(අංජුල මහික වීරරත්න)
කෝවිඩ් දීමනා සහ සහන කප්පාදුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් නොලැබීම නිසා හෙට (27)වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
හෙද නිලධාරීන් හෙට(27) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වී විරෝධතා සහ උද්ඝෝෂණ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නිසි පහසුකම් ලබා නොදීම ,කොවිඩ් වසංගතය අවසන් වනතුරු රුපියල් 7500 දීමනාව අඛණ්ඩව ලබා නොදීම ,අතිකාල නිවාඩු ගෙවීම් සීමාවන් ඉවත් නොකිරීම ඇතුළු කරුණු අටක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් ගාණකට මන්ත්‍රී කෙනෙක් වෙලා ඉතා විශාල මුදලක්, වටිනා කාර් පර්මිට් එකක් ගත්තු වෘත්තිය සමිති නායකයින්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?. මේවා දැකලා තමයි ස්ටාලින් ගොයියත් ෆෝම් වෙලා ඉන්නේ...
මේ වගේ ආත්මාර්ථකාමී අය තමයි අන්තිමට මිනිස්සුන්ට උපදෙස් දෙන්න එන්නේ...
ලංකාවට මොනවා වෙනන යනවද මන්දා
කලදුටුකළ වල ඉහගන්න හදන මේ වගේ පාහරයින් කූඩු කළොත් නරකද?
මෙයා කරන්නෙම ඔය වගේ දේවල් තමයි. කතාකරන්නේ ලොකුවට මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන. ඒ වුණාට කරන්නේ දුප්පත් අපිව අමාරුවේ දාන වැඩමයි.
කොහොමද මෙයාගේ වැඩ.
හෙදියො විතරයි මේ රටේ ඉන්නේ වගේ මෙයාලගේ කතාව. මහ උද්දච්ච කොටසක්. 7500 ක දිමනාවක් ඉලල්නවා. මාසෙ ්පඩිය 7500 නැති මිනිස්සු කොච්චර ඉන්නවද? මෙයාලගේ පඩි ලක්ෂ ගනන්.
සේවා අවශ්‍යතාවයන් කඩ වන විටක වර්ජනය කිරීම සේවක අයිතියකි. එහෙත් වර්ජනය කර එම කාලයට අයිති වැටුපද ලබා ගැනීම ඉතා අසාදරණයකි. වර්ජයන කරන්නේ නම් එම කාලයට වැටුපද වර්ජනය කල යුතු වේ. ආණ්ඩුව සේවක වර්ජන යතිය පිල්ගනු ලබන අතරම, වර්ජනය කරන කාලයට වැටුප් ගෙවීමද නතර කල යුතුය. එවිට වාතයක් ගිය විටද කරන වර්ජන නතර වනු ඇත.
එහෙමනම් ඉතිං ගුරුවරුන්ගේ ඉල්ලීම ඉතාම සාධාරණ යි.
මෙයාලා කොවිඩ් වැඩි වෙනවට කැමති නැහැ ඒතකොට වැඩ වැඩි වෙන නිසා. හැබැයි කොවිඩ් ඉවර වෙනවටත් කැමති නැහැ ඒතකොට කොවිඩ් දීමනාව අහිමි වෙන නිසා. ඒ්ක නිසා ආණ්ඩුව කොවිඩ් සාර්ථකව පාලනය කරන බව පෙනුන ගමන් ඒ්ක වලක්වන්න මොකක් හරි වෘත්තීය උප්පරවැට්ටියක් යොදා ගන්නවා. ඊට පස්සේ කොවිඩ් වැඩි වුනාම ආණ්ඩුවට දොස් කියන්න දේශපාලන උප්පරවැට්ටියක් යොදාගන්නවා. ආණ්ඩුව තමයි ගුරු උද්ගෝෂණයට දීමනාවක් දීලා මේ අයට උත්තේජනයක් දුන්නේ. බලන්නකො රට විවෘත කරපු ගමන් පෞද්ගලික බස්, දුම්රිය, තැපැල්, ඒකී මෙකී නොකී හැමෝම චන්ඩි වගේ පාරට බහින හැටි.