ශ්‍රී ලංකාවේ අග නගරය වන ශ්‍රී ජයවර්ධන පුරවරයට අයත් මෙතැනට මීට පෙර ඔබ ගොස් තිබෙන්නට පුළුවන. නමුත් එදාට වඩා අද මෙතැන හාත්පසින්ම වෙනස්ය. මේ වෙනස මොකක්ද? මේ තැන කොතැනද? රාජගිරිය පසුකොට පාර්ලිමේන්තු පාරට සේන්දු වී ටික දුරක් ගිය පසු දියවන්නා වැවේ කොටසක් ලෙස මෙතැන දැකගත හැකියි. හරියටම කිවහොත් වෝටර්ස් ඒජ් තරු හෝටල් සංකීර්ණයට ඇතුළුවන ස්ථානයට මෙහාට වන්නට පිහිටි තැනෙකි. මීට වසර කීපයකට පෙරදී මෙතැන මෙතරම් සොඳුරු වූවේ නැත. නමුත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ සංකල්ප අනුව මෙලෙස පුරවර හැඩ කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී. මේ හැඩවීම, මේ ප‍්‍රතිසංස්කරණයට අනුව තව නොබෝ දිනකින් මෙතැන ඔබ හැන්දෑව ගත කරන සොඳුරුතම තැන බවට තෝරාගන්නවා නොඅනුමානය. මෙම දියවන්නා වැවට අයත් ජලාශය මත පුංචි රුවල් ඔරු, පුංචි යාත‍්‍රා පාව යයි. ඒ දිහා කොතරම් වේලාවක් වුවද බලා සිටිය හැකිය. එතරම්ම සුන්දර වූ දසුන් අප මීට පෙර දැක ඇත්තේ වෙනත් රටවලදීය. මෙම පුංචි රුවල්ඔරු, යාන්ති‍්‍රක බෝට්ටු වලට අමතරව පැඩල් බෝට්ටු, එනම් හංස බෝට්ටු සවාරි යාම සඳහාද යොදවා ඇත. එය පෞද්ගලික සමාගමකට අයත් සේවයකි. මේ සියල්ල වෙතින් හැඩ වී ඇති සුන්දර දියවන්නා ජල තටාකය විටෙක දිස්වන්නේ සිතුවමක් මෙනි. මේ දියවන්නා තටාකය මැද පුංචි දූපත් දෙකක් ඇත. සංචාරකයින්ට ඒ දූපත් වෙත ගොස් මොහොතක් ගත කිරීමේ අවස්ථාවද සැලසෙනු ඇත. ආරක්‍ෂක අංශවලට අයත් සේවක මහතුන්ගේ මහත් පරිශ‍්‍රමය යටතේ මේ දියවන්නා ජල තටාකය මෙලෙස සුන්දර වෙමින් පවතී. වැවක බැම්මට සමාන වූ කණ්ඩිය ඉතා සුන්දර ලෙස තනමින් තිබෙන අතර, බිම් ගඩොල් අතුරා ඇති ඒ මග බෙහෙවින්ම සුන්දරය. එහා කෙළවර සිට මෙහා අන්තය දක්වා ගමන් කළහැකි ඒ දීර්ඝ මං තීරුව අවට පරිසරය සකසා ඇත්තේ සුන්දර උද්‍යානයක හැඩයකටය. ඒ සියලූ සුන්දර දසුන් දැක ගනිමින් ඕනෑතරම් වෙලාවක් මෙහි ගත කිරීමට සිත් ඇති වේ. වෝටර්ස් ඒජ් සතු බෝඞ් වෝක් (Boardwalk) අවන්හල ගිමන් නිවාගැනීමට සොඳුරුතම තැනකි. මෙන්ම ඊටත් වඩා එතැන සුදුසු වන්නේ මෙම සුන්දර දියවන්නාවේ හැඩරුව දැක ගැනීමටය. මෙතැනට ඉහත සඳහන් කළ සියල්ලෙහි අසිරිය දර්ශනය වන අයුරු ඉතා අපූරුය. පුරවර හැඩවෙන මේ සංකල්පය යටතේ මෙම දියවන්නා සුන්දර ජලාශයට මතු දිනෙක සී ප්ලේන් යානා ගොඩබැස්සවීමටද සැලසුම් කර ඇතැයි දැනගන්නට ලැබේ. ඊට අමතරව ඇළ මාර්ග ඉතා පවිත‍්‍ර කොට ඇති අතර, ඒ මං ඔස්සේ බෝට්ටු සේවා පැවැත්වීමටද කටයුතු යොදා ඇත. මේ සියල්ල සමග ඔබට අසිරිමත් සංවර්ධනයක පහස නුදුරේදී වින්දනය කළ හැකි බව නොඅනුමානය. එළඹෙන නිවාඩු සමය මෙන්ම හැන්දෑව සතුටින් නිදහසේ ගත කිරීමට මෙතැන ඔබට යාමට සුදුසු සුන්දරම තැනක් බව අතිශයෝක්තියකින් තොරව සඳහන් කළ හැකිය. (මෙතරම් සොඳුරු මෙම පරිසරය, එක කුණු බිඳක් නොදමා පිවිතුරුව රැකගැනීම ඔබ සතු පවිත‍්‍ර චේතනාවක් විය යුතුමය)
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැන්දෑව සුන්දරව ගතකරන්න...