(කුෂාන් ජයවර්ධන)
මැදවච්චිය හීනකන්ද පළාත සුන්දර කළ වන අලියකු විදුලි සැර වද්දවා මරා දමා ඇතැයි කහටගස්දිගිලිය වන සත්ව අඩවි කාර්යාලය කියයි.
මැදවච්චිය හීනකන්ද ප්‍රදේශයේ වගා බිමක තිබීයදී වන අලියාගේ සිරුර සොයාගෙන ඇත.
අදාළ වගා බිම වටා ඉදිකර තිබූ අනවසර විදුලි වැටක ගැටීමෙන් වන අලියා මෙලෙස මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති වන අලියා වයස අවුරුදු 25ක් පමණ වන එකෙකු බවට අනුමාන කෙරේ. වගා බිමේ ඉදිකර තිබූ එම අනවසර විදුලිවැටෙන් සිදුව ඇති විදුලි සැර වැදීමෙන් එම අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ද වනජීවී නිලධාරීහු පවසති.
මෙම වන අලියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අදාල වගබිම වටා අනවසර විදුලි වැට ඉදිකළ බව කියන පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් මේ වනවිට සැකපිට ප්‍රන කිරීම සදහා අත්අඩංගුවට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා කරුම කරුමක්කාරයින් ඉන්න රටක්. මොලය තියෙන මිනිස්සු ඉන්න රටක මෙහෙම අලි සම්පතක් තිබුණා නම් ඒක නිවැරැදිව කළමනාකරණය කරලා සතුන්ටත් ජීවත්වෙන්න ඉඩකඩ ලබාදීලා සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි ආකාරයට කටයුතු කරලා විශාල ආදායමක් රටට ලබා ගන්නවා. අපේ කාලකන්නින්ට මොනතරම් සම්පත් තිබුණත්, ලැබුණත් හැමදේම ඒ සම්පත් සාපයක් කරගෙන හැමදාම හිඟාකන්න පුරුදු වෙලා. චික් විතරක් මෙහෙම අවාසනාවක්...