි හරවත්ව හැසිරෙන්න.(නු)
අහුබුදු මහතාට දියණියන් සිටියේ නැද්ද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දිල්ශාන් මල්ලී.... ඔබ කළ මේ ක්‍රියාවට හබරාදුව ගම වැසියන් වශයෙන් ඔබට තුති. ඔබට මහා වැඩ කොටසක් අපේ ගමට කරගෙන යන්න හැකියාවක් ලැබේවි . අපේ ගම අපි රැක ගත යුතුයි.ස්තුතියි..(ස)
අහුබුදු මහතා සිංහල භාෂාවට මහඟු සේවාවක් කර පඬිවරයෙකු බව අපි සැවොම දනිති.....එහෙත් මෑත කාලයේ ඔහුවිසින් කුඩා දරුවන්ට දැමු නම් පිළිඹඳව නම් පැහැදීමක් නැත.(ස)
කීවෙනි පන්තියට වෙනකන් අධ්‍යාපනය ලැබුවද දන්නේ නෑ......(ස)
"ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-27 10:11:26 1944 දී කුමාරතුංග මුනිදාසයන් විසින් හෙළ හවුල ඇරැඹුණු මොහොතේ එයට එක් වූවන් ගෙන් දිවමන් ව සිටින කිහිප දෙනා අතරැ අරීසෙන් අහුබුදුවෝ ද කෙනෙකි......." අනේ ආචාර්යතුමෝ, අහුබුදු මහත්තයා දැන් මියගිහිල්ලා ගොඩක් කල් බව දන්නේ නැද්ද? (නි)
'ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-27 10:11:26 1944 දී කුමාරතුංග මුනිදාසයන් විසින් හෙළ හවුල ඇරැඹුණු මොහොතේ එයට එක් වූවන් ගෙන් දිවමන් ව සිටින කිහිප දෙනා අතරැ අරීසෙන් අහුබුදුවෝ ද කෙනෙකි.' 'දිවමන්ව සිටින' යන්නෙහි අර්ථය ජීවමානව සිටින යන්නයි. නමුත් අහුබුදු මහත්මයා දැන් ජීවමානව නොමැත....??? (නි)
චම්පික, ඉගෙන ගත්තේ කී වෙනි වසර වෙනකල්ද කියන එක මෙතනට අදාල නෑනේ. (නි)
ඇතැම් පුද්ගලයෝ ගමට සේවය කරති. එසේම ඇතැම් පුද්ගලයෝ රටට සේවය කරති. තවත් අය ලොවටම සේවයක් කරති. එසේම ගමට, රටට හෝ ලොවටම කිසිදු සේවාවක් නොකරන්නෝද සිටිති. රටට, ලොවට සේවය කරන පුද්ලයාගෙන් ඇතැම් විට ගමට සුවිශේෂී සේවාවක් සිදු නොවී තිබිය හැක. රටක් වටිනා එවැනි පුද්ගලයන්ගෙන් ගමට සුවිශේෂී සේවාවක් නොවූ බව පැවසීම ඔවුන්ට කෙරෙන අගෞරවයක් වන්නේය. කලාශූරී අරිසෙන් අහුබුදුවන්ද රටක් වටිනා විද්වතෙකි. පොල් කඩන මිනිසෙකුගෙන් ගමට සිදුවන සේවය ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැක. එසේම අරිසෙන් අහුබුදුවන්ගෙන් රටට, හෙළ බසට ඉටුවූ මෙහෙය පොල් කඩන මිනිසෙකුගෙන්ද බලාපොරොත්තු විය නොහැක. එසේම මෙම දෙදෙනාගෙන්ම ඉටුවන තරම් මෙහෙයක් මෙවැනි යෝජනා ඉදිරිපත් කරන දේශපාලන මහත්වරුන්ගෙන් ඉටුවන්නේද යන්නද ගැටළුවකි. (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-27 10:11:26 "... හෙළ හවුලෙහි අට වන නයුවාණන් (නායකයාණන්) ලෙස ද කෙටි කලක් සිටි ඔහු කටයුතු වැඩි බව නිසා එ තනතුරින් ඉල්ලා අස් වුව ද ...."අදත් එහි අනුනයු මඬුල්ල හොබවති"..... ???? ආචාරියතුමෝ මොන ලෝකෙද ? (දී)
