ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් නව සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කර ඇත.
හඳුන්නෙත්ති මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරියෙකි. ඔහු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවකු ලෙසද කටයුතු කර ඇත.
2000 වර්ෂයේ සිට කොළඹ දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හඳුන්නෙත්ති මහතා පක්ෂයේ 7 වැනි ජාතික සමුළුවේදී සුනිල් හඳුන්නෙත්ති මහතා දේශපාලන මණ්ඩලයට හා මුදල් ලේකම් තනතුරටද පත්විය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හඳුන්නෙත්ති ජවිපෙ මාතර සඳුන්
දයා අලහකෝන් Thursday, 04 June 2015 04:27 AM
හොඳ දේශපාලන දැනුමක් ඇති පොඩි මිනිහා ළඟ ඉන්න දැන උගත් දේශපාලකයෙක්. හොඳ මහත්මයෙක් (බ)
ප්‍රියන්ත Thursday, 04 June 2015 06:01 AM
සුබ පැතුම්! (ම)
සම්පත් - ඩුබායි Thursday, 04 June 2015 07:45 AM
කොහොමටත් දැන් ඉන්න ජ.වී.පෙ අය ඔක්කොම අවංකයි.රට බරදෙනවානම් හරියටම හදයි.(බ)
හේමා හේවගේ Thursday, 04 June 2015 07:47 AM
උණුසුම් සුභ පැතුම්! 2020 සාධාරණය රජයන ජවිපෙ රජයක් බිහිවේවා. (බ)
කිත්සිරි Wednesday, 03 June 2015 07:18 PM
ඔබට සුබ පැතුම්! (නි)
නිහාල් Wednesday, 03 June 2015 08:51 PM
ඔහු අවංක කෙනෙක් බව අපි දන්නවා (නි)
වින්සන්ට් Wednesday, 03 June 2015 09:21 PM
වංචනික දුෂිතයන් ප්‍රබල කණ්ඩායමක් වශයෙන් දේශපාලනය තුළ බලවත් වන මෙවැනි යුගයක, බුද්ධිමත් සහ අවංක දේශපාලකයන්ගේ අවශ්‍යතාවය ජනතාව තේරුම් ගතයුතුය. ව්‍යාපාරික දේශපාලනයේ නොයෙදෙන මෙතුමාට සුභ පතමු. (නි)
කපිල Thursday, 04 June 2015 01:58 AM
ඔබට සුබ පැතුම්! (ම)
දුමින්ද Thursday, 04 June 2015 02:18 AM
සීනුව අලියාගේ බෙල්ලෙන් ගළවන්න.සුබ පැතුම්! (නි)
යොහාන් Thursday, 04 June 2015 02:32 AM
මෙය හඳුන් ගේ මන්ත්‍රී ධුරය නැතිවෙන වැඩක් . වසර 15ක් කොළඹ නියෝජනය කල ඔහුට ලේසියෙන්ම නැවත පත්වෙන්නට තිබුන . මාතරින් ලබන මැතිවරණයේදී ජවිපෙට මන්ත්‍රී ධුරයක් ගන්න අමරුයි. පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක් ඉන් ගිලිහෙන එක ගැන දුකයි. (ස)
විරාජ් Thursday, 04 June 2015 02:32 AM
සුබ පතනවා ඔබතුමන්ට, මන්ත්‍රීකම මිල නොකරන එකම දේශපාලන පක්ෂය, කුඩුකාරයෝ හොරුන් දුෂකයෝ එලියට විසිවී ඔබ වැනි සැබෑ නියෝජිතයෝ මැතිසබේට යවන්න රටේ ජනතාවට මොලේ පැදෙවා, ! (ස)