IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හදවතේ ලස්සන බාහිර ලස්සනට වඩා මට වටිනවා

සබ්රිනා ඇන්ඩි‍්‍රයා හර්ට් ඇයගේ නමය. ඇයගේ නම අනුව විදේශීය රටක තැනැත්තියක සේ පෙනුන ද, ඇය ශ්‍රී ලාංකීය දියණියකි. සබ්රිනා ඇන්ඩි‍්‍රයා ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ පසුගියදා පැවැති ලක්ස් ශ්‍රී ලංකා රූ රැජිණ තරගයෙන්  පසුවය. එහි දී රූ රැජිණ ලෙස කිරුළ දිනා ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම් ලැබුවේ ඇයයි. කවු ද මේ සබ්රිනා ඇන්ඩි‍්‍රයා? අපි ඇයගෙන් ඒ විස්තර අහමු. සබ්රිනා ජාතික පුවත්පතක පිළිසඳරකට එක් වන පළමු අවස්ථාව මෙයයි. සබ්රිනා ගැන කෙටියෙන් ශ්‍රී ලාංකික යුවළකට දාව සබ්රිනා ඇන්ඩි‍්‍රයා හර්ට් උපත ලබා ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේදීය. වයස අවුරුද්දක් පමණ වෙද්දී සිය පවුල ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සබ්රිනා පසුව අධ්‍යාපන කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකාවේදීය.  වයස 19 පමණ වන විට නැවතත් ඇය  ඕස්ටේ‍්‍රලියා ගොස් ඇත්තේ උපාධිය ලබා ගැනීම සඳහාය. එහි දී මාධ්‍ය සහ සන්නිවේදන අංශයේ උපාධිය ලබාගත් ඇය පසුව චැනල් - 7 රසවාහිනී නාලිකාවේ වසරක පමණ සේවය කර ඇත. ඊට අමතරව එරට අලෙවිකරණ ආයතනයක ද සේවය කර ඇත. ගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇය 21 වැනි සිය වස සඳහා වූ උසස් අධ්‍යාපන ව්‍යාපෘතිය සඳහා බැඳී සේවය කරමින් සිටී.

 

සබ්රිනා ඇන්ඩි‍්‍රයා හර්ට්...