අධ්‍යාපන සුදුසුකම් බලන්නේ නැති එකම රැකියාව කුමක්ද?? (නි)
ඡන්දය දුන් පිරිස නැවත වරක් සිතා බැලුවොත් හොදයි නේද? (නි)
ප්‍රවීන් 2012-07-27 10:27:11 ඔබ සැබෑ බුද්ධිමතෙකි. තමන්ට නැති පෞරුෂයක් ගොඩනගා ගැනීමට යම් පෞරුෂ අක්‍රමිකතා ඇත්තන් උත්සාහ ගන්නා අවධියක, වැරදි චින්තකයන් අතර නිවැරදි චින්තනය ප්‍රකාශ කිරීමට එඩිතරවීම අගය කරමි. දේශපාලකයෝ හැමවිටම කරන ප්‍රකාශ වැරදි නොවේ. ඔවුන් හරි දේ කියූ විට සමාව ගැනීමට සිදුවන්නේ නම් දේශපාලකයාට සැමදා කීමට වන්නේ ජනප්‍රිය බයිලාමය. අහුබුදු මහතා ඔහු උගත් දෙයින් ඔහුගේ සහ දරුවන්ගේ පැවැත්ම උදෙසා මුදල් උපයාගත් බව සැබෑවකි. රාජ්‍ය විරෝධී කටුතු නොකළ බවද සැබෑවකි. කියන්නම් වාලේ කියන තරමේ සේවාවක් ඔහුගෙන් කෙරුණා නම්, කියමු බලන්න එතුමාගෙන් රටට වුනු සේවාව. හබරාදුව ප‍්‍රාදේශීය සභා උප සභාපති බන්දුපාල අබේකෝන් මහතාණෙනි, ඔබගේ ප්‍රකාශය ගැන මගේ ප්‍රණාමය. (නි)
ඕක කියපු අයගෙන් මේ රටට, ගමට වෙන්නා වූ මෙහෙය කුමක්ද දන්නේ නෑ නේද?...... කතිරේ ගැහුවා නම් ඉතින් මේවා අහන්න වෙයි. තව ටික දවසකින් කියයිද දන්නේ නැහැ මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි මට වුණ සෙතක් නෑ කියලා???..... (නි)
කලාසූරී අරීසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිළිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද කලාශූරී නාමය ද හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද හිමි කරගෙන ඇත. 1944 දී කුමාරතුංග මුනිදාසයන් විසින් හෙළ හවුල ඇරැඹුණු මොහොතේ එයට එක් වූවන් ගෙන් දිවමන් ව සිටින කිහිප දෙනා අතර අරීසෙන් අහුබුදුවෝ ද කෙනෙකි. එ දා සිට අහුබුදුවන් ගේ දිවියත් හෙළ හවුලත් එකක් මැ විය. හෙළ හවුලත් එ මඟින් අනුදත් බස් වහරත් රක්නා පිණිස මුළු හදින් ම කැප වී සිටින ඔහු කිහිප වරක් එහි සකසුරු තනතුර දැරීය. (නි)
මම මුලින් හිතුවේ හිරේ ගිය කෙනෙක් වෙනුවෙන් මෙයා හිරේට යන්න යනවා කියලා. (නි)
ආචාර්ය වසන්ත ලියනගේ මහතාට මගේ ස්තුතිය පිරිනමමි. මන්ද පුද්ගලයන්ගේන් සිදුවන සේවය හදුනාගත නොහැකි දේශපාලනඥානයන්ට එය පහදා දීම සම්බන්ධයෙන්ය. ලොව කීර්තිමත් විද්‍යාඥයන් ලොවට සේවය කල වුන් වෙති. ඉන් හැගේන්නේ ගමට ද සේවය වු බවය. එසේ නම් මගේ සීයාගෙන් රටට මෙන්, ගමට ද මහගු සේවයක් වීය. වර්තමාන දේශපාලනඥානයන්ට මෙය තේරුම් ගැනිමට නොහැකි වීමෙන් පෙනීයන්නේ පොල් කැඩීමටවත් සුදුසු නොවන පුද්ගලන් රටේ මිනිසුන්ගේ අභාග්‍යයට දේශපාලනයට පැමිණ සිටිමය. (පොල් කැඩිමේ රස්සාව කිරීමට එම පුද්ගලයා තුළ අවංකභාවය සහ විශ්වාසය තිබිය යුතුය ) මීට පසුවවත් තමන් විසින් දේශපාලනයට නොගැලපෙන පුද්ගලයෙක් බව ඔප්පු කරන ප්‍රකාශ නොකර සිටීමට උත්සහ දරන්න. (නු)
