ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් නව සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කර ඇත.
හඳුන්නෙත්ති මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරියෙකි. ඔහු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවකු ලෙසද කටයුතු කර ඇත.
2000 වර්ෂයේ සිට කොළඹ දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හඳුන්නෙත්ති මහතා පක්ෂයේ 7 වැනි ජාතික සමුළුවේදී සුනිල් හඳුන්නෙත්ති මහතා දේශපාලන මණ්ඩලයට හා මුදල් ලේකම් තනතුරටද පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දේශපාලන දැනුමක් ඇති පොඩි මිනිහා ළඟ ඉන්න දැන උගත් දේශපාලකයෙක්. හොඳ මහත්මයෙක් (බ)
සුබ පැතුම්! (ම)
කොහොමටත් දැන් ඉන්න ජ.වී.පෙ අය ඔක්කොම අවංකයි.රට බරදෙනවානම් හරියටම හදයි.(බ)
උණුසුම් සුභ පැතුම්! 2020 සාධාරණය රජයන ජවිපෙ රජයක් බිහිවේවා. (බ)
ඔබට සුබ පැතුම්! (නි)
ඔහු අවංක කෙනෙක් බව අපි දන්නවා (නි)
වංචනික දුෂිතයන් ප්‍රබල කණ්ඩායමක් වශයෙන් දේශපාලනය තුළ බලවත් වන මෙවැනි යුගයක, බුද්ධිමත් සහ අවංක දේශපාලකයන්ගේ අවශ්‍යතාවය ජනතාව තේරුම් ගතයුතුය. ව්‍යාපාරික දේශපාලනයේ නොයෙදෙන මෙතුමාට සුභ පතමු. (නි)
ඔබට සුබ පැතුම්! (ම)
සීනුව අලියාගේ බෙල්ලෙන් ගළවන්න.සුබ පැතුම්! (නි)
මෙය හඳුන් ගේ මන්ත්‍රී ධුරය නැතිවෙන වැඩක් . වසර 15ක් කොළඹ නියෝජනය කල ඔහුට ලේසියෙන්ම නැවත පත්වෙන්නට තිබුන . මාතරින් ලබන මැතිවරණයේදී ජවිපෙට මන්ත්‍රී ධුරයක් ගන්න අමරුයි. පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක් ඉන් ගිලිහෙන එක ගැන දුකයි. (ස)
සුබ පතනවා ඔබතුමන්ට, මන්ත්‍රීකම මිල නොකරන එකම දේශපාලන පක්ෂය, කුඩුකාරයෝ හොරුන් දුෂකයෝ එලියට විසිවී ඔබ වැනි සැබෑ නියෝජිතයෝ මැතිසබේට යවන්න රටේ ජනතාවට මොලේ පැදෙවා, ! (ස)