මහනුවර හන්තාන මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් ආයතනයක් පවත්වාගෙන යමින් එහි සිසුවියන්ට ලිංගික හිංසන සිදුකළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරුවන මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් අද (10) අලුයම 5.30ට පමණ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සිද්ධියේ ප්‍රධාන සැකකරුවන එහි භාරකරු චන්දිමාල් ගමගේ මීට පෙර පොලිස් භාරයට පත්වූ අතර නිමල් පීරිස්ගේ ඇප අයදුම්පත මහනුවර මහාධිකරණය අඟහරුවාදා (10) ප්‍රතික්ෂේප කළේය.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වු සිසු සිසුවියන්ගේ මානසික තත්වය වර්ධනය කර නැවත විභාගය සඳහා සහභාගි කරවීමට මාස 6 ක නේවාසික පාඨමාලවක් පවත්වන බව කියමින් පුවත්පත්වල පළ කළ දැන්විමකට අනුව මෙම සිසුන් අදාළ ආයතනයට බඳවාගෙන ඇති බවද එහි සිදුවන බව කියන අකටයුතුකම් ඉවසා ගැනිමට නොහැකි වු සිසුවියන් සිවු දෙනකු පසුගිය පළමුවැනිදා අලුයම එම ආයතනයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.
මෙහි භාරකරු ලෙස පෙනි සිටි පුද්ගලයා සිසුන්ට දේශන පවත්වා ඇති බවත් වයස 15,16, 17 වන සිසුවියන් 9 දෙනකු ආයතනයේදි හා පිටතදි තමන් ලිංගික හිසාවට ලක්වු බව කියමින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ආදාළ ආයතනයේ පාලිකාව හා අයකැමිවරිය ද සඳුදා (8) අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
මේ පිරිසට දැඩි දඩුවම් දෙන්න.(හේ)
සමාජයේ මහත්වරු ලෙසින් වැජඹෙන අයගේ සැබෑ යථාර්ථය! (නි)
මේවට වගකියන්න ඕනෑ දෙමාපියන්. තමන්ගේ දරුවෝ එක එක්කෙනාට බාරදීලා මෙහෙම බලාඉන්නවද? අද උදේට වැඩට ගිය ගැහැණු ළමයෙක් හවස ගෙදර එනතුරු මොනතරම් අනාරක්ෂිතද? එහෙම එකේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පිට ආයතන වලට මේ වගේ ගැහැණු ළමයි යවනවද? මේක නූගත්කම නොවේ. අනෙක් අය පරයා යන්න තිබෙන උවමනාවයි. මගේ දුව අතන ඉගෙනගන්නවා, මෙතන ඉගෙනගන්නවා කියලා පම්පෝරි ගහන්න තියන උවමනාව. අද සමාජය කොපමණ පිරිහිලාද? මාන්නයෙන් අන්ධවෙලා අම්මා තාත්තට ගෙදර තියාගෙන තමන්ගේ දරුවට උගන්වන්න බැරි නම් රටේ අය කොහොමද ඒක කරන්නේ? මේ වැඩේට ළමයි යවපු දෙමාපියන්ටත් විරුද්ධව නඩු දාන්නයි වටින්නේ, අනෙක් අයටත් හැදෙන්න එක්ක (නි)
ශානගේ කටේ මසුරන් දමන්න ඕනෑ. (නි)
මම දැක්කා මේක විවෘත කිරීමේ උත්සවය. එ්කේ හිටියේ රටේ ලොකු ලොක්කෝ ටිකක්. මේක මොන අපරාධයක්ද? මොන ලැජ්ජාවක්ද? (නි)
සමහර පුද්ගලික රක්ෂණ සමාගම්වලින් වෙච්ච දෙවල් මතකනේ.මෙවැනි පුද්ගලික සියලුම අධ්‍යාපන ආයතන රජයේ ලියාපදිංචිකර පිළිගත් නීතිමාලාවකට යටත් කඵ යුතුයි. (හේ)
ඕනෑම නගරය ට ගියහම පෙනෙනවා, ඒවායේ කොච්චර ළමා වයසේ දරුවන් "ජෝඩු දමාගෙන" ඉන්නවද කියල."අපේ දරුවත් මෙහෙම ඉන්නවද දන්නේ නැහැ" කියලා මව්පිය සිතන්න ඕන. මෙම සිද්ධියේ වැරදි කරුවන්ට තදබල දඬුවම් දියයුතුයි. ඒ වගේම දෙමව්පියන්ටත් තදින් අවවාද කළ යුතුයි, දරුවන් ගැන අවධානය යොමු නොකිරීම පිළිබඳව.(හේ)
නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයි කියා සිතන්න අමාරුයි. නුවර ඕනෑ කෙනෙක් එයා ගෙන කියාවි. තව දවස් ටිකකින් ඕක අමතකවෙලා යයි. ලබන වසරේත් විශිෂ්ටතම ව්‍යාපාරිකයා ලෙස සම්මානත් හිමිවෙන්න පුලුවන් (නි)
මෙම අපරාධයට සම්බන්ධ අයට දෙන දඬුවම ගැන අපි දරුවන් සිටින දෙමාපියන් හැටියට අවදියෙන් සිටිය යුතුයි. මොකද වාර්තාවල හැටියට ඔහු තමයි ළමයි අපයෝජනයට සම්බන්ධ කෙනා., මෙතැනදී පොලීසිය ස්වාධීනව කටයුතු කරන හැටි අපි බලා ඉන්නවා. මෙම දරුවන්ට නීතියේ උපරිම සාධාරණය ඉටුවිය යුතුයි. (නි)
මෝඩ දෙමාපියන් තරඟකාරී අධ්‍යාපන රටාවට එය ලුහුබැඳගොස් කරගත් විනාශයක් (නි)
දෙවියනේ, මොහුට සහෝදරියන් නැතුවාද? කාන්තාවකගේ අගය නොදන්නා නොමිනිසෙක් (නි)
මේ ගොල්ලෝ ඉන්නේ නම් සුදු ඇඳලා. කරන්නේ අන්තිම නරක වැඩ.... (නි)