අරිසෙන් අහුබුදු කියන්නේ වැදගත් උත්තමයෙක් මිසක් මේ වගේ දේශපාලන චරිතයක් නෙමෙයි. (නි)
ලාල් ගලබඩ ඉතාලියේ සිට නුගතුන් දේශපාලනයට පැමිණීමේ පලවිපාක,ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගේ කතාවලින් තේරෙන බව දැන්වත් තේරිය යුතුයි.උගතුන් පාලනය කිරීමේ අනිටු පල මේ කියමනෙන්ම වැටහේ. (දී)
කුඩා ළමුන්ට නම් දමා මුදල් උපයා ගැනීම හැර අහුබුදු මහතාගෙන් රටට වූ සේවයක් ගැන අප දන්නේ නැත. මෙම නම් වලට ඔහු දුන් තේරුම් ඔහුම හැර වෙනත් කෙනෙකු දන්නේද නැත. (නි)
ලාල් ගලබඩ, ඔබ හරියටම හරි යාළුවේ. (නි)
අපේ විශිෂ්ට මිනිසෙක් (දී)
අඩු ගාණෙ අපේ පැත්තේ ක්‍රීඩා සමාජයකට සේවයක් තියා බෝලයක් වත් හම්බ වෙලා නැහැ. (නි)
ආචාර්ය වසන්ත ලියනගේ මහතාට මගේ ස්තුතිය පිරිනමමි. මන්ද පුද්ගලයන්ගේන් සිදුවන සේවය හදුනාගත නොහැකි දේශපාලනඥානයන්ට එය පහදා දීම සම්බන්ධයෙන්ය. ලොව කීර්තිමත් විද්‍යාඥයන් ලොවට සේවය කල වුන් වෙති. ඉන් හැගේන්නේ ගමට ද සේවය වු බවය. එසේ නම් මගේ සීයාගෙන් රටට මෙන්, ගමට ද මහගු සේවයක් වීය. වර්තමාන දේශපාලනඥානයන්ට මෙය තේරුම් ගැනිමට නොහැකි වීමෙන් පෙනීයන්නේ පොල් කැඩීමටවත් සුදුසු නොවන පුද්ගලන් රටේ මිනිසුන්ගේ අභාග්‍යයට දේශපාලනයට පැමිණ සිටිමය. (පොල් කැඩිමේ රස්සාව කිරීමට එම පුද්ගලයා තුළ අවංකභාවය සහ විශ්වාසය තිබිය යුතුය ) මීට පසුවවත් තමන් විසින් දේශපාලනයට නොගැලපෙන පුද්ගලයෙක් බව ඔප්පු කරන ප්‍රකාශ නොකර සිටීමට උත්සහ දරන්න. (නු)
ආචාර්ය වසන්ත ලියනගේ මහතාට මගේ ස්තුතිය පිරිනමමි. මන්ද පුද්ගලයන්ගේන් සිදුවන සේවය හදුනාගත නොහැකි දේශපාලනඥානයන්ට එය පහදා දීම සම්බන්ධයෙන්ය. ලොව කීර්තිමත් විද්‍යාඥයන් ලොවට සේවය කල වුන් වෙති. ඉන් හැගේන්නේ ගමට ද සේවය වු බවය. එසේ නම් මගේ සීයාගෙන් රටට මෙන්, ගමට ද මහගු සේවයක් වීය. වර්තමාන දේශපාලනඥානයන්ට මෙය තේරුම් ගැනිමට නොහැකි වීමෙන් පෙනීයන්නේ පොල් කැඩීමටවත් සුදුසු නොවන පුද්ගලන් රටේ මිනිසුන්ගේ අභාග්‍යයට දේශපාලනයට පැමිණ සිටිමය. (පොල් කැඩිමේ රස්සාව කිරීමට එම පුද්ගලයා තුළ අවංකභාවය සහ විශ්වාසය තිබිය යුතුය ) මීට පසුවවත් තමන් විසින් දේශපාලනයට නොගැලපෙන පුද්ගලයෙක් බව ඔප්පු කරන ප්‍රකාශ නොකර සිටීමට උත්සහ දරන්න. රෝහාන් කෝදාගොඩ
මේවා අහන්න වෙන්නේ ගොඩක් අයට තැනකට ආවහම ගම අමතක වෙන නිසානේ......(ස)