කැරට් 2.28 බරැති රත්න ගෝමේද මැණික් ගලක් කෘත‍්‍රීම ගලක් යැයි සාවද්‍ය හඳුනාගැනීමේ සහතිකයක් නිකුත් කිරීමෙන් තමන්ට වූ අලාභයත්, අපකීර්තියත්, අපහාසයත් වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ලෙස රත්නපුරේ සුළු මැණික් ව්‍යාපාරිකයෙක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ඉල්ලීමක් කරයි.
රත්නපුර, ගැටන්ගම, ඥානාලංකාර මාවතේ කේ.ජී. කරුණාසේන (කහවත්ත මල්ලී) තමන්ට වු අසාධාරණය ගැන මෙම ඉල්ලීම කරයි.
තමන් සන්තකයේ වූ රත්න ගෝමේදයක් මසකට පමණ පෙර අපලයකට පැළදීම සඳහා රත්නපුර නගරයේ ව්‍යාපාරිකයකුට රුපියල් හතලිස් දහසකට විකුණු බව කරුණාසේන මහතා පැවසුවේ ය. එය මිලදි ගත් ව්‍යාපාරිකයා එම රත්න ගෝමේදය සම්බන්‍ධයෙන් රත්නපුර නගරයේ මැණික්ගල් හඳුනාගැනීමේ තත්ත්ව සහතික නිකුත් කරන ස්ථානයකට ඉදිරිපත් කර සහතිකයක් ලබාගත් ගෙන ඇති බව ද කරුණාසේන මහතා කියයි. එහි සඳහන්ව ඇත්තේ එම රත්න ගෝමේදය ව්‍යාජ ගලක් බව යැයි ද ඔහු කියයි. මැණික් ගල මිලදී ගත් ව්‍යාපාරිකයා එම සහතිකය ද පෙන්වා මෙවැනි රැවටීම් නොකරන ලෙස දොස් තබා තමා විකුණූ රත්න ගෝමේදය ආපසු දී මුදල් ඉල්ලාගත් බව ද ඔහු කීවේ ය.
ව්‍යාජ හෝ කෘත‍්‍රීම ගල්, ස්වභාවික මැණික් බව පවසා වෙළඳාම් නොකරන තමාට මේ කාරණාව ව්‍යාපාර කටයුතු කරන පිරිස් අතර ප‍්‍රචාරය වීමෙන් තමා පිළිබඳ වූ විශ්වාසය කඩවී ගිය බව ද ඔහු කියයි. මෙම රත්න ගෝමේදය තමාට අයත් මැණික් පතලකින් ම හමුවී පසුව එය කපා ඔපදැමූ නිසා ඒ මැණික් ගල ස්වභාවික බවට තමන්ට දැඩි විශ්වාසයක් තිබු බවද කරුණාසේන මහතා කියයි.
මේ අතර දින කිහිපයකට පසු මැණික් ගල් සඳහා හඳුනාගැනීමේ සහතික නිකුත් කරන කොළඹ ආයතනයකට එම රත්න ගෝමේදය පෙන්වා ලබාගත් සහතිකයේ එය ස්වභාවික මැණිික් ගලක් බවට සදහන් කළ බව ද ඔහු පැවසුවේ ය.
