(අංජුල මහික වීරරත්න)
මහනුවර ඇති වු ජාතිවාදී ස්වරූපයේ ගැටුම් වල පරික්ෂණ අවසන් වන තුරු හදිසි නීතිය ඉවත් නොකරන ලෙස ආරක්ෂක අංශ රජයෙන් ඉල්ලා තිබේ
ආරක්ෂක මාණ්ඩලික ප්රධානීන්ගේ සහභාගිත්වයෙන් සතිපතා රැස්වෙන ආරක්ෂක සමාලෝචන රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගෙන් කර ඇත.
ජාතිවාදී ස්වරුපයෙන් මහනුවරදී ඇතිවූ ගැටුම්වල පරීක්ෂණ 70%ක් පමණ අවසන් බවත් ඉතිරි පරීක්ෂණ කඩිනමින් අවසන් කරන බවත් ආරක්ෂක ප්රධානීහු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ තිබෙන අවස්ථාවේ ඒ සියල්ල අවසන් වන තෙක් හදිසි නීතිය පවත්වාගෙන යන ලෙස ආරක්ෂක ප්රධානින් අග්රාමාත්යවරයාගෙන් ඉල්ලා ඇත.
ආරක්ෂක අංශ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම විදේශ සංචාරය නිමවා අනිද්දා (17) ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි නීතිය පවත්වාගෙන යන්න වුවමනාව තියෙන්නේ ආරක්ෂක අංශ වලටද, ආණ්ඩුවටද කියලා ප්රශ්නයක් තියෙනවා. කොහොම වුණත් වැඩිකල් හදිසි නීතිය පවත්වාගෙන යන්න ඉඩ දෙන්න බැහැ. ඒක හැකි ඉක්මණින් අහෝසි කළ යුතුමයි.
ඇදගෙන නාලා ඉන්න යහපාලන ආණ්ඩුව දැන් හමුදාවත් විකුණන ගානට ඇවිත්..!
හදිසි නීතිය දිගටම පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම හදිසිනීතිය යටතේ අත්අඩංගුවට පත්ව සිටින රට ගිනිතියපු අය තව බොහෝ කලකට සිරගත කල යුතුයි. තවද, මෙතෙක් අත් අඩංගුවට නොගත් පිරිසත් වහාම අත් අඩංගුවට ගෙන දඬුවම් කල යුතුයි.