හෙද හෙදියන්ට පවතින වෘත්තීය ගැටලූ සඳහා වසර ගණනාවක් තිස්සේ විසඳුම් ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පා හෙට (7) සිට විරෝධතා දෙසතියක් ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
පවතින ව්‍යවස්ථාවේ ඇති ගැටලූ නිවැරදි කරමින් නව හෙද ව්‍යවස්ථාවක සැකසීම, හෙද හෙදියන්ගේ වැටුප් විෂමතා ඉවත් කර හිග වැටුප් ලබාදීම, වසර 5න් 5ට උසස් වීම් ලබාදීම, අතිකාල ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටලූ විසඳීම ආදී වශයෙන් වසර ගණනාවක් තිස්සේ කළ ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් ලැබී නැති බැවින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහෙයවන අදිසි හස්තය කාගේද? (බ)
මේ අය හෙදි පුහුණුවෙන් පසු දීවූරුම් දී තිබෙන්නේ විරෝධතා පවත්වන්න මිසක් අසරණ රෝගීන්ට හෙදකම් කරන්න නෙමෙයි. තවත් පුද්ගලික රෝහල් බිහිවේවා...(බ)
කොහොම කොහොමහරි මේ ආණ්ඩුව පෙරළාගන්නමයි බලන්නේ (නි)
අපේ රටේ ගොඩදෙනෙක් හිතන් ඉන්නේ හෙදියන් ගොඩක් ලෙහෙසි පහසු සේවාවක් කරනවා කියලා. ඒ අය දිවුරුම් දෙනවට වඩා සේවාවක් ඉස්පිරිතාල වල කරනවා. නිවාඩු නැහැ. බෝනස් නැහැ. වැඩ දිගටම. දොස්තරලත් වැඩ බාරදීලා යන්නේ ඒ අයට. ආණ්ඩුවේ වැඩියෙන්ම වැඩ කරලා අඩුවෙන්ම පඩි ගන්නේ හෙදියන් (නි)
අනේද කියන්නේ. දැන් ආණ්ඩු දෙකක් හිටියා. දැනුයි මතක් වෙලා තියෙන්නේ විරෝධතා පවත්වන්න. ඉතින් ගෙදරට වෙලා ඉන්න පුළුවන්නේ. (නි)
මෙයාලා ඉතින් හොඳින්ම කරන්න දන්නෙ විරෝධතානේ (නි)
අනේ ඉතින් එයාලටත් නිවාඩුවක් එපායැ (නි)
අනෙක් සභාපතිලා ලොකු ලොක්කන් ගෙන්නලා ෂේප් වෙන්න වගේ යන හින්දා සටනක් දෙන්න ඕනෑ කියලා හිතෙන්න ඇති. (නි)
ඇයි අර මේල් නර්ස් නැද්ද? (බ)