
(අංජුල මහික වීරරත්න)
යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර එකසිය අටකට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය පිළිබඳ පරීක්‍ෂණයත් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනාව එල්ල කරමින් යුද අධිකරණයක් හමුවට පමුණුවා රාජා ද්‍රෝහී චෝදනාවට වරද කරු කොට එවකට 27 වියැති එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915-7-7 වන දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඬුවමට ලක් කරනු ලැබ ඇත.
ඔහුගේ දේහය යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රය පරිසරයක ආදාහනය කර තිබේ.
හෙන්රි පේද්‍රිස් ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව එම ඝාතනය පිළිබඳ සැබෑ තොරතුරු අනාවරණය කරගෙන එතුමාට යුක්තිය ඉටු කිරීම පිණිස අදාළ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88/89 කාලේ ඝාතනය කරපු උන් ගැන හොයන්න කොමිසමක් පත් කලොත් නරකද
අදහස හොදයි. ඒකට සෑහෙන වන්දියක් අයකර ගැනීමට කටයුතු කරන්න පුළුවන් නම් ඉතාමත් හොදයි .ඒ ගමන්ම එංගලන්තයේ රජා ලංකාවෙන් සමාව ගැනීමත් කරනවා නම් හොදයි. කොහොම වුනත් එහෙම පාලනය ගෙන ගිය රජ පවුලේ විනාශය සිදුවෙමින් පවතින බවක් දැන් දැන් පේන්න තියෙනවා
ශතවර්ෂයකට පෙර සිදු වූ මරණයක් ගැන විමසීමට පෙර, කරුණාකර ෂාෆ්ටර් මහතාගේ මිනීමරුවන් සොයා ගැනීමට කාලය ගත කරන්න.
භද්‍ර යෞවනය නිදහස වෙනුවෙන් කැපකළ එතුමා සිරිල් මැතිව් මහතාගේ පරපුරේ ළඟම නෑදෑයෝ... එතුමාට නිවන්සුව ලැබේවා..!
වැට් ගැහිල්ලයි, විකිණිල්ලයි වහගන්න නාටකයක් ගෙනැල්ලා වගේ. ඒ ඇරෙන්න මෙතන වෙන සාධනීය ලක්ෂණයක් පේන්න නෑ. සුද්දෝ, කැප්පෙටිපොළ, පුරන්අප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා ඇතුලු සියලු දෙනා ඝාතනය කළේ එහෙම තමයි. ඒ සේරමත් හොයයිද ?
මෙතුමන්ගේ පරම්පරාවෙන් බොහෝ දේපළ මහජනතාවට පරිත්‍යාග කරලා තියෙනවා. හැව්ලොක් ටවුන්, හෙන්රි පේද්‍රිස් පාර්ක් ඇතුළුව...
පරණ මිනියක් හරි කමක් නෑ මේ වෙලාවේ ගොඩ අරගෙන ලංකාවට කීයක් හරි ගන්න පුළුවන් නම්....මේ අප්පගෙම වැඩ...යකෝ මේ රටේ එකම ප්‍රශ්නෙ ඕක ද
තාජුදීන්, ලසන්ත වික්‍රමතුංග, ඝාතන වල සුල මුල හොයා ගන්න අමාරුය?
පිස්සු විකාර , මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද?
මෙයාලාට පිස්සුද, එහෙම නැත්නම් අපට පිස්සුද කියලා තේරුම් ගන්න බැරිවයි මේ මම ඉන්නේ..? ඔය කියන යුක්තියට වන්දි මුදල් ගෙවන්න වෙන්නේත් මේ රටේ අසරණ ජනතාවටම තමයි... සුද්දන්ගෙන් කප්පම් ගන්න වෙන විදිහක් ඇත්තේම නැද්ද..?
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ සුදු වෑන්, ඝාතන අතුරුදහන්, මිනීමෝරු, කරපු එවුන්, පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න අය ගැනත් හරියට පරීක්ෂණ කරන්න බැරියැ...
ඡන්දය කිට්ටු නිසා ... බයියෝ ටිකට පොඩි නාට්‍යයක්.
ඒ කාලේ ඕවා කරපු අයගේ මී මුණුබුරා කරපු දේවල් ගැනත් හොයන්න.
ඉතිහාසයේ ඇතැම් තැන් නිවැරැදි විය යුතුයි... පම්පෝරිය න්‍යාය කරගත් ඉතිහාසය ගැන සෙවීම හොඳයි. මේ සිද්ධිය ගැන පරීක්ෂණය පවත්වා ඇත්ත හෙලි කිරිම අගයකළ යුතුයි. හැබැයි රටේ තවත් ඝාතන තිබෙනවා... සුද්දට වඩා තිරිසන් විදියට කරපුවා, ඒවා ගැනත් හොයන්න.
විජය කුමාරතුංග, සාගරිකා, ග්‍රාමසේවකවරු .. මරපු ඒවාත් හොයන්න..
හෙන්රි පේද්‍රිස් ඝාතනය කරලා තියෙන්නේ නඩුවක් අහලා වරදකරු වුනාට පස්සේ, ඒ අවුරුදු 108 කට පෙර, 1948 සිට අද දක්වා දස දහස් ගණනක් ජනතාව කිසිම නඩු විභායක් හෝ අඩුම තරමේ චෝදනාවක් නැතුව දස වදදී ඝාතනය කරලා තිබෙනවා. ඒවා ගැන සොයන්න කොමිසමක් දැම්මා නම් මේ දූෂිත පාලකයින්ට එරෙහිව අනිවාර්යෙන්ම චෝදනා ගොනුවෙනවා ඇත.
මහබැංකුව කොල්ලකාපු එකා තවම එවුවද ?
මේ අයට පිස්සු...!
එයට පෙර, තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ වගේ මැත කාලීන මරණ ගැන හොයන්න. මොකද එවාගේ මිනිමරුවෝ ප්‍රසිද්ධියේ ජීවත්වෙනවා...
මේවා තමයි දෙයියෝ සාක්කිවලට දාන්න ඕනේ..!
අවුරුදු 100ක් එපිටට යන්න කලින්... බටලන්ද ගැන පරීක්ෂණ කරන්න ජනාධිපතිතුමාගෙන් අවසර ඉල්ලන්න...!
රාජපක්ෂ හැතිකර පරම්පරාවේ එකෙක් ඕකෙ මුලත් ඉන්නවද බලන්න...?
මේ පරීක්ෂණයෙන් ආණ්ඩුවේ හිතවතුන් පිරිසකට ලොකු වැටුප් ගෙවීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ මහත්තයට නයිට් හුඩ් සම්මානයක් මම දැක්කේ නැහැ. ඔහුව හමුදාව විසින් හඳුන්වනු ලැබුවේ කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ලෙසින්. අන්තර්ජාලයේ ඕනෑ තරම් තොරතුරු තිබේ.
අඩුම තරමින් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ටිකවත් ක්‍රියාත්මක කලොත් නරකද?