එකම මැණික් ගලකට ව්‍යාජ සහ ස්වභාවික යැයි සහතික දෙකක් ලැබීමෙන් තවත් අසීරුවට පත් වූ තමන් ඒ රතන ගෝමේද මැණික් ගල කොළඹ, ගොල්ෆේස් ටෙරස් හි පිහිටි ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ කාර්යාලයට ඉදිරිපත් කළ අවස්ථාවේ එය ස්වභාවික මැණික් ගලක් බව පැවසුවේ යැයි ද කරුණාසේන මහතා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහවත්ත මල්ලී මහතාණනි, ව්‍යාජ හෝ කෘත‍්‍රිම ගල්, නිල් මැණික් බවට හරවනලද ගෙව්ඩ සහ ස්වභාවික මැණික් පැහැදිලිවම හඳුනාගත හැකි නවීන තාක්ෂණික උපකරණයක් කොළඹ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියට අයත් පරීක්ෂණාගාරයේ තිබෙන බව ඔබ දන්නේ නැද්ද? එතනින් 100% නිවැරදි සහතිකයක් ලබාගත හැකිය. (නි)
හරියට හරි, අතාරින්න එපා. මේ වගේ හොරුන්ට කිසිම සමාවක් දෙන්න එපා. හැබැයි දේශපාලන හෙන්චියෙකුගේ කෙනෙක්ද දන්නේ නෑ. එහෙම වුනොත් ඔයාට බඩුම තමා. අපේ රටේ හැටි එහෙම නේද. (බ)
අනේ දෙවියනේ අපි කාවද විශ්වාස කරන්නේ..?මටනම් පුළුවනි විශ්වාස කරන්න මගේ දෙමාපියෝ දෙදෙනා ..හැරුණු විට මේ පංචස්කන්ධයේ පිහිටා සිටින මා පමණි ..!ඔහුට සාධාරණයක් ඉෂ්ට වේවා ..!!! (බ)
මම නම් මැණික් සහතික කරන්න යන්නේ බ්‍රිතාන්‍ය සහතික ලත් එෆ් ජී ඒ මැණික් විශේෂඥ මහනුවර සෙනරත් බී බස්නායක මහතා ළඟටයි. එතුමා ඉතාමත් සාදාරන පොඩි ගණනකට නවීන තාක්ෂනය මගින් පරීක්ෂා කර සහතිකයක් නිකුත් කරයි. දැනට වසර 30ක් පමණ මා එතුමා ලඟට මැණික් ගෙනයමි. කවදාකවත් කිසිම ප්‍රශ්නයක් වී නොමැත. මට එතුමාව මුලින්ම හමුවුනේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මැණික් වෙන්දේසියකදී. ඒ වසර 30කත උඩදීයි (හේ)
ඔහොම හැමෝම අවිශ්වාස කරන්න එපා රූපවතී (නි)
රවිඳු ,මෙය ලියා ඇත්තේ රජයේ සේවකයෙක් නොවෙයි. සහතිකය ලියලා තියෙන්නේ පොඩි කොළ කෑල්ලක. ආයතනයේ නම හෝ ඔහුගේ නමවත් නැහැ. (නි)
මට නම් කළුගල් තරම්වත් ඔය මැණික් ගල් වටින්නේ නැහැ. (නි)
සමස්ත රාජ්‍ය සේවයෙන් යහපත්ව සේවය කරන්නේ කීදෙනෙක්ද? පෞද්ගලිකව මහන්සියෙන් ජීවත්වන මහජනතාව අසරණවෙලා. ඔවුන්ට මාස් පඩි ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. දේශපාලුවෝ නොවේ. රජයේ ආයතන වල දුර්වලකම් අපි ප්‍රචාරය කරමු. අපි බලා හිදිමු, රට කා අවසන් වෙනතුරුම (නි)
සින්තටික් ජෙම් ලෙස දුන් සහතිකයේ අත් අකුරු හා වචන වල අකුරු වැරදි වලින් පේනවා මැණික් විශේෂඥයාගේ තත්වය (නි)
පිරිමින්ට ගෑනු කියලා , කාන්තාවන්ට පිරිමි කියලා , මරණ සහතික වෙනුවට උප්පැන්න සහතික දෙන ලංකාවේ රජයේ ආයතන වලින් මේ වගේ දෙයක් දෙයක් වෙන එක මොන කජ්ජක්ද.. (හේ)
මේ දේ නිසා තේරෙනවා මේ ගලේ වටිනාකම.(හේ)
මහත්මයාණෙනි ! බලාගෙන ඔබතුමාගේ මේ මැණික ප්‍රෝඩාවක් කරලා තුට්ටු දෙකට ගන්න හදනවා ඇති (ම)
සහතිකයක් නිකුත් කිරීමේදී මැණික් ගලේ හැඩය ආදී විස්තර සමග ගලේ ඡායාරුපයක් තියෙන්න ඕන නේද? (හේ)
ගාන අතේ තිබ්බම තමන්ට ඕන විදිහට සහතික ලියල දෙන රාජ්‍ය සේවකයෝ ඉන්න රටක්නේ මේක? (හේ)
ලංකාවේ විතරක් නොවෙයි අපි ඉන්න බටහිර රටවල මැණික් විකුණන ආසියාතිකයන් මහා වංචනිකයෝ.(හේ)