IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


හෙඳ නායකයකු පහළවීමේ කාලය ඇවිත්

(යොහාන් භාසුර)

පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයකු පත්කර ගැනීමේ කාලය එළැඹ ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ අද (4) පැවසූහ.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකදී කාදිනල් හිමියෝ එසේ පැවසූහ.

බලගතු අයට එක නීතියකුත් බෙලහීන අයට තව නීතියකුත් මෙරට ක්‍රියාත්මක කිරීමට දේශපාලඥයන් කටයුතු කිරීම නිසා රට කඩා වැටුණු බවත් ඒ හේතුවෙන් රට ආර්ථික අහේනිටත් දුප්පත්කම ඉහළ යෑමටත් පත්වූ බවත් කොළඹ අගරදගුරුතුමා පැවසුහ.

ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් තමන් පත් කරන ජනතාව මෙල්ල කර ගසා කෑමට විදේශපාලනයන්ට පැමිණෙන බව කී අගරදගුරුතුමා ශ්‍රී ලංකාව තුළ දූෂණය ජීවිතයේ කොටසක් බවට පත්කරගෙන ඇති බවද සඳහන් කළහ.

මෙරට තුළ දූෂණය පිටුදැකීමට කොමිසම් සභා සහ ආයතන කොතරම් පත් කළද දූෂිතයන්ට ලැබුණු දඬුවමක් නැති බවත් මහ බැංකු කොල්ලය, පාස්කු ප්‍රහාරය සහ උතුරු නැගෙනහිර යුද්ධය යනාදී දේවල් ගැන විභාග කිරීමට පත්කළ කොමිෂන් සභාවල වාර්තා අල්ප මාත්‍රයකින් හෝ ක්‍රියාත්මක කිරීමට පාලකයන් කටයුතු නොකළ බවත් අද අගරදගුරුතුමා සඳහන් කළහ.

 

 



අදහස් (39)

හෙඳ නායකයකු පහළවීමේ කාලය ඇවිත්

krishna Sunday, 04 February 2024 08:45 PM

ගිය වතාවෙත් රටට හිතකර නායකයෙක් ගේන එකට කාදිනල්තුමා ගොඩාක් වෙහෙසුණානේ...!

:       5       51

විජිත් Sunday, 04 February 2024 08:58 PM

ජාතික ජනබලවේගයට ජයවේවා !!!

:       243       153

saman Sunday, 04 February 2024 11:00 PM

සමගි ජනබලවේගයට ජයවේවා... !!!

:       24       3

saman Monday, 05 February 2024 07:56 AM

මෙරට දේශපාලනය සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නායක හිමියෝ පසුගියදා ඉතා වටිනා ප්‍රකාශය සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමාද යුගයේ අවශ්‍යතාවය පිලිබදව පැහැදිලි පණිවුඩයක් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙත ලබාදී ඇත

:       1       5

Lal Sunday, 04 February 2024 09:44 PM

මෙයා ඔහොම කියලා තමයි ගෝඨාභය ගෙනාවේත්... මදිද කෙල වුණා?

:       2       20

Senaka Sunday, 04 February 2024 10:50 PM

මෙතුමත් වයසටද මන්දා විකාර කතා කියවනව දැන්. හොඳ නායකයෙක් පහල වෙන්න කොහේද ඉන්නෙ හොඳ නායකයො? එන්න මොකෙක්වත්ම නැති නිසා තමයි මිනිස්සු ජෙප්පො පස්සෙ යන්න අරන් තියෙන්නෙ. ප්‍රධාන පක්ශ ගත්තත්, සුළු පක්ශ ගත්තත්, නායක ගති ලක්ශන තියෙන එකෙක් ඉන්නවද.. නෑනේ.

:       4       48

Hima Sunday, 04 February 2024 10:52 PM

මෙයා තමයි දැන් රටට ඉන්න ලොකුම පිළිලය... ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන නියමුවා...

:       7       67

Alfread Sunday, 04 February 2024 10:54 PM

පාස්කුවෙන් මැරිච්චි අසරණයෝ මතක්කර කර තුන්වේල කාපු අය දෙවේල කන්න තත්වෙට ගෙනාපු ගෝඨාව ගෙනෙන් කියලා කිව්වේ මෙයා. දෙවේල කකා හිටපු අය එක වේල කන තත්ත්වයට ගේන්න රනිල්ව පත් කරන්න අරගල කරමු කිව්වේත් මෙයා. අනේ මේ ඔයා තව එකෙක් ගෙනාවොත් මිනිස්සු වේලිලා මැරෙන්නේ. ඒ නිසා දැන්වත් ඔයා යන තැනකට මොකක් හරි කරගන්න. ඊට කලින් බොරු රඟපෑම් වලින් මිනිස්සු මුලා කරාට දෙවියන් සමාකර ගන්න.

