මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගැහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට සැකපිට රිමාන්ඩ් කැර සිටි මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාර්තු 14 වැනිදා තෙක් නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.
සැකකාර උප නගරාධිපති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට පොලීසිය කළ ඉල්ලීමට අවසර දෙමින් අද (7) අඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණු අතර ඔහු හදුනා ගැනීම සඳහා කිසිදු සාක්කිකරුවෙක් ඉදිරිපත් නොවීය. හදුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමේ ඉල්ලීම ඉවත් කර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
ඊට අවසර ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ඥාණසාර ස්වාමීන් වහන්සේ (ස)
හරිම කණගාටුයි බයවුනාවත්ද ? (ස)
එකපාරටම මේ මොකද වෙන්නේ කෝ කට්ටිය (ස)
ආ මේ ශීලටත් හැම එකටම නන්දනට වගේ සේනාව මතක් වෙලා තියෙන්නේ ? (ස)
කෝ සේනාව ?? (නි)
කලිනුත් කිව්වා මේ මනුස්සයා මේකට සම්බන්ධ නැහැ.. ඇත්ත ඒකයි... (ස)
ශීලා, ලකී, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
අනේ මන්දා (දී)
කෝ අපේ ඥාණසාර ස්වාමීන් වහන්සේ? (නි)
නීතිය සියල්ලන්ටම සම වියයුතුයි (නි)
මේ වෙලාවට තමයි සුදු වෑන් හොඳයි කියලා හිතෙන්නේ (ස)
කරපු කැත වැඩේ එලියට ආපු දවසට එඳුනා ගනීවි (ස)
එතකොට මොකද කරන්නේ , නිදහස්ද (දී)
ඇයි ඒ කවුරුවත් ඉදිරිපත් නොවුණේ? (නි)
කවුරුවත් ආවේ නැති උනාම මොකද වෙන්නේ (දී)
ඇත්තටම ? සම්බන්ධ නැද්ද ? නියමයි නේ ? කවුද එතකොට සම්බන්ධ ???? (ස)
මොනවා වෙයිද මං දන්නේ නැහැ (දී)
කෝ සේනාව (ස)
මම මේ දේ වෙයි කියලා දැන්වීම් කලේ මීට සුමාන 2-3 ට උඩදි. ඉදිරියට දැන ගන්න ලැබේවි උප නගරාධිපති නැවත වැඩ ආරම්භ කලා කියලා (ස)