සබ්රිනා දැන් වයස කීය ද? අවුරුදු විසිපහයි.   මේ කරන රැකියාව ගැන සතුටු වෙනව ද? සහතිකෙන්ම ඔව්. උපාධිය ඉවර වෙලා මම  ඕස්ටේ‍්‍රලියාවේ චැනලයකත් සේවය කළා. නමුත් අද මට වුවමනා වී තිබෙන්නේ ශ්‍රී ලංකා රූ රැජින වීමෙන් පසු මගේ සියලූ අධ්‍යාපන සුදුසුකම් සමග ඉදිරියට ගොස් රටට කීර්තියක් ගෙන දීමටයි.   ඇයි මෙහි රසවාහිනී නාලිකාවකට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැද්ද? ඇත්තටම තවම ඒ ගැන හිතුවෙ නැහැ. නමුත් එහෙම සම්බන්ධ වී කටයුතු කරනවා නම්, මම වැඩිපුර කැමැති කාලීන සහ ප‍්‍රවෘත්තිමය අංශයේ වැඩ සටහනක් කිරීමටයි.   රඟපෑමට අවස්ථා ලැබුණොත්? ආස නැද්ද රඟපාන්න? ලන්ඩන් විභාගයට සූදානම් වීමට පෙර නාට්‍යය විෂයයක් ලෙස හැදෑරුවා. පසුව නාට්‍යයක රඟපාලා සම්මානත් ලැබුවා. නිර්මලී හෙට්ටිආරච්චි මහත්මිය තමයි ඒ නාට්‍යය කළේ. එතකොට මම සරසවියට තේරී නැහැ. සරසවියේ දී ක‍්‍රීඩා සහ සංස්කෘතික අංශයේ බොහෝ දේවලට දායක වුණා.   ඔබට සිංහල කතා කරන්න බැරි ද? මට තරමක් දුරට පුළුවනි. වචන එච්චර දුරට උච්චාරණය කරන්න බැහැ. සිංහල විෂයයක් ලෙස හැදෑරුවත් ඉන් පරිබාහිරව අපි නිතරම කතා කළේ ඉංග‍්‍රීසි භාෂාවෙන්. කොහොම වුනත් දැන් මම සිංහල භාෂාව ගැන හොඳින් අවධානය යොමු කරනවා.   කොහොම ද ඔබ ශ්‍රී ලංකා රූ රැජිණ තරගය සඳහා යොමු වුණේ? ඇත්තටම ඒ ගැන හිතකවත් අදහසක් තිබුණෙ නැහැ. ඊට පෙර අධ්‍යාපනයට හිත යොමු කිරීම මිස අඩු තරමින් නිරූපණයට එක් වුණේවත් නැහැ. ඒත් මගේ යෙහෙළියන් තමයි මේ අවස්ථාවට යොමු කළේ. ඒ අය තමයි අයදුම්පත් පවා යොමු කළේ. මට ඒ ගැන කිසිම අදහසක් තිබුණෙ නැහැ. ඒ නිසා මගේ යෙහෙළියන්ට තමයි ස්තුති කරන්න  ඕනෑ. හැබැයි එකක් කියන්න  ඕනෑ. මම මේ තරගයට ඉදිරිපත් වුණේ බාහිර රසය ගැන හිතලා නෙවෙයි. මම නිතරම ගරු කරන්නෙ ඇතුළාන්තයෙන් උපදින හරයටයි. ඒ වගේම ලබන අධ්‍යාපනයටයි. ඇතුළාන්තය ඒ සියල්ලගෙන් ලස්සන වීම බාහිර ලස්සනට වඩා මට වටින බව කියන්න පුළුවනි. මතුපිට විතරක් ලස්සන වීම නිසා එය කැමරාවට විතරක් හොඳ වේවි. ඒත් ඇතුළාන්තයේ ලස්සන හොඳ වෙන්නෙ සමාජයටයි. ලෝක රූ රැුජිණ තරගයට යාමට ලැබීම මා දකින්නෙ රට නියෝජනයට ලැබුණු වාසනාවක් ලෙසයි. එහි දී මගේ වගකීම වන්නේ නිකම්ම වේදිකාව මත කැමරාව ඉදිරියේ පෙනී සිටීම විතරක් නෙවෙයි. රට ගැන මට ලෝකය ඉදිරියේ අරුත්බරව කතා කරන්න වෙනවා. විවිධ අවස්ථා නියෝජනය කරන්න වෙනවා. එහි දී රටට උපරිම ගෞරවනීය බවක් ගෙන දීම තමයි අභිප‍්‍රාය.   ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට උසස් ජයක් ලබා දීමට හැකි වේවි කියලා හිතනව ද? ඒ අරමුණ ඇතිව තමයි ලෝක රූ රැජිණ තරගයට යන්නෙ. එහි දී හැකි උපරිමය කරනවා.   