:       6       47

sujeewa Sunday, 04 February 2024 11:27 PM

අනුර කුමාර දිසානායක මහත්මයා .

:       32       8

Channa Sunday, 04 February 2024 11:30 PM

ඔබතුමාගේ ආශිර්වාදයට ස්තුතියි ගරු අගරදගුරුතුමනි.අපේ මුළු ගමම ජාතික ජනබලවේගයට.

:       26       8

Romesh Sunday, 04 February 2024 11:31 PM

මාලිමාව !!!

:       21       6

රංබොඩ Sunday, 04 February 2024 11:44 PM

මෙයා හීං සීරුවේ උතුරු නැගෙනහිර යුද්ධය ගැනත් නිකම් අමුත් කතාවක් කියනවා. ඒක තමයි මෙයාලගෙ සැබෑ ස්වභාවය . කට්ටිය කොටින්ට කඩේ යන්නේ කළු බඳ පටියක් බඩ වටා බැඳගෙන.

:       3       49

Ranjan Sunday, 04 February 2024 11:56 PM

ඔව් ලංකාවෙ කතෝලික පල්ලියට හොඳ නායකයෙක් අවශ්‍යයයි

:       3       35

chandima Sunday, 04 February 2024 11:59 PM

ඒක වෙන්න ඇති මර්වින් සිලවා දඟලන්නේ කාදිනල් තුමෝ ?

:       1       22

Edward rowell Monday, 05 February 2024 03:57 AM

අපේ රට විදේශිකයන්ට යටත් උනේ වරදාන වරප්‍රසාද වලට කතෝලික ආගම වැළඳ ගත්තු පාවදෙන්නෝ නිසා .1815 න් පස්සේ බලෙන් ඉංග්‍රීසි ඉඩම් අල්ලාගෙන හදපු පල්ලි පාසල් හදලා තියෙන්නේ හාමුදුරුවරු මරලා පන්සල් ඉඩම් බලෙන් අල්ලාගෙන . දළදා මාලිගා ඉඩමේත් මාලිගාවට එහාපැත්තෙ පල්ලියක් හදලා අදටත් තියනවා . ඉසේල්ලම කාදිනල් ඒ වැරදි නිවැරදි කරන්න ඕනේ සාධාරණ හැමට පිළිගත හැකි ආගමික නායකයෙක් වෙන්න . අරගලේ ජෙප්පොත් එක්ක ගේම ගහලා ක්‍රීකට් බෝඩ් එකේ සල්ලි වලින් NGO සල්ලි වලින් රටේ නායකයා පැන්නුවේ සාලිය පිරිස් කියන කතෝලිකයා රජ කරවන්න කියන එක අද මේ රටේ පොඩි එකත් දන්නවා

:       4       27

රාජේශ් ඛන්නා Monday, 05 February 2024 04:58 AM

මොළය උඩ වාඩි නොවන අගරදගුරු කෙනෙක් පහළවීමේ කාලය ඇවිදින්.

:       5       25

Nisansala Monday, 05 February 2024 05:05 AM

හොර ,මැර ,වංචා,දුෂණ නැති රට ගැනත් ජනතාව ගැනත් සිතන කෙනෙක් ඉන්නවානම් ඒ අනුර කුමාර පමණයි.ජාතික ජනබලවේගය දිනේවා.

:       9       5

නෙබූකට් Monday, 05 February 2024 05:29 AM

ක්‍රිස්තියානි ආගම වෙෙශ්‍යා වෘර්තියේ යෙදවිම නතර කරමූ!

:       4       17

පැරකුම් Monday, 05 February 2024 05:54 AM

දෙවියන් වහන්සේගෙන් මෙපිට මිනිසුන් අතරින් තවත් එක් මිනිසෙක් හොද නායකයෙක් බිහිවීම මනඃකල්පයක් පමණි.

:       12       1

city Monday, 05 February 2024 05:55 AM

ආගම දේශපාලනයට සම්බන්ධයක් නැහැ.

:       9       4

Bamunuarachchi Monday, 05 February 2024 06:09 AM

කාදිනල් උන්නැහේ කියන්නකෝ දෙයියන්ට හොඳ නායකයෙක් එවන්න කියලා. මිනිස්සු නරක විදිහට ජීවත් වෙනකාලේ දෙයියෝ ගංවතුරක් එවලා ඒ මිනිස්සු විනාශ කලා කියලා බයිබලයේ සඳහන් වෙනවා ඇයි දැන් ඒක කරන්න බැරි? අඩුම ගානේ පාස්කු බෝම්බයෙන් මිනිස්සු ටික බේරගන්න බැරි උනානේ නේද? ඉතින් තවත් මොන කතාද?

:       6       30

බද්රානිMonday, 05 February 2024 04:53 PM

ඇත්තමයි බමුණු ආරච්චි එදා අරන්තලාවේ භික්ෂු ඝාතනයට මෙන්ම දළදා මාලිගාවට පහරදීමට පැමිණි හා එය සැලසුම් කර සන්නද්ද නායකයින් වන කරුණා අම්මාන් හා පිල්ලයාන් වැනි ත්‍රස්තවාදීන්ට, බුදුන් වහන්සේ දඬුවම් දුන්න, ආයේ මදි නොකියන්නම....එහෙම බලදී දෙවියන් වහන්සේට වඩා බුදුන් වහන්සේ කොතරම් සාධාරණද..? ඒ ගැන හිතද්දී සිංහල බෞද්ධයින් ලෙස මාරම ආඩම්බරයක් හිතට දැනෙනවා, හා නැද්ද?

:       31       4

Bamunuarachchi Tuesday, 06 February 2024 12:50 AM

ඈ බද්‍රානි මොන බුද්දාගමේද බුදුන් වහන්සේ කාටවත් දඬුවම් දීල තිබෙන්නේ. බුදුන් වහන්සේ හෝ ක්‍රිස්තුස් වහන්සේ කාටවත් දඬුවම් දුන්නේ නැහැ. ඔහේ ඔය කියවන්නේ කුරාණයේ තිබෙන ඒවා වෙන්න ඇති. කරුණා අම්මාන් ප්‍රභාකරන්ට සේවය කරන කාලේ ඒ ප්‍රබාකරන් ගේ නියෝග පිළිපැද්දා සිංහල හමුදාවට එකතු උනාම ප්‍රභාකරන්ට ගහන්න අපිට උදව් කලා. ඒගැන ඔහුට ඇඟිල්ල දික්කරන්න බැහැ චෝදනා කරන්නත් බැහැ. ඔවුන් double agents හැටියට පාවා දීම් කලේ නැහැ.ෆොන්සේකා තම හමුදාව පාවා දුන්න. තමන් වදින්න පල්ලි ආපු ජනතාව බේරගන්න දෙයියන්ට බැරි උනානම් මොන විපැත්තියෙන් බේරෙන්නද දෙවි පිහිට ක්‍රිස්තු පිහිට හොයන්නේ?

:       0       15

බද්රානිTuesday, 06 February 2024 08:39 PM

බමුණුආරච්චි, ඔහෙට තිබෙන්නේ, වයසට අනුව වර්ධනය නොවුණු ළදරු මනසක්... ඔහේ හිතන විදිහට එහෙනම් කතෝලිකයින්ට හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න බැහැනේ... රට කොටවලා, රජයෙන් වැටුප් ගෙවලා ලංකාවේ මුස්ලිම් ත්‍රස්ත කල්ලි බිහිකරලා බලයට එන්න බෝම්බ තිබ්බාට අර ඉන්න දෙවියන් මොනවා කරන්නද..? එහෙනම් ඉතින් උදේ හවස පිරිත්, බණ අහන බහුතරයක් සිංහල බෞද්ධයින් සිටින, අධර්මිෂ්ඨයින්ගෙන් පිරුණු ධර්මද්වීපයේ පාලකයින්ගේ හොරකම්වලට හා අධමයින්ගේ අමන ක්‍රියාවලට පලිද.?

:       18       0

Saththaya Monday, 05 February 2024 08:11 AM

කොමුනිස්ට් බලවේග නම් එපා . දැන් කන්න අල බතල නැහැ ඉස්සර වගේ . වැවෙන්නෙත් නැහැ .

:       5       27

අරවින්ද මොනරවිල Monday, 05 February 2024 08:48 AM

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ කියන හොද නායකයා ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායකයි. මෙවර කතෝලික චන්ද සියල්ල ඔහුට ලැබෙනවා නොඅනුමානයි.

:       26       6

Bamunuarachchi Tuesday, 06 February 2024 01:35 AM

අරවින්ද ඒ ගමන් කාදිනල් උන්නැහේට පෝස්කාඩ් එකක් දාන්න කොමිනිස් කාරයින්ට ආගම අබිං කියලා. මොකද කාදිනල්ට මතක් කරන්න ඕනේ චේගුවේරා කල්ලියමම තමයි ජේවීපී කියන්නේ. කැලේ මාරු උනාට උන් ත්‍රස්තයෝ කියලා 2022 ත් ඔප්පු කලා කියලා. රට බල්ලට ගියත් කොමිනිස් වෙන්න දෙන්න එපා කියලා.

:       0       21

krishna Monday, 05 February 2024 08:49 AM

දෙවියන් වහන්සේ කැමති නායකයා කවුද කියලා කාදිනල් තුමා කිව්වානං අපිට පහසුයි....බෞද්ධ භික්ෂුන් දේශපාලනය කිරිමේ වරදකුත් නෑ මේ වගේ කතා කියනවානං

:       3       28

චන්දිම ෆොන්සේකා Monday, 05 February 2024 08:58 AM

නිදහස් දිනයට මම දැක්කා රටේ දේශපාලකයෝ ටික එක එක වට්ටෝරු කතා මාධ්‍ය වලට ඒවා තිබුණා. ඒවා අපි හැමදාම ඒ කනෙන් අහලා මේ කනෙන් අහක දාන පිළුණු වෙච්ච කිසි ගතයුත්තක් නැති නිෂ්පල දෙඩවිලි. මම බෞද්ධයෙක් වුනත් මේ වෙලාවේ මගේ හිතට විශාල සහනයක් බලා පොරොත්තුවක් ඇතිවුනේ කාදිනල් තුමා නිදහස් දිනයේ ඒ කල දේශනය ඒ වචන ටික අහපු වෙලාවේදී. මොකද උන් වහන්සේ මේ රටත් රටේ සියලු ජාති ආගම් වල ජනතාව ගැනත් සැබෑ කැක්කුමකින් හැඟීමකින් කතා කරන පෙනී සිටින ඉතාම අවංක කාරුණික හදවතක් තියෙන මේ වගේ මොහොතක මේ රටේ සිටිය යුතුම ආගමික නායකයකු ලෙස ජනතාව වෙනුවෙන් නොබියව නොසැලී තමන්ගේ යුතුකම වගකීම කරගෙන යන නිසා.

:       32       2

NAMAL Monday, 05 February 2024 09:33 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...!

:       20       3

සමන්ත Monday, 05 February 2024 10:11 AM

හොඳ නායකයෙකු යැයි කී පමණින් ජනතා විමුක්ති පෙරමුණ යැයි සිතා සිටින මෝඩ ජනතාවක් ඇති රටක මේවා අරුමයක් නොවේ...!

:       23       26

නිහාල් Monday, 05 February 2024 02:35 PM

එක්කෝ මොඩ සජිත් බූරු නාමල් නැත්නම් මළකුණ මහින්ද

:       20       2

Lal Monday, 05 February 2024 12:29 PM

ගියපාර ගෝඨාභය ගෙනාවේත් ඔහොම තමයි..!

:       6       23

චතුර Monday, 05 February 2024 01:52 PM

වෙන කවුද ඉතින්... අද රටම දන්නවා නොදත් අය බයවෙලා...!

:       12       6

fairoos Monday, 05 February 2024 02:09 PM

ඒක ඉතින් ලංකාවේ වෙනවා කියන්නේ බොරු...

:       6       1

බද්රානි Monday, 05 February 2024 02:58 PM

පහුගිය සමයේ බඩගෝස්තරවාදී බත් බැලයන් විසින් මුරුංගා අත්තේ තබා, මුලාකළ කාදිනල් හිමියන්ට දැන් යතාර්ථය අවබෝධ වෙලා වගෙයි...දැන්වත් නොමනා මිතුරු ඇසුරින් මිදී තමන්ගේ තත්වයට අනුව ක්‍රියා කරන්න.... ආගම දහම විකුණගෙන කන එවුන්ව පිළිකුල් කරන්න...බොරුවට පුජකයින්ට වන්දනාමාන කරන දේශපාලකයින් ගෙන් මිදී සැබෑ ලෙසම ධර්මයේ හැසිරෙන දේශපාලකයින්ව හඳුනා ගැනීමට කතෝලිකයින්ට උපදෙස් හා අනුශාසනා ලබා දෙන්න...

:       21       5

Gamini Monday, 05 February 2024 04:05 PM

අපි සජබෙට...!

:       7       1

Ranjith dorakumbura Tuesday, 06 February 2024 08:53 AM

Only AKD

:       6       2

prasanna Tuesday, 06 February 2024 02:34 PM

ඕවා නිකන් හීන විතරයි. ලබන පාරත් තව හොරෙක් රජවේවි...!

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එළවළු මිල ගැන සතුටු හිතෙන වාර්තාවක්
2024 මැයි මස 03 203 0

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.


කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්
2024 මැයි මස 03 476 0

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසරක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ ආපන


ලිට්‍රෝ ගෑස් මිල පහළට
2024 මැයි මස 03 483 1

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නි


සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි
2024 මැයි මස 03 110 0

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු


අයිස් එක්ක ‘හොරා-පොලිස්‘කළ කතුන් දෙන්නෙක් මාට්ටු
2024 මැයි මස 03 602 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්


මා - පිය වලියට දැරිය දිවි පුදයි
2024 මැයි මස 03 1211 1

මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1887 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site