ශ්‍රී ලංකාව ගැන ඔබට කොහොම ද හිතෙන්නෙ? මගේ ළමා කාලය, කුඩා කාලය ශ්‍රී ලංකාවේ ගෙවීමට ලැබීම තමයි ලොකුම පින. නැවත උසස් අධ්‍යාපනයට  ඕස්ටේ‍්‍රලියා ගියත්, මට එහි රැඳී සිටින්න හිත් දුන්නෙ නැහැ. මගේ යාළුවෝ, ගුරුවරු, නෑදෑයින්, හිතමිතුරන් සහ මගේ පවුලේ ඔක්කෝමලා ඉන්නෙ මෙහේ. ඉතින් මෙතැන තමයි මට ලෝකයේ සුන්දරම තැන. තමුන්ගෙ රට තමුන්ගෙ නිවස තරම් සුව පහසු තැනක් තවත් නැහැ. ඒ හැරත් රට වෙනුවෙන් ජාත්‍යන්තර නියෝජනයට වරම් ලැබීම කොච්චර වාසනාවක් ද.   බොහෝ දෙනෙක් කියන්නෙ ඔබ හරියට ජැකලින් ෆර්නැන්ඩස් වගේ කියලයි. මොකද හිතන්නෙ ඒ ගැන? ම්ම්.... ම්.... ඇත්තටම ඇය පුදුම ලස්සන කාන්තාවක්. මම ඇය වගේ කීම මටත් සතුටට කරුණක්. සහතිකෙන්ම ඇය එදා මෙදා තුර මා දුටු ශ්‍රී ලංකා රූ රැජිණන් අතරින් සුරූපිම කෙනෙක්.   ඇය අද බොලිවුඩයේ ජනප‍්‍රිය රංගන ශිල්පිණියක්. ඔබට හොලිවුඩයේ රඟපාන්න ලැබුණොත්? තවම හිතලා නැහැ. ඒත් ඒ වාසනාව ලැබුණොත් ඒක මම මගේ රටට ලබා දෙන ඉහළම ගෞරවය වේවි.   සිංහල චිත‍්‍රපට සහ ටෙලිනාට්‍යවල රඟපාන්න කැමැති නැද්ද? ටෙලිනාට්‍ය බොහෝ දුරට නරඹන්නෙ නැහැ. සිනමාව ගැන කතා කළොත් සංගීතා වීරරත්න මහත්මිය නිසා මට සිනමාව ගැන ලොකු ගෞරවයක් ඇති වුණේ. සංගීතා වීරරත්න මහත්මිය ලක්ස් මිස් ශ්‍රී ලංකා සංවිධායක අංශයේ ප‍්‍රබල චරිතයක් වුණා. ඇය වෙතින් ලබපු උපදෙස් ගුරු හරුකම් ඇත්තෙන්ම හරිම ඉහළයි. ඇය කැමරාවට විතරක් නෙවෙයි, පිටස්තරවත් බොහෝ දැනුම ඇති කාන්තාවක්. ඇය නිකම්ම නිකම්ම නිළියක් නෙවෙයි. ලංකාවට වටිනා චරිතයක්.   ශ්‍රී ලාංකීය කාන්තාව ගැන ඔබට හිතෙන්නෙ කොහොම ද? ශ්‍රී ලාංකීය කාන්තාව නිවසට වඩාත් ලැදි චරිතයක්. ඇය ලෝකයේ අනෙකුත් කාන්තාවන් හා සසඳන විට විශාල කැප කිරීමක් කරන කෙනෙක්. බොහෝ විට බාහිර රසයට වඩා ඇතුළාන්තයෙන් ඇය ලස්සනයි, අර්ථවත්. මේ අර්ථවත් සමස්ත කාන්තාව නියෝජනය කිරීමට ලැබීම මා ලද ගෞරවයක්.   ඔබ ඔබේ ජීවිතයේ වටිනාම චරිතය ලෙස සලකන්නේ කවු ද? කතා දෙකක් නැහැ. ඒ මගේ ආදරණීය අම්මා. මගේ ජීවිතයට වටිනාකම, අරුත, ගෞරවය සියල්ල ගෙන දුන්නේ ඇයයි. මහ පොළවට පය ගහලා ඉන්න සමාජයට ගෞරව කරන්න ඉගැන්නුවේ ඇයයි. මගේ සදාතනික ගෞරවනීය චරිතය ඇයම තමයි.   ඔබ මේ වන විට පෙම්වතියක් ද? ආදරේ ගැන කතා නොකළොත් අඩුවක් වේවි නේද? මට පෙම්වතෙක් ඉන්නවා. ඇත්තටම ආදරය ජීවිතයට අවශ්‍යයි. එකිනෙකා අතර වූ අදහස් ගැලපීම නිසා ආදරයට අරුතක් දෙන්න පුළුවනි. විවාහය තමයි එහි සුන්දරම මොහොත. ඒත් ඊට පෙර මට රටේ ගෞරවය සඳහා මේ ලෝක රූ රැජිණ තරගයෙන් විශාල දෙයක් කළ යුතු වෙනවා. මට පෙර රට ගැන හිතීම මගේ ඒකායන පරමාර්ථයයි.

සටහන,ඡායාරූප - සඳුන් ගමගේ  / හැඩගැන්වීම්: සැලෝන් Kess ආයතනයේ ප‍්‍රභාත්



අදහස් (0)

හදවතේ ලස්සන බාහිර ලස්සනට වඩා මට වටිනවා

ජයරත්නන Saturday, 15 September 2012 11:21 PM

ඔයාගේ කතාව ඇත්ත තමයි..!(නු)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:19 PM

මේ වගේ ලස්සන ගෑණු ළමයෙක් එක්ක යාලු වෙන්න ලැබුනොත්.... ආව් අම්මා.... (නි)

:       0       0

විශ්ව Thursday, 20 September 2012 09:38 PM

අම්මපා කතාව ඇත්ත. (නි)

:       0       0

නුවන් Tuesday, 02 October 2012 10:04 AM

මටනම් කිසිම ලස්සනක් පෙන්නේ නෑ .(ස)

:       0       0

රුක්ෂලා Monday, 10 September 2012 07:11 AM

ඇත්තටම ඔයා ලස්සනයි අක්කි! (නි)

:       0       0

හිමේෂා Tuesday, 25 September 2012 09:27 AM

ඔයා ලස්සනයි, ඒත් ඔයා ජැක්ලින් වගේ කියනවනම් කවුරු හරි ඒක මහා බොරුවක් (ස)

:       0       0

අසේල Tuesday, 02 October 2012 09:04 PM

ලස්සන කියන දේ කන්නද? (නි)

:       0       0

සමන් Wednesday, 19 September 2012 06:28 AM

එයා ඇත්තටම ලස්සනද? (නි)

:       0       0

දුමින්ද Monday, 10 September 2012 08:35 AM

සුභ පැතුම් ,ඔබේ අධ්‍යාපනික දැනුම තුලින් සේවයක් ලබා දෙන්න...(ස)

:       0       0

සමන් Monday, 10 September 2012 02:39 PM

වක්කලී මෙ කුණු ශරීරය දෙස බැලීමෙන් ඔබට ඇති පලය කිම මෙය දොරටු නවයක් ඇති අසූචි කලයකි 'බුදුන් වහන්සේ' .(ස)

:       0       0

නිහාල් Sunday, 09 September 2012 06:18 PM

මටනම් ලස්සන ඔයා‍ගේ බාහිර‍ පෙනුම තමයි...(ස)

:       0       0

පනාගොඩ ඕස්ට්‍රේලියා Sunday, 23 September 2012 02:30 AM

අවුරුදු දහටඅටක් ලංකාවෙ ඉදලත් සිංහල බැරිලු.. අපේ ළමයි උපන්දා ඉදලා ඉන්නේ මෙහෙ.. ඔය අගේට සිංහල කතා කරන්නේ..(නු)

:       0       0

බන්ඩාර Tuesday, 18 September 2012 09:28 AM

මෙයා ජැකලින් වගේ කියලා කියන කව්ද ? (ස)

:       0       0

රියාස් Tuesday, 02 October 2012 04:33 PM

ඔයා නම් හරිම ලස්සන ගැහැණු ළමයෙක්. (නි)

:       0       0

දිල්ෂානි Sunday, 09 September 2012 06:40 PM

අපේ ගම්වල හරිම ලස්සන යුවතියන් ඉන්නවා.නමුත් සල්ලිකාරයන්ගේ දූලා තමයි මේවගේ තරඟ වලින් දිනන්නේ..හැමදේම මුදල් වලට...(ස)

:       0       0

ශාන් Saturday, 13 October 2012 09:11 PM

සිංහලවත් බැරි අය රට නියෝජනය කරන්නේ කොහොමද අනේ මන්දා අනේ කාලේ වනේ වාසේ කිව්වලු..!(නු)

:       0       0

ශාන් Saturday, 13 October 2012 09:11 PM

අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)

:       0       0

සුරංජිත් Saturday, 13 October 2012 09:11 PM

ලංකාව නියෝජනය කරන්නේ සිංහලත් බැරි අයනේ..!(නු)

:       0       0

මනම්පේරි Sunday, 09 September 2012 06:56 PM

ඇත්තටම මෙයා අපේ මව් බිමට වාසනාවක්‍...(ස)

:       0       0

චානක Wednesday, 03 October 2012 09:47 PM

හොදයි. (නි)

:       0       0

බින්සර Monday, 17 September 2012 10:59 AM

ඒ කතාව ඇත්ත

:       0       0

බණ්ඩාර Monday, 17 September 2012 11:06 AM

සහතික ඇත්ත

:       0       0

චානක Wednesday, 03 October 2012 09:54 PM

හොදයි. (නි)

:       0       0

චානක Wednesday, 03 October 2012 09:56 PM

ගොඩක් ලස්සන කෙනෙක්. (නි)

:       0       0

කපිල Tuesday, 11 September 2012 12:40 PM

උණුසුම් සුභ පැතුම් (ස)

:       0       0

විකී Monday, 10 September 2012 11:02 AM

අදහස් ගොඩක් හොදයි ඉස්සරහට වැඩත් ඒ වෙග්ම උනොත් හොදයි. අපේ උණුසුම් සුභ පැතුම් .(ස)

:       0       0

ලාල් ගලබඩ Monday, 17 September 2012 01:38 AM

ඔබ ඉතාමත්ම ලස්සනයි. කවදාද ඉතාලියට එන්නේ? (නි)

:       0       0

හේමන්ත Sunday, 09 September 2012 09:28 PM

උඩින් උඩින් දෙපා තබා‍ මඩින් මිදී‍ සුරංගනාවියෝ‍‍‍‍‍‍.... මුඩුක්කුවෙන් බසිත්...‍‍‍.(ස)

:       0       0

මධු Thursday, 13 September 2012 11:05 AM

හදවතේ ලස්සන හැමදාම තියෙනවා

:       0       0

මධු Thursday, 13 September 2012 11:12 AM

රටට කීර්තියක් අරන් දෙන්න කලින් මුලින්ම සිංහල දැනගත්තොත් හොදයි.! සිංහලවත් කතා කරන්න බැරි අය තමයි දැං රට නියෝජනය කරන්නෙ..!(නු)

:       0       0

අමරා Monday, 10 September 2012 04:38 PM

සංවර ඇදුම් අදිනවා නම් තමයි අපි කැමති. (නි)

:       0       0

නිමේෂා Thursday, 27 September 2012 12:14 PM

ජැකී‍ගේ ලඟින්වත් තියන්න බෑ‍‍‍.. (ස)

:       0       0

මර්සි Thursday, 13 September 2012 11:15 AM

හදවත ගැන කියන්න යනවා.... මොකටද මගේ කට... (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:59 PM

ලස්සනයි නේ..(ස)

:       0       0

ජයතිලක Sunday, 09 September 2012 11:34 PM

ඔබ දක්ෂ හැකියාවන් ඇති කෙනෙක් බව පේ‍නවා..එම හැකියාවන් දියුණුවට පත්ව ශ්‍රී ලංකා නාමය බබළවන්නට මාගේ සුභ පැතුම්‍‍...(ස)

:       0       0

ලරි Friday, 14 September 2012 03:48 PM

ඇත්තටම සතුටුයි (දී)

:       0       0

දිසානායක Monday, 10 September 2012 05:35 PM

ලස්සන රුපයක් (දී)

:       0       0

නෙරංජන් Monday, 10 September 2012 12:10 AM

අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 11:18 AM

සබ්රිනා ඔයා හරිම ලස්සනයි. අනේ ඔයා වගේ කෙනෙකුට ආදරය කරන්න තියෙනවා නම් මම මොන තරම් ලොකු වාසනාවන්තයෙක්ද? ඒත් මේ චූටි කෙල්ලෝ අපි වයස වැඩි නිසාද කොහෙද අපිව නොසලකා තරුණ කොල්ලෝ පස්සේම යනවනේ.එකයි මගේ හිතට අමාරු. මේ වගේ තරුණ ලස්සන කෙල්ලෙක් ලැබෙනවා නම් මුළු ජීවිත කාලයටම කොයි තරම් හොඳද? (නි)

:       0       0

මාලක Monday, 10 September 2012 03:26 AM

මෙහේ ඉන්න අය මාලු ඔරුවල හරි නැගලා ඕස්ට්‍රේලියා යන්න දගලනවා. මෙයා ඕස්ට්‍රේලියාවේ ඉන්න බැරුව මෙහේ ඇවිල්ලා. අයියෝ සල්ලි කිවුවලු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